"පරිසර විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
7 පේළිය:
}}
 
Ecology හෙවත් පරිසර විද්‍යාව ග්‍රික බසින් සම්භවය ලද වචනයකි. පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා අන්තර් සම්බන්ධතාවයේ ව්‍යාප්තිය සහ සුලභතාවය පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයයි. ජිවි පරිසරයට භෞතික ගුණාංග වන හිරු එළිය, කාලගුණය, භූවිද්‍යාව ආදි අජීවි සාධක මෙන්ම පරිසරයේ ජිවත් වන වෙනත් ජිවින් යන සජීවි සාධකද අයත් වේ.
 
පරිසර විද්‍යාව යන පදය නිරතුරුවම සාමාන්‍ය පරිසර විද්‍යාව සහ ගැඹුරු පරිසර විද්‍යාව යන පද සමග යෙදෙන අතර සාමාන්‍ය වහරෙදි ස්වභාවික පරිසරය හෝ පාරිසරික විද්‍යාව යන පදවලට සාමාන පද ලෙසද යොදාගනි. මිට අමතරව පරිසර හිතකාමි යන්න නිරූපනයටද මෙම වචන යොදා ගනී.
 
 
පරිසර විද්‍යාව (Ecology) යන පදය මුලින්ම හඳුන්වා දී ඇත්තේ ජර්මානු ජිව විද්‍යාඥයෙකු වන අර්නස්ට් හැකල් විසින් 1866 දීය. ඔහුගේ අර්ථ දැක්විමට අනුව පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතාවයේ විස්තර සහිත අධ්‍යයනයයි. නමුත් ඔහු මෙම සංකල්පය විස්තර කර නොමැත. මෙ විෂයට අදාළ පළමු වැදගත් ග්‍රන්ථය රචනා කර ඇත්තේ ඩෙන්මාක උද්භිද විද්‍යාඥයෙකු වන Eugenius warming විසිනි. එබැවින් පරිසරය විද්‍යාවේ නිර්මාතෘ ලෙස සලකන්නේ එතුමාවය.
 
 
පාරිසරික විද්‍යාව යනු පරිසරයේ ඇති භෞතික රසායනික සහ ජීව විද්‍යාත්මක කොටස් අතර පවතින අන්තර් සම්බන්ධතා පිළිබඳ අධ‍්‍යයනය කිරීමයි.පාරිසරික විද්‍යාව,පරිසර පද්ධති පිළිබඳව සමෝධානිත,ප්‍රමණාත්මක සහ අන්තර් ක්ෂේත්‍ර අධ‍්‍යයනයට මඟපාදයි.පාරිසරික විද්‍යාඥයන් පරිසරයේ ගුණාත්මක බව පවත්වා ගැනීම මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා භෞතික හා ජලජ පරිසර වලට සිදුවන බලපෑම් පහදා දීම භෞමික සහ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සඳහා ක්‍රම සැකසීම සිදුකරයි.ඊට අමතරව සැලසුම් සකසන්නන් හට ගොඩනැගිලි, ගමනාගමනය සඳහා මාර්‍ග ඉදිකිරීම හා වැඩිදියුණු කිරීමේ කටයුතු සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම කාර්යක්ෂම ලෙස සහ ප්‍රයෝජනවත් ලෙස භූමිය බාවිතා කිරීම ආදී කටයුතු වලදී සහයවේ.පාරිසරික විද්‍යාව ක්ෂෙත්‍ර ගණනාවක් තුල පැතිරී අති නිසා පර්යේෂණ කිරීමෙදී හෝ පාරිසරික බලපෑම් ප්‍රකාශ සැකසීමේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පාරිසරික ප්‍රතිපත්ති පනත (NEPA) අනුව හෝ රාජ්‍ය නීතිය යටතේ වෘත්තීය වේදීන් කණ්ඩායම් වශයෙන් එකට එක්වී ක්‍රියා කරයි.අනෙක් වෘත්තීයවේදී සංගම් පරිසර විද්‍යාවතුල රැකියා ඉපදවීම සහ විවිධ විද්‍යාවන් අතර සංනිවේදනයට උපකාරීවේ.
Line 29 ⟶ 25:
[[Image:Field_Trip-_water_sampling.jpg|thumb|පාරිසරික විද්‍යාඥයෙක් ජල නියැදි ලබා ගන්නා අයුරු]]
 
===වායුගෝලීය විද්‍යාවන්===
Line 45 ⟶ 40:
 
භෞතික විද්‍යාඥයින් පස දූෂණය වන ප්‍රමාණය මතුපිටින් ප්‍රවාහය වන ද්‍රාවක ප්‍රමාණය, අවබෝධ කරගැනීමට පරිගණක ආදර්ශ තැනිය යුතුය.රසායන විද්‍යාඥයින් එක් එක් පස් වර්ග සමග ද්‍රාවකය ඇති කරගන්නා අණුක බන්ධන පිළිබඳව විශ්ලෙෂණය කළ යුතුය. ජීව විද්‍යාඥයින් වඳවීමේ තර්ජනයට ලක්වූ උභය ජීවියාගේ ආහාර වන ජලාශයේ වාසය කරන copepods‚ ශාකවර්ග හා පසෙහි ජීවත්වන සන්ධිපාදකයින් මත ඇතිවන බලපැඇම පිළිබඳව අධ්‍යයනය කළයුතුය.
 
 
 
== පාරිසරික විද්‍යාව - වෘත්තියේ නියැලෙන්නන් පිළිබඳ ==
 
පරිසර ගැටළුවල විශාලත්වය හා සංකීර්ණත්වය විද්‍යාඥයින් අතර අන්තර් ක්ෂේත්‍රයේ පුහුණුවක් සඳහා තදබල අවශ්‍යතාවයක් නිර්මාණය කර ඇත.පාරිසරික විද්‍යාඥයින්ගෙන් බොහෝ දෙනෙක් රාජ්‍ය අංශයේ රැකියාව කළත් රජ‍යේ ප්‍රතිපත්ති මඟින් නව නීති රෙගුලාසි නියම කිරීමත් සමඟ පෞද්ගලික අංශයේ රැකියා වෙළඳපොළ වඩා වර්ධනය වීමක් බලාපොරොත්තු විය.පාරිසරික විද්‍යාඥයින් හට පෞද්ගලික අංශයේ උපදේශන ආයතනවල රැකියා වර්ධනය වේගවත් විය යුතුය.ජනගහනය වැඩිවීම නිසා පරිසරය හා ජලසම්පත් කෙරෙහි ඇති ඉල්ලුම ඉහළ යාමෙන් පාරිසරික විද්‍යාඥයින්ගේ රැකියා වර්ධන වේගය ඉතා ඉහළ මට්ටමකට පවති.භූගත ජල නිදර්ශනය, පිරිසිදු වාතය හා ගංවතුර පාලනය වැනි තත්ව සම්බන්ධයෙන් පවතින සංකීර්ණ පාරිසරික නීති සහ රෙගුලාසි නිසාත් රැකියා ඉල්ලුම ඉහළ යා යුතුය.පාරිසරික විද්‍යාඥයින්ගේ රැකියා අවස්ථා 2006 -2016 මට්ටමක් ගෙන අන් සියළු රැකියා අවස්ථාවල සාමාන්‍ය අගයට වඩා 25% කින් ඉහළ යන බව බලපොරොත්තුවේ.පාරිසරික විද්‍යාඥයෙකුට ඇති එක් ප්‍රසිද්ධ රැකියාවක් නම් කසල එකතු කිරීමයි.මෙම රැකියාවේදී පාරිසරික විද්‍යාඥයෙකුට තිබිය යුතු සියළුම කුසලතා උපයෝගීකොට ගනී.
 
== මනුෂ්‍යයා සහ පාරිසරික විද්‍යාව ==
 
Line 63 ⟶ 55:
 
මනුෂ්‍යයා සහ පරිසරික විද්‍යව යනු මාන වේදය මනෝවිද්‍යාව සමාජ විද්‍යාව සහ පරිසර විදයාවෙහි සංකලනයකි. සමහර වඅස්ථාවන්හිදි මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යාව විෂය පාරිසරික සමාජ විද්‍යාවෙහි කොටසක් වන අතර, සමහර අවස්ථාවන්හිදි එම දෙක සම්පුර්ණ වශයෙන්ම විස්මිත වේ. මනුෂ්‍යයා සහ පාරිසරික විද්‍යාව සහ දේශපාලනික පරිසරය විද්‍යාව අතර ද සබසදතා පැවති ඇත.
 
 
 
== පරිසර විද්‍යාවේ කොටස් ==
Line 90 ⟶ 80:
|}
විශේෂ වල වැදගත්කම අනුව පරිසර විද්‍යාව ක්ෂේත්‍ර වලට බෙදිය හැකිය අතර ඒවා කිහිපයක් නම් සත්ත්ව පරිසර විද්‍යාව, ‍ශාක පරිසර විද්‍යාව, කෘමිනී පරිසර විද්‍යාව, යනාදියයි. අනෙකුත් උප කොටස්වලට බෙදීම ජෛව දර්ශනය වේ. උදාහරණ ලෙස උත්තර ධ්‍රැව පරිසර විද්‍යාව (හෝ ධ්‍රැවීය පරිසර විද්‍යාව), නිවර්තන පරිසර විද්‍යාව, කාන්තාර පරිසර විද්‍යාව යනාදියයි. මෙහිදී අන්වේෂණ මගින් ප්‍රාථමික ශිල්පීය ක්‍රම ශික්ෂණය උප කාණ්ඩ වලට බෙදයි. මේවා රසායන පරිසර විද්‍යාව, ජානමය පරිසර විද්‍යාව, ක්ෂේත්‍ර පරිසර විද්‍යාව, සංඛ්‍යාලේඛණ පරිසර විද්‍යාව, න්‍යායාත්මක පරිසර විද්‍යාව, යනාදියයි.
 
 
== වර්ගීකරණයේ සත්ත්ව විද්‍යාත්මක පද්ධති ==
Line 100 ⟶ 89:
මෙම මතෘකාව යටතේ එන ප්‍රධාන කාණ්ඩවල සත්ව විද්‍යාත්මක සෙවකයින්ය. අනුක්‍රමයෙන්, හන්ටර් සහ කුවියර්ගේ කාලය වන තෙක්ම අධ‍්‍යයනයන් සම්බන්ඳ වූයේ වැඩිවශයෙන්ම මතුපිට රෑප විද්‍යාත්මක චිත්‍රණය සමග වන අතර අද වන තුරුම කිසිවෙක් සතුන්ගේ ආකාරය පිළිබඳව වෙනත් අකාරවලට අධ්‍යනය කිරීම ගැන සළකා නැති අතර අභ්‍යන්තර ව්‍යුහය , පටක විද්‍යාව, කළල විද්‍යාව පිළිබඳව සිය විෂය පථයට ඇතුලත් කර නොමැත.සත්ත්ව විද්‍යාවේ නියම අරුණලු උදාවන්නේ මධ‍්‍යතන යුගයේ පෞරණික යුගයට පසු එඩ්වඩ්. එඩ්වඩ්. වොට්න් යන ඉංග්‍රීසි ජාතිකයාගේ නමත් සමඟ සම්බන්ධ වීමෙනි. ඔහු 1492 ඔක්ෆර්ඩ් හි උපත ලබා වෛද්‍යවරයෙක් ලෙස ලන්ඩනයේ ක්‍රියකර 1552දී මිය ගියේය.ඔහු ඩි ඩිෆරන්ටීස් ඇනිමාලියම් යනුවෙන් 1552දී පැරීසියෙදී ග්‍රන්තයක් ප්‍රකාශ කරන ලදී.බොහෝ විෂයන්ගෙන් ඔහු ඇරිස්ටෝටල්ගේ අනුගමිකයකු වන අතර.ඔහු විවිධ මනඃකල්පිත සංකලනයන් උගන්වමින් මධ්‍යතන යුගය පුරා සත්ව විද්‍යාත්මක දැනුමේ පදනම පිහිටුවීය. වෝටන්ගේ දක්ෂතවය වූයේ පෞරණික හා මනඃකල්පිත වර්ධනයන් ප්‍රතික්ෂේපකර ඇරිස්ටෝටල්ගේ මතයන් වෙත නැවත පැමිණීම සහ පරිසරය නිරීක්ෂණයි. ඇරිස්ටෝටල්ගේ සන්තථිකත්වය පිළිබඳ වර්ගීකරනයේ සංකල්පය හා සංසන්දනය කරන විට 16,17, හා 18 වන සියවස් වල සත්ත්ව විද්‍යාවේ දියුණුවක් නොතිබූ තරම්ය.
 
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
 
==බාහිර සබැඳි==
 
[[Category:පරිසර විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/පරිසර_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි