"පටිච්චසමුප්පාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
7 පේළිය:
* '''[[විඤ්ඤාණ]]''' - ඇස, කණ, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ආයතනයකට අරමුණක් පැමිණි විට එහි හටගන්නා සිතයි; විශේෂයෙන් දැන ගන්නේ යන අරුතින් විඤ්ඤාණය නම් වේ<ref>
'''කිඤ්‌ච, භික්‌ඛවෙ, විඤ්‌ඤාණං වදෙථ? විජානාතීති ඛො, භික්‌ඛවෙ, තස්‌මා 'විඤ්‌ඤාණ'න්‌ති වුච්‌චති. කිඤ්‌ච විජානාති?'''
පින්වත් මහණෙනි, විඤ්ඤාණය යැයි කියන්නේ කුමක් නිසා ද? පින්වත් මහණෙනි, විශේෂයෙන් දැනගන්නවා යන අරුතෙනු යි විඤ්ඤාණය කියා කියන්නේ. කවර දෙයක් නම් විශේෂයෙන් දැන ගනි යි ද?
'''අම්‌බිලම්‌පි විජානාති, තිත්‌තකම්‌පි විජානාති, කටුකම්‌පි විජානාති, මධුරම්‌පි විජානාති, ඛාරිකම්‌පි විජානාති, අඛාරිකම්‌පි විජානාති, ලොණිකම්‌පි විජානාති, අලොණිකම්‌පි විජානාති. විජානාතීති ඛො, භික්‌ඛවෙ, තස්‌මා 'විඤ්‌ඤාණ' න්‌ති වුච්‌චති'''
ඇඹුල්බවත් විශේෂයෙන් දැන ගන්නවා, තිත්තබවත්..., කටුකබවත් ..., මිහිරිබවත්..., කර රසයත්..., කර රස නැති බවත්..., ලුණු රසයත්..., ලුණු නො වන රසයත් විශේෂයෙන් දැන ගන්නවා. පින්වත් මහණෙනි, විශේෂයෙන් දැනගන්නවා යන අරුතෙනු යි විඤ්ඤාණය කියා කියන්නේ.
සංයුත්‌තනිකායො→ඛන්‌ධවග්‌ගො→ඛන්‌ධසංයුත්‌තං→ඛජ්‌ජනීයවග්‌ගො→ඛජ්‌ජනීයසුත්‌තං[http://www.tipitaka.org/sinh/cscd/s0303m.mul0.xml#M2.0072]</ref>
* '''[[නාම රූප]]''' - නාම ධර්මයන් (වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර) සහ [[සතර මහා භූත|සතර මහා භූතයන්ගෙන්]] සකස් වූ රූපය; ආයතන සියල්ලෙහිම තැනුම් ඒකකය මෙය යි
* '''[[සළායතන]]''' - ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියන් සය ම භව පැවැත්ම ඇති කරන ලෙස සැකසී ඇති බැවින් ආයතන නම් වේ<ref>සංයුත්‌තනිකායො→සළායතනවග්ගො→සළායතනසංයුත්‌තං</ref>; මෙම සය '''අභ්‍යන්තර''' ආයතන යි<ref>සංයුත්‌තනිකායො→සළායතනවග්ගො→සළායතනසංයුත්‌තං→අනිච්‌චවග්‌ගො→අජ්‌ඣත්‌තානිච්‌චසුත්‌තං [http://www.tipitaka.org/sinh/cscd/s0304m.mul0.xml#para1]</ref>; ඒවාට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, සිතිවිලිඅරමුණු (මනසට අරමුණු වන දේ; '''ධම්ම''') '''බාහිර''' ආයතන <ref>සංයුත්‌තනිකායො→සළායතනවග්ගො→සළායතනසංයුත්‌තං→අනිච්‌චවග්‌ගො→බාහිරානිච්‌චසුත්‌තං[http://www.tipitaka.org/sinh/cscd/s0304m.mul0.xml#para4]</ref> නම් වේ.
* '''[[ස්පර්ශය|ඵස්ස]]''' (ස්පර්ශය) - ආයතනයකට අරමුණක් ලැබුණ විට එහි හටගන්නා සිත ඒ සමඟ එක් වීම යි; එවිට අරමුණ නිසා ඇතිවන
** සැප, සොම්නස්, දුක්, දොම්නස් හෝ මැදහත් බවක් ඇත් ද ඒ පිළිබඳ දැනීමක් ඇතිවේ; එකල සැප, දුක සහ නොදුක් නොසැප (අදුක්ඛමසුඛ) යන විඳීම් ඇති වේ
14 පේළිය:
{{center|බුදු දහමේ එන ස්පර්ශය (ඵස්ස) සිංහල බසෙහි පහස යන අර්ථයෙන් නොයෙදේ}}
* '''[[වේදනාව]]''' - ස්පර්ශය නිසා හට ගැනෙන සැප, දුක සහ නොදුක් නොසැප (අදුක්ඛමසුඛ) විඳීම යි
* '''[[තණ්හාව]]''' - සැප, දුක සහ නොදුක් නොසැප යන සියළු විඳීම් ගැන නොනුවණින්([[අයෝනිසෝමනසිකාරය|අයෝනිසෝමනසිකාරයෙන් යුතුව]]) සිතීම නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ සිතිවිලි (මනසට අරමුණු වන දේ) යන්නෙහි යම් ආස්වාදයක් ඇත් ද ඒ කෙරෙහි සිත ඇලී යයි (නන්දිරාග සහගතෝ); මෙය ම තණ්හාව වේ. එනම් [[කාම තණ්හා]], [[භව තණ්හා]] සහ [[විභව තණ්හා]] යනාදිය යි.
* '''[[උපාදාන]]''' - තණ්හාවෙන් යුතුව අරමුණු සොයන්නා එය ලැබුණු විට අගය කරන්නට ගනී (විනිච්ඡයෝ); එකල විඤ්ඤාණය එම අරමුණු ම ඇසුරු කරමින් ම පවතී; එනිසාම රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන [[පංච උපාදානස්කන්ධය|පංච උපාදානස්කන්ධයට]] ගැන කැමැත්තෙන් ම ඇලී යයි (ඡන්දරාග); මෙසේ කෙළෙසුන් ට බැඳී යාම උපාදානය යි.
* '''[[භවය]]''' - බැඳී ගිය සිතින් [[චේතනා]] පහළ කරන විට කර්ම සකස් වනුයේ යම් ධාතුවක (කාම, රූප, අරූප යන) උපත පිණිස විපාක දෙන ආකාරයෙනි. මෙය භවය යි.
* '''[[ඉපදීම|ජාති]]''' - සත්වයකු (එනම් තණ්හාව නොඇල්මෙන් ඉතිරි නැතිව නිරුද්‍ධ වී නොමැති අයෙක්) මරණයට පත් වන විට සකස් වී ඇති භවයට අනුකූලව ඉපදීම ජාතියයි. විපාක දුන් කර්මයට අනුකූලව පංච උපාදානස්කන්ධ පහළ වීමත් (ඛන්ධානං පාතුභූතෝ), ආයතන සයක් ලැබීමත් (ආයතනං පටිලාභෝ) සිදු වන්නේ ජාතිය සමඟ යි.
"https://si.wikipedia.org/wiki/පටිච්චසමුප්පාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි