"මහ පොළොව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
contents
පෘථිවියේ අභ්‍යන්තරය
80 පේළිය:
 
කහ මදය අර්ධ වශයෙන් ඝනවූ තම්බාපු බිත්තරයක් සිතට නගාගන්න. කලින් සඳහන් කළ ද්‍රවමය බාහිර හරය ඒ දියාරු කහ මද කොටස වාගෙයි. ඒ චිත්ත රූපය සිත තබාගෙන සලකා බලද්දී, තම්බාපු බිත්තරයේ සුදු පැහැ කොටසින් සංකේතවත් වෙන්නේ බාහිර හරය වට කොටගත් මහත දෙහෙත, සැහැල්ලූ පාෂාණමය කොටසයි. මෙ තමයි පෘථිවියේ ප‍්‍රවාරණය. ගැඹුරින් පිහිටි මෙහි උෂ්ණත්වය ප‍්‍රවාරණ පාෂාණය පහසුවෙන් උණුවීමට තරම් ප‍්‍රමාණවත්. එහෙත් අධිකතර පීඩනය නිසා එය ඝනව, අඩුතරමින් උණුසුම් ක්ලේ හෙවත් ඇඹුම් මැටි (ප්ලැස්ටිසන්) තරමේ ඝන මට්ටමකින් තබා ගන්නට සමත්වෙනවා.
 
ප‍්‍රවාරණයට පිටතින් ඇත්තේ සංසන්දනාත්මකව තුනී ස්තරයක් වන පෘථිවියේ කබොලයි. මේ කට්ට හෙවත් කබොලෙහි ඝනකම කිලෝමීටර කිහිපයක් පමණයි. එහි ඝනකම අඩුම සාගර පත්ලේදී. වැඩිම කඳුවලදීයි. මහද්වීප පිහිටි ප‍්‍රදේශ මහද්වීප කබොල ලෙසත් සාගර පිහිටි ප‍්‍රදේශ සාගරික කබොල ලෙසත් හඳුන්වනවා. තම්බාපු බිත්තර උදාහරණය නැවත ගත්තොත් මෙය සමාන වෙන්නේ බිත්තර කටුවටයි. කෙසේ හෝ මේ කබොල්ලේදී තමයි අවසානයේ පෘථිවියේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක සියයටත් වඩා අඩු මට්ටමකට පහත වැටෙන්නේ. පෘථිවිය අභ්‍යන්තරයෙන් එන අධිකතර උෂ්ණ ප‍්‍රවාහය සිසිල් කබොලෙහි ගැටී සීතලවී අපසු අභ්‍යන්තරයට ගමන් කරනවා. සංවහනය ලෙස හඳුන්වන මෙම ක‍්‍රියාවලිය නිරතුරුව සිදුවීම නිසා කබොල කැබැලි වෙනවෙලයි තියෙන්නේ. මේවාට කියන්නේ භූ තැටි කියලයි. මහද්වීපික තැටි හා සාගරික තැටි යනුවෙන් භූ තැටි දෙකොට්ඨාශයක් දැක්වෙනවා.
 
== භූකාරක තැටි ==
"https://si.wikipedia.org/wiki/මහ_පොළොව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි