"රෙනේ ඩෙකාට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
35 පේළිය:
කාතීසියානු සැකය ගැන කියැවෙන්නේ 1637 දී ලියන ලද "විධික්‍රම ගැන සංවාද" සහ 1642 දී ලියන ලද "භාවනා" යන කෘති වලිනි.
 
'''පළමු දර්ශනයේ භාවනා''' කෘතියෙන් ඩෙකාට් ඉදිරිපත් කරන්නේ මෙතෙක් පිළිගත් ඥාන විභාග පදනම් කඩා බිඳ දමා අලුතින් සැකිල්ලක් ගොඩ නඟනා ආකාරයයි. ''[[සංශය|'''රැඩිකල් සැකය''']]'' නම් විධි ක්‍රමයක් ගෙනෙන ඩෙකාට් සියල්ලක් ම සැකයට පාත්‍ර කළ යුතු යැයි කීවේය. සැකයට පාත්‍ර කළ හැකි සියල්ලක් ම හේ සැක කළේය. තර්කානුකූලව සැකයට පාත්‍ර කළ නොහැකි ප්‍රස්තුතය ඥාන විභාගයේ පදනම වේ යැයි හේ කීවේය. සියල්ල සැක කරන ඔහුට ඒ සියල්ල සැක කරන තමන් ඉන්නා බව සැක නැතැයි පෙනින. එනම්, මගේ පැවැත්ම ගැන සැකයි කියන්නා ද, සැකයෙන් තොරව පැවැත්මකින් තමා ඉන්නා බව ඔප්පු කර ඇතැයි හේ දැකීය.
 
සිරුරෙහි පැවැත් ම ගැන සැකයක් තිබුණ ද, සිතුවිලි ගලා එන සිතෙහි පැවැත්ම සැකයකින් තොර යැයි ඩෙකාට් විස්තර කළේය. ස්වීය යනු සවිඥානික බව යැයි එයින් ඔහු පහදා දුන්නේ ය. ඒ නිසා තමා යනු තමාගේ මනස යන්නත් ඒ දෙකම එකක් ම වන්නේ ය යන්නත් හේ කීය. මෙහි දී ඔහු ස්වීය, අනන්‍යතාවය, භාවාර්ථ සහ දෙවියන්වහන්සේ යන සංකල්ප මනසේ හටගන්නා ඊට සහජ වූ අදහස් යැයි තීරණය කරයි. දෙවියන්වහන්සේ යන්න මනසට සහජ වූ අදහසක් නම්, එය ඔප්පු කර පෙන්විය හැකි නම්, එහි දී තම ආත්මීයවාදයෙන් බැහැරකින් වූවක් ගැන කතා කරන්නට පියවරක් ගත හැකි යැයි ඔහු පෙන්වා දෙයි. එහෙත් දෙවියන්වහන්සේ ගැන වූ අදහස තම මනසේ රෝපණය කරන ලද්දේ පිටතින් පැමිණි පාපකාරී සතුරෙක් යැයි දැන ගන්නේ කෙසේ ද යන්න ඊ ළඟට ඔහුට මුහුණ දෙන්නට වූ ගැටළුවයි. දෙවියන්ගේ පැවැත්ම ඔප්පු කරනු පිණිස, තම මනසට පිටතින් අදහසක් ගෙනා පාපකාරී හතුරෙක් නැතැයි ඔප්පු කරනු පිණිස ඩෙකාට් තර්කයක් ගෙන එයි.
"https://si.wikipedia.org/wiki/රෙනේ_ඩෙකාට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි