"කාලගුණ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
contents
contents
27 පේළිය:
කෘෂිකාර්මික කාලගුණවිද්‍යාව හෝ කෘෂිකාලගුණ විද්‍යාව සලකා බලනුයේ බොහෝ විට ජීව විද්‍යාත්මක, භෞතික සහ සමාජ විද්‍යාවන් පිළිබඳ අවබෝධයක් අවශ්‍ය කරන විෂයයන් ය. ගැඹුරුතම ශාක මුල් වැඩෙන පසේ ගැඹුරෙහි සිට බීජ, සියුම් බීජ, පරාග සහ කෘමීන් හමුවන වායුගෝලීය මට්ටම් දක්වා වන ක්‍රියාවලීන් මෙයින් අධ්‍යයනය කෙරේ. කෘෂිකාර්මික කාලගුණ විද්‍යාඥයෝ සිරිත් ප්‍රකාර බොහෝ විෂය ක්ෂේත්‍රවල විද්‍යාඥයන් සමග අන්‍යෝන්‍ය සම්බන්ධකම් පවත්වා ගනිමින් ක්‍රියා කරති.
 
කෘෂිකාර්මික කාලගුණ විද්‍යාඥයෝ කාලගුණ හා දේශගුණ දත්ත එකරැස් කර ගෙන ශාක සහ සතුන් ද ඔවුන්ගේ වායුගෝලීය පරිසරය අබෝධ කර ගැනීමට අවශ්‍ය කරන එම දත්ත පිළිබඳ අර්ථනිරූපණ දක්වයි. කෘෂිකර්මය බුක්තිවිඳින සම්පත් කළමාකරණය සඳහා ද කෘෂිකාර්මික නිෂ්පාදනය උපරිම කර ගැනීම සඳහා ද පරිසරය කෙරෙහි කෘෂිකර්මයෙන් එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ද හරියාකාර තීරණ ගැනීමට කෘෂිකාර්මික කාලගුණ විද්‍යාඥයන් බිහිකර ගන්නා දේශගුණික තොරතුරු වැදගත් වේ. වර්තමානයේ මෙන්ම අනාගතයේ ද කෘෂිකර්මයේ ආර්ථික සහ පාරිසරික තිරසාරභාවය සහතික කිරීමට ද එකී තොරතුරු වැදගත් වේ. [[කාලගුණ නිරීක්ෂණ]] ද බලන්න.
 
තව ද කෘෂිකාර්මික කාලගුණ විද්‍යාඥයෝ කෘෂිකර්මය කෙරෙහි දේශගුණික විචල්‍යතා සහ වෙනස්වීම් බලපෑම සහ එහි ප්‍රතිවිපාක පිළිබඳ තොරතුරු ප්‍රමාණනය කිරීම ද අගැයීම ද සැපයීම ද සිදු කරති. ගංවතුර, හිමකැට වැස්ස හෝ නියඟය වැනි දේශගුණික සිද්ධි පිළිබඳවත් ගෝලීය උණුසුම සහ දේශගුණික විචල්‍යතා වැනි දේශගුණික වෙනස්වීම් පිළිබඳවත් ක්‍රියාකිරීමට අවශ්‍ය ක්‍රමෝපායවල් බිහිකර ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්ට ද කෘෂිකාර්මික කාලගුණ විද්‍යාඥයෝ සහාය වෙති.
"https://si.wikipedia.org/wiki/කාලගුණ_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි