"කාලගුණ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
contents
contents
23 පේළිය:
මෙය වනවිද්‍යාව, උද්‍යාන පාලනය සහ සත්ත්ව නිෂ්පාදනයට ද සම්බන්ධ ‍වේ. කෘෂිකාලගුණ විද්‍යාඥයකුට කාලගුණ විද්‍යාව පිළිබඳ මනා දැනුමක් පමණක් නොව ශස්‍යවිද්‍යාව, පැලෑටි කායික විද්‍යාව, පැලෑටි සහ සත්ත්ව ව්‍යාධි වේදය යන මේවා පිළිබඳ දැනුමක් ද සාමාන්‍ය කෘෂිකාර්මික පරිචයන්ට අමතරව දැනගෙන සිටිය යුතුය. ඉන්දීය කෘෂිකර්මය මෙන් යම් වැසි මත යැපෙන අතර එම වැසිවල වෙනස් කම් පවතින නිසාත් කාලගුණ විද්‍යාවේ මෙම අංශය [[ඉන්දියාව|ඉන්දියාවට]] විශේෂයෙන් අදාළ වේ.
 
බෝග වගාබිම්, සතුන් ඇති කිරීම සහ විවිධ කෘෂිකාර්මික මෙහෙයුම් යන මේවා කෙරෙහි කාලගුණය සහ දේශගුණය බලපාන ආකරය පරික්සීම කාලගුණ විද්‍යාවේ මේ අංශයෙන් සිදු කෙරේ. කුඩා අවකාශ පරිමාණයන්හි හට ගන්නා වායුගෝලී ජෛවගෝලීය ක්‍රියාවලී පිළිබඳවත් සාපේක්ෂ වශයෙන් කෙටි කාල සීමා තුළ සිදුවන ක්‍රියාවලි පිළිබඳවත් කරුණු විදහා දක්වන කෘෂිකාර්මික කාලගුණ විද්‍යාවේ ශාඛාව. ක්ෂුද්‍රකාලගුණ විද්‍යාව යනුවෙන් දැක්වේ. ශාක ආශ්‍රිත පරිසර පද්ධතිවල දී එය බෝග ක්ෂුද්‍රකාලගුණවිද්‍යාව යනුවෙන් ද සතුන් පිළිබඳ මෙහෙයුම්වලදී එය සත්ත්ව ජෛව ක්ෂුද්‍ර කාලගුණ විද්‍යාව යනුවෙන් ද හැඳින්වේ. බොහෝ කාලයක් පුරා සහ අවකාශ පරිමාණ පුරා ඇතිවන ක්‍රියාවලී , බලපෑම් සහ දේශගුණික සාධක පිළිබඳ කරුණු දක්වන අංශය බොහෝ විට කෘෂිකාර්මික දේශගුණ විද්‍යාව යනුවෙන් හැඳින්වේ. [[දේශගුණ විද්‍යාව]], [[ක්ෂුද්‍රකාලගුණවිද්‍යාව]] යන මේවා ද බලන්න.
 
කෘෂිකාර්මික කාලගුණවිද්‍යාව හෝ කෘෂිකාලගුණ විද්‍යාව සලකා බලනුයේ බොහෝ විට ජීව විද්‍යාත්මක, භෞතික සහ සමාජ විද්‍යාවන් පිළිබඳ අවබෝධයක් අවශ්‍ය කරන විෂයයන් ය. ගැඹුරුතම ශාක මුල් වැඩෙන පසේ ගැඹුරෙහි සිට බීජ, සියුම් බීජ, පරාග සහ කෘමීන් හමුවන වායුගෝලීය මට්ටම් දක්වා වන ක්‍රියාවලීන් මෙයින් අධ්‍යයනය කෙරේ. කෘෂිකාර්මික කාලගුණ විද්‍යාඥයෝ සිරිත් ප්‍රකාර බොහෝ විෂය ක්ෂේත්‍රවල විද්‍යාඥයන් සමග අන්‍යෝන්‍ය සම්බන්ධකම් පවත්වා ගනිමින් ක්‍රියා කරති.
"https://si.wikipedia.org/wiki/කාලගුණ_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි