"කාලගුණ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
contents
contents
1 පේළිය:
[[ගොනුව:11F 2014 12 Nov 2014 0435ZTornado1999AnimLrg.jpggif|300px|දකුණ]]
'''කාලගුණ විද්‍යාව''' යනු කාලගුණය පිළිබඳ විද්‍යාව යි. එය වූ කලී [[වායු‍ගෝලය]], භූමිය සහ [[සාගරය]] යන මේවායින් සමන්විත ඒකාබද්ධ පද්ධතියක් වන නිසා අනිවාර්යයෙන්ම විෂයාන්තර විද්‍යාවකි. කාලගුණ විද්‍යාවේ මූලික අංශ තුන වනුයේ කාලගුණය නිරීක්ෂණය කිරීම. අවබෝධ කර ගැනීම සහ කාලගුණ අනාවැකි පළ කිරීමත් ය. සිරිත් පරිදි කෙරෙන කාලගුණ විද්‍යාත්මක නිරීක්ෂණ වර්ග බොහොමයක් තිබේ. ඇතැම් නිරීක්ෂණ කෙරෙනුයේ සරල උපකරණ වලිනි. [[උෂ්ණත්වය]] මැනීමට පාවිච්චි කරන තමෝමීටරය සහ සුළංවේගය වාර්තා කිරීමට පාවිච්චි කරන ඇනිමොමීටරය එබඳු සරල උපකරණ වේ. මෑත අවුරුදුවලදී නිරීක්ෂණ ශිල්පීය ක්‍රම බෙහෙවින් සංකීර්ණ වී තිබෙන අතර චන්ද්‍රිකා බිහිවීම නිසා දැන් ගෝලීය වශයෙන් කාලගුණ සමීක්ෂණය කළ හැකිව තිබේ. ලෝකය පුරා ඇති රටවල් වේගවත් විදුලි සන්දේශ චැනල ඔස්සේ කාලගුණ නිරීක්ෂණ හුවමාරු කර ගනී. මේ තොරතුරු කාලගුණ සටහන් පත්‍රවල ලියා අනාවැකි පළ කරන මධ්‍යස්ථානවල සිටින වෘත්තීය කාලගුණ විද්‍යාඥයන් විසින් විශ්ලේෂණය කරනු ලැබේ. ඉන්පසු නූතන පරිගණක සහ සුපිරි පරිගණක ආධාර ක‍රගෙන අපේ අය කාලගුණ අනාවැකි පළ කරති. කාලගුණ තොරතුරු සහ අනාවැකි කෘෂිකර්මය, ගුවන් සේවා, නාවික, ධීවර, සංචාරක, රාජ්‍යාරක්ෂක, කර්මාන්ත, ව්‍යාපෘති, ජල කළමනාකරණය. ආපදා ලිහිල්කරණය වැනි බොහෝ කර්යවල ඉතා වැදගත් වේ. චන්ද්‍රිකා තක්ෂණය සහ පරිගණක තක්ෂණය මෑතකදී ලබා ගෙත ඇති ඉදිරි ගමන හේතු කොට ගෙන කාලගුණ විද්‍යාවේ සුවිශේෂ ප්‍රගතියක් ඇති වී තිබේ. එසේ වුව ද කාලගුණය පිළිබඳ අපේ දැනුම තවමත් පරිපූර්ණ වී නැත.
 
15 පේළිය:
 
== භෞතික කාලගුණ විද්‍යාව ==
[[ගොනුව:Severe Weather Over Eastern Texas, Oklahoma.jpg|200px|දකුණleft]]
භෞතික කාලගුණ විද්‍යාවේ දී අප අධ්‍යයනය කරනුයේ සූර්යතාප විකිරණය වැනි වායුගෝලයේ ක්‍රියාවලි එහි අවශෝෂණය සහ පෘථිවි-වායුගෝල පද්ධතියේ විහිදීම , ආපසු අවකාශයට විකිරණය වීම සහ සූර්යතාප බලශක්තිය වාතයේ චාලක ශක්තිය බවට පරිණාමනය යන ක්ෂේත්‍රයන්ය. වළාකුළු භෞතිකය සහ වර්ෂා ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම වූ කලී භෞතික කාලගුණ විද්‍යාවේ එක් කොටසක් වේ.
 
== කෘෂි කාලගුණ විද්‍යාව ==
[[ගොනුව:Le compexeSPC.JPG|300px|දකුණ]]
සරලව කියතොත්, කෘෂිකාර්මික කාලගුණ විද්‍යාව යනු ‍බෝග අස්වනු වැඩි කර ගැනීම සඳහාත් අහිතකර කාලගුණ තත්ත්ව නිසා බෝග පාලුවීම් අඩු කර ගැනීම සඳහාත් කාලගුණ විද්‍යාත්මක තොරතුරු සහ දත්ත යොදා ගැනීමය.
 
මෙය වනවිද්‍යාව, උද්‍යාන පාලනය සහ සත්ත්ව නිෂ්පාදනයට ද සම්බන්ධ ‍වේ. කෘෂිකාලගුණ විද්‍යාඥයකුට කාලගුණ විද්‍යාව පිළිබඳ මනා දැනුමක් පමණක් නොව ශස්‍යවිද්‍යාව, පැලෑටි කායික විද්‍යාව, පැලෑටි සහ සත්ත්ව ව්‍යාධි වේදය යන මේවා පිළිබඳ දැනුමක් ද සාමාන්‍ය කෘෂිකාර්මික පරිචයන්ට අමතරව දැනගෙන සිටිය යුතුය. ඉන්දීය කෘෂිකර්මය මෙන් යම් වැසි මත යැපෙන අතර එම වැසිවල වෙනස් කම් පවතින නිසාත් කාලගුණ විද්‍යාවේ මෙම අංශය ඉන්දියාවට විශේෂයෙන් අදාළ වේ.
"https://si.wikipedia.org/wiki/කාලගුණ_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි