"කාලගුණ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
23 පේළිය:
මෙය වනවිද්‍යාව, උද්‍යාන පාලනය සහ සත්ත්ව නිෂ්පාදනයට ද සම්බන්ධ ‍වේ. කෘෂිකාලගුණ විද්‍යාඥයකුට කාලගුණ විද්‍යාව පිළිබඳ මනා දැනුමක් පමණක් නොව ශස්‍යවිද්‍යාව, පැලෑටි කායික විද්‍යාව, පැලෑටි සහ සත්ත්ව ව්‍යාධි වේදය යන මේවා පිළිබඳ දැනුමක් ද සාමාන්‍ය කෘෂිකාර්මික පරිචයන්ට අමතරව දැනගෙන සිටිය යුතුය. ඉන්දීය කෘෂිකර්මය මෙන් යම් වැසි මත යැපෙන අතර එම වැසිවල වෙනස් කම් පවතින නිසාත් කාලගුණ විද්‍යාවේ මෙම අංශය [[ඉන්දියාව|ඉන්දියාවට]] විශේෂයෙන් අදාළ වේ.
 
බෝග වගාබිම්, සතුන් ඇති කිරීම සහ විවිධ කෘෂිකාර්මික මෙහෙයුම් යන මේවා කෙරෙහි කාලගුණය සහ දේශගුණය බලපාන ආකරය පරික්සීමපිරික්සීම කාලගුණ විද්‍යාවේ මේ අංශයෙන් සිදු කෙරේ. කුඩා අවකාශ පරිමාණයන්හි හට ගන්නා වායුගෝලී ජෛවගෝලීය ක්‍රියාවලී පිළිබඳවත් සාපේක්ෂ වශයෙන් කෙටි කාල සීමා තුළ සිදුවන ක්‍රියාවලි පිළිබඳවත් කරුණු විදහා දක්වන කෘෂිකාර්මික කාලගුණ විද්‍යාවේ ශාඛාව. ක්ෂුද්‍රකාලගුණ විද්‍යාව යනුවෙන් දැක්වේ. ශාක ආශ්‍රිත පරිසර පද්ධතිවල දී එය බෝග ක්ෂුද්‍රකාලගුණවිද්‍යාව යනුවෙන් ද සතුන් පිළිබඳ මෙහෙයුම්වලදී එය සත්ත්ව ජෛව ක්ෂුද්‍ර කාලගුණ විද්‍යාව යනුවෙන් ද හැඳින්වේ. බොහෝ කාලයක් පුරා සහ අවකාශ පරිමාණ පුරා ඇතිවන ක්‍රියාවලී , බලපෑම් සහ දේශගුණික සාධක පිළිබඳ කරුණු දක්වන අංශය බොහෝ විට කෘෂිකාර්මික දේශගුණ විද්‍යාව යනුවෙන් හැඳින්වේ. [[දේශගුණ විද්‍යාව]], [[ක්ෂුද්‍රකාලගුණවිද්‍යාව]] යන මේවා ද බලන්න.
 
=== විෂය ක්ෂේත්‍ර ===
කෘෂිකාර්මික කාලගුණවිද්‍යාවකාලගුණ විද්‍යාව හෝ කෘෂිකාලගුණ විද්‍යාව සලකා බලනුයේ බොහෝ විට [[ජීව විද්‍යාව|ජීව විද්‍යාත්මක]], [[භෞතික විද්‍යාව|භෞතික]] සහ [[සමාජ විද්‍යාව|සමාජ විද්‍යාවන්]] පිළිබඳ අවබෝධයක් අවශ්‍ය කරන විෂයයන් ය. ගැඹුරුතම ශාක මුල් වැඩෙන පසේ ගැඹුරෙහි සිට බීජ, සියුම් බීජ, පරාග සහ කෘමීන් හමුවන වායුගෝලීය මට්ටම් දක්වා වන ක්‍රියාවලීන් මෙයින් අධ්‍යයනය කෙරේ. කෘෂිකාර්මික කාලගුණ විද්‍යාඥයෝ සිරිත් ප්‍රකාර බොහෝ විෂය ක්ෂේත්‍රවල විද්‍යාඥයන් සමග අන්‍යෝන්‍ය සම්බන්ධකම් පවත්වා ගනිමින් ක්‍රියා කරති.
 
=== නිරීක්ෂණ ===
කෘෂිකාර්මික කාලගුණ විද්‍යාඥයෝ කාලගුණ හා දේශගුණ දත්ත එකරැස් කර ගෙන ශාක සහ සතුන් ද ඔවුන්ගේ වායුගෝලීය පරිසරය අබෝධ කර ගැනීමට අවශ්‍ය කරන එම දත්ත පිළිබඳ අර්ථනිරූපණ දක්වයි. කෘෂිකර්මය බුක්තිවිඳින සම්පත් කළමාකරණයකළමණාකරණය සඳහා ද කෘෂිකාර්මික නිෂ්පාදනය උපරිම කර ගැනීම සඳහා ද පරිසරය කෙරෙහි කෘෂිකර්මයෙන් එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ද හරියාකාර තීරණ ගැනීමට කෘෂිකාර්මික කාලගුණ විද්‍යාඥයන් බිහිකර ගන්නා දේශගුණික තොරතුරු වැදගත් වේ. වර්තමානයේ මෙන්ම අනාගතයේ ද කෘෂිකර්මයේ ආර්ථික සහ පාරිසරික තිරසාරභාවය සහතික කිරීමට ද එකී තොරතුරු වැදගත් වේ. [[කාලගුණ නිරීක්ෂණ]] ද බලන්න.
 
තව ද කෘෂිකාර්මික කාලගුණ විද්‍යාඥයෝ කෘෂිකර්මය කෙරෙහි දේශගුණික විචල්‍යතා සහ වෙනස්වීම් බලපෑම සහ එහි ප්‍රතිවිපාක පිළිබඳ තොරතුරු ප්‍රමාණනය කිරීම ද අගැයීම ද සැපයීම ද සිදු කරති. ගංවතුර, හිමකැට වැස්ස හෝ නියඟය වැනි දේශගුණික සිද්ධි පිළිබඳවත් ගෝලීය උණුසුම සහ දේශගුණික විචල්‍යතා වැනි දේශගුණික වෙනස්වීම් පිළිබඳවත් ක්‍රියාකිරීමට අවශ්‍ය ක්‍රමෝපායවල් බිහිකර ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්ට ද කෘෂිකාර්මික කාලගුණ විද්‍යාඥයෝ සහාය වෙති.
 
=== අධ්‍යනයන් ===
ශස්‍ය සහ උද්‍යාන විද්‍යාත්මක බෝග ගස්. සතුන් යන මේවා නිෂ්පාදනය කිරීමේ සිට කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳපළට අවසාන වශයෙන් සැපයීම් දක්වා වූ බොහෝ කෘෂිකාර්මික කටයුතුවල ද කෘෂිකාර්මික කාලගුණ විද්‍යාඥයෝ නිරත වෙති. [[තාපය]] [[කාබන්‍ඩයොක්සයිඩ්]] [[ජල වාෂ්ප]] යන මේවායේ [[බලශක්තිය]] සහ සුවිශාල හුවමාරු ක්‍ර්‍රියාවලීන් සිදු වීම අධ්‍යයනයකොට මෙතෙක් [[නයිට්‍රස් ඔක්සයිඩ්]], [[ඇමෝනියා]] යන වායු කොළයක සිට ජලාධාරයක් දක්වා සහ මහාද්වීපයක් දක්වාත් වූ අවකාශ පරිමාණයන්හි ජෛවගෝලය තුළ හඳුනා ගැනීම ඔවුහු සිදු කරති. නිදර්ශනයක් වශයෙන් කොළඹවලද සම්පූර්ණ ශාකවල ද ක්ෂේත්‍රවල ද [[ප්‍රභාසංශ්ලේෂණය]], ඵලදායිතාව සහ ජල භාවිතය යන මේවා ද ඔවුහු අධ්‍යයනය කරති. තව ද ඔවුහු තත්පරයටත් අඩු කාලයක සිට දශකයටත් වැඩි කාලයක් දක්වා වූ කාල පරිමාණයන්හි දේශගුණික වෙනස්වීම් ද පරීක්ෂා කරති.
 
== ව්‍යවහාර කාලගුණ විද්‍යාව ==
"https://si.wikipedia.org/wiki/කාලගුණ_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි