"කාලගුණ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
contents
contents
9 පේළිය:
[[ගොනුව:Satellitemarion.jpg|250px|දකුණ]]
කාලගුණ විද්‍යාව වූ කලී දිගු කාලපරිච්ඡේද රාශියක් පුරා ඒකරාශී වී ඇති කාලගුණ වාර්තා පදනම් කරගෙන යමිකිසි ස්ථානයක හෝ ප්‍රාන්තයක කාලගුණය පිළිබඳ අධ්‍යයනය කිරීම යි. දශක කීපයක් පුරා විහිදී ගිය දත්ත පාදයකින් ලබා ගන්නා කාලගුණ විද්‍යාත්මක පරාමිතීන්ගේ සාමාන්‍ය අගයන් කාලගුණ විද්‍යාත්මක සාමාන්‍ය තත්ත්වයන් යනුවෙන් හැඳින්වේ. ලෝකයේ විවිධ ප්‍රාන්තවල විවිධ දේශගුණ ලක්ෂණ තිබේ. එසේ වුව ද කාලගුණය ස්ථිතික නොවන බවත් කාලගුණ වෙනස්වීම් සහ ගෝලීය උෂ්ණත්වය වැනි ගැටලු කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමු ව පවතී.
 
== ගතික කාලගුණ විද්‍යාව ==
[[ගොනුව:Corriente de California-Feb-13-2013-20.jpg|300px|දකුණ]]
කාලගුණ විද්‍යාවේ මෙම විශේෂ අංශය මගින් ගණිතමය සමීකරණ ඔස්සේ වායුගෝලීය ක්‍රියාවලීන් විස්තර කිරීමට උත්සාහ ගන්නා අතර සමස්තයක් වශයෙන් ඒවා සංඛ්‍යාමය මොඩල වශයෙන් හැඳින් වේ. වායුගෝලයේ මූලික තත්ත්වය සහ සාගරය විග්‍රහ කිරීමෙන් පසු අවසාන තත්ත්වය ලබාගත හැකි වන පරිදි සමීකරණ විසඳා එමගින් කාලගුණ අනාවැකි පළ කිරීමේ හැකියාව ලබා ගනී. ගතික කාලගුන විද්‍යාවට, ගෝලීය පරිමාණයේ සිට කුඩා කැලඹෙනසුලු සුළි දක්වා වූ පුළුල් පරාසයක ද්‍රවගතිවිද්‍යාත්මක සමීකරණ පිළිබඳ කටයුතු ඇතුළත් වේ. සමීකරණ විසඳීමේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ බැවින් ඒවා නිම කිරීමට ඉතා බලවත් පරිගණක අවශ්‍ය වේ.
"https://si.wikipedia.org/wiki/කාලගුණ_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි