"සෙප්ටිමියස් සෙවේරුස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
2 පේළිය:
 
තනතුරුධාරී අධිරාජයා [[ඩිඩියුස් ජූලියානුස්]] බලයෙන් පහකොට මරාදැමීමෙන් පසුව, තනතුරුට හිමිකම් පෑ ඔහුගේ විරුද්ධවාදීන්වූ, [[පෙෂනියුස් නයිජර්]] සහ [[ක්ලොඩීයස් ඇල්බයිනස්]] නමැති සෙන්පතිවරුන් හා සෙවේරුස් සටන් කලේය. [[රෝමානු චිලීචා|චිලීචාහී]] පැවති [[ඉසස් සටන (194)|ඉසස් සටනෙහිදී]] නයිජර් පරාජය කෙරුණේ වසර 194 දීය.<ref name="Birley 1999, p. 113"/> එම වසරේ පසු භාගයේදී, නැගෙනහිර දේශසීමාවෙන් ඔබ්බට කෙටි දාණ්ඩිත යුද්ධ ක්‍රියාන්විතයක් මෙහෙයවූ සෙවේරුස්, නව පළාතක් ලෙසින් [[ඔස්රොයිනෙ| ඔස්රොයිනෙ රාජධානිය]] ඈඳා ගත්තේය.<ref>බර්ලි (1999), පි.&nbsp;115.</ref> වසර තුනකට පසුව, [[රෝමානු ගොල් දේශය|ගොල් දේශයෙහිදී]] පැවති [[ලූග්ඩුනුම් සටන| ලූග්ඩුනුම් සටනේදී]], සෙවේරුස් විසින් ඇල්බයිනස් පරාජය කෙරිණි.<ref>බර්ලි (1999), පි.&nbsp;125.</ref>
 
බටහිර පළාත් තුල ඔහුලේ පාලනය තහවුරු කරගැනීමෙන් අනතුරුව, [[පර්තියානු අධිරාජ්‍යය|පර්තියානු අධිරාජ්‍යයට]] එරෙහිව, කෙටි නමුත් වඩාත් සාර්ථක යුද්ධයක් නැගෙනහිර දිගෙහි මෙහෙයවූ සෙවේරුස්, වසර 197දී, ඔවුන්ගේ අගනුවර [[කතෑසිෆොන්]] ඉවත් කරමින් නැගෙනහිර දේශසීමාව [[ටයිග්‍රස්]] දක්වා දිගු කර ගති.<ref>බර්ලි (1999), පි.&nbsp;130.</ref> තවදුරටත්, [[ඇරබියා පෙට්‍රයියා]] පළාතේ පිහිටි ''[[ලයිම්ස් ඇරබිකුස්]]'' බලකොටුව පුළුල් කොට තවද ශක්තිමත් කලේය.<ref name="Birley 1999, p. 134">බර්ලි (1999), පි.&nbsp;134.</ref> 202 වසරෙහිදී, [[ගැරමන්ටෙස්]] වරුනට එරෙහිව, ඔහු අප්‍රිකාවෙහි සහ [[මොරිටේනියාව|මොරිටේනියාවෙහි]] මෙහෙයුම් දියත් කලේය; රහිදී ඔවුන්ගේ අගනුවර [[ජෙර්මා|ගැරමා]] අත්පත් කර ගෙන, අධිරාජ්‍යයෙහි දකුණු දේශසීමාවෙහි පිහිටි ''[[ලයිම්ස් ට්‍රිපෝලීටානුස්]]'' බලකොටුව පුළුල් කෙරිණි.<ref>බර්ලි (1999), පි.&nbsp;153.</ref>
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/සෙප්ටිමියස්_සෙවේරුස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි