"විමර්ශනාත්මක මන්ත්‍රණ සභාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
 
1 පේළිය:
'''විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවක්''' යනු, [[තීරණ ගැනීම]] සඳහා [[පාර්ලිමේන්තු පටිපාටිය]] භාවිතා කරන ස‍ාමාජිකයන්ගෙන් සමන්විත [[සංවිධානය|සංවිධානයකි.]] 1774 වසරෙහිදී, බ්‍රිස්ටල් ඡන්ද කොට්ඨාශය අමතමින්, [[එඩ්මන්ඩ් බර්ක්]] විසින් [[මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව|බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව]] හැඳින්වූයේ "විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවක්" ලෙසින් වන අතර, <ref>බර්ක්, පිටු. 446–8</ref> පොදු ක්‍රියාවන් සාකච්ඡා කොට නිශ්චය කරගැනුමට රැස්වන පුද්ගල සමූහයක් සඳහා යෙදෙන මූලික පදයක් ලෙසින් මෙම ප්‍රකාශය යෙදීම ඇරඹිණි.
 
''[[රොබට්ගේ විධාන රීති|අභිනවයෙන් සංශෝධිත රොබට්ගේ විධාන රීති]]'' වෙතින්, විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවක යම් ගුණාංග ගෙන හැර දක්වන අතර, ඒවා අතර, සෑම සාමාජිකයෙකුටම සමාන ඡන්ද අයිතියක් තිබීම සහ සමස්ත සමූහය වෙනුවෙන් ගත යුතු ක්‍රියාවන් නිශ්චය කරගැනුමට සමූහය රැස්වීම ආදීය අඩංගු වෙයි.<ref>රොබට්, පිටු. 1–2</ref> විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවක් සතුව, විවිධ සාමාජික පංති තිබිය හැක. පොදුවේ භාවිතා වන සාමාජික පංති අතර, නිත්‍ය සාමාජිකයෝ, [[නිල බලයෙන්|නිල-බලයෙන් පත්වන]] සාමාජිකයෝ සහ, ගරු සාමාජිකයෝ වෙති.
 
== සටහන්==
{{ආශ්‍රලැයිස්තුව|20em}}
"https://si.wikipedia.org/wiki/විමර්ශනාත්මක_මන්ත්‍රණ_සභාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි