"කාලගුණ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
contents
contents
1 පේළිය:
[[ගොනුව:Blocage11F d'air2014 froid12 dansNov le2014 monde0435Z.pngjpg|400px300px|දකුණ]]
'''කාලගුණ විද්‍යාව''' යනු කාලගුණය පිළිබඳ විද්‍යාව යි. එය වූ කලී [[වායු‍ගෝලය]], භූමිය සහ [[සාගරය]] යන මේවායින් සමන්විත ඒකාබද්ධ පද්ධතියක් වන නිසා අනිවාර්යයෙන්ම විෂයාන්තර විද්‍යාවකි. කාලගුණ විද්‍යාවේ මූලික අංශ තුන වනුයේ කාලගුණය නිරීක්ෂණය කිරීම. අවබෝධ කර ගැනීම සහ කාලගුණ අනාවැකි පළ කිරීමත් ය. සිරිත් පරිදි කෙරෙන කාලගුණ විද්‍යාත්මක නිරීක්ෂණ වර්ග බොහොමයක් තිබේ. ඇතැම් නිරීක්ෂණ කෙරෙනුයේ සරල උපකරණ වලිනි. [[උෂ්ණත්වය]] මැනීමට පාවිච්චි කරන තමෝමීටරය සහ සුළංවේගය වාර්තා කිරීමට පාවිච්චි කරන ඇනිමොමීටරය එබඳු සරල උපකරණ වේ. මෑත අවුරුදුවලදී නිරීක්ෂණ ශිල්පීය ක්‍රම බෙහෙවින් සංකීර්ණ වී තිබෙන අතර චන්ද්‍රිකා බිහිවීම නිසා දැන් ගෝලීය වශයෙන් කාලගුණ සමීක්ෂණය කළ හැකිව තිබේ. ලෝකය පුරා ඇති රටවල් වේගවත් විදුලි සන්දේශ චැනල ඔස්සේ කාලගුණ නිරීක්ෂණ හුවමාරු කර ගනී. මේ තොරතුරු කාලගුණ සටහන් පත්‍රවල ලියා අනාවැකි පළ කරන මධ්‍යස්ථානවල සිටින වෘත්තීය කාලගුණ විද්‍යාඥයන් විසින් විශ්ලේෂණය කරනු ලැබේ. ඉන්පසු නූතන පරිගණක සහ සුපිරි පරිගණක ආධාර ක‍රගෙන අපේ අය කාලගුණ අනාවැකි පළ කරති. කාලගුණ තොරතුරු සහ අනාවැකි කෘෂිකර්මය, ගුවන් සේවා, නාවික, ධීවර, සංචාරක, රාජ්‍යාරක්ෂක, කර්මාන්ත, ව්‍යාපෘති, ජල කළමනාකරණය. ආපදා ලිහිල්කරණය වැනි බොහෝ කර්යවල ඉතා වැදගත් වේ. චන්ද්‍රිකා තක්ෂණය සහ පරිගණක තක්ෂණය මෑතකදී ලබා ගෙත ඇති ඉදිරි ගමන හේතු කොට ගෙන කාලගුණ විද්‍යාවේ සුවිශේෂ ප්‍රගතියක් ඇති වී තිබේ. එසේ වුව ද කාලගුණය පිළිබඳ අපේ දැනුම තවමත් පරිපූර්ණ වී නැත.
 
== සංක්ෂිප්ත කාලගුණ විද්‍යාව ==
[[ගොනුව:11FBlocage 2014d'air 12froid Novdans 2014le 0435Zmonde.jpgpng|300px|දකුණ]]
භූමිය මත සහ නැව්මත ද බැලූනවල ශබ්ද මගින් ඉහළ වායු‍ගෝලයේ ද ලබා ගන්නා කාලගුණ නිරීක්ෂණ නියමිත වේලාවකදී වායුගෝලයේ පවත්නා තත්ත්වය විදහා දක්වයි. දත්ත කාලගුණ සිතියමකට ඇතුළත් කළවිට ලෝක කාලගුණය පිළිබඳ සංක්ෂිප්ත දර්ශනයක් අපට ලබා ගත හැකිය. එහෙයින් එදිනෙදා විශ්ලේෂණ සහ කාලගුණ අනාවැකි පළ කිරීම සංක්ෂිප්ත කාලගුණ විද්‍යාව යනුවෙන් ප්‍රකට වී තිබේ. එය වූ කලී අඩු පීඩන ප්‍රදේශවල ද වායු ස්කන්ධවල ද. පෙරමුණුවල ද, අවපීඩන සහ නිවර්තන සුළිසුළං වැනි අනෙකුත් කාලගුණ පද්ධතිවල ද චලනය වීම් පිළිබඳ අධ්‍යයනය යි.
 
== කාලගුණ විද්‍යාව ==
[[ගොනුව:Satellitemarion.jpg|250px|දකුණ]]
කාලගුණ විද්‍යාව වූ කලී දිගු කාලපරිච්ඡේද රාශියක් පුරා ඒකරාශී වී ඇති කාලගුණ වාර්තා පදනම් කරගෙන යමිකිසි ස්ථානයක හෝ ප්‍රාන්තයක කාලගුණය පිළිබඳ අධ්‍යයනය කිරීම යි. දශක කීපයක් පුරා විහිදී ගිය දත්ත පාදයකින් ලබා ගන්නා කාලගුණ විද්‍යාත්මක පරාමිතීන්ගේ සාමාන්‍ය අගයන් කාලගුණ විද්‍යාත්මක සාමාන්‍ය තත්ත්වයන් යනුවෙන් හැඳින්වේ. ලෝකයේ විවිධ ප්‍රාන්තවල විවිධ දේශගුණ ලක්ෂණ තිබේ. එසේ වුව ද කාලගුණය ස්ථිතික නොවන බවත් කාලගුණ වෙනස්වීම් සහ ගෝලීය උෂ්ණත්වය වැනි ගැටලු කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමු ව පවතී.
"https://si.wikipedia.org/wiki/කාලගුණ_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි