"සෝවාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 112.134.230.209 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Singhalawap ගේ අවසන් අනුවාදය වෙත ප්‍...
20 පේළිය:
- අනාගත භව හා කර්මය පිළිබඳ සැකය දුරු කර ගැනීම
 
මෙම කරුණු අවබෝධ කරගන්නා තැනැත්තෝ සොවාන් ඵලයට පැමිණෙති. එසේම ඔවුන් නිර්වාණයේ එළිපත්තට පැමිණ සිටී. ඔවුන්ට අපායේ දොරටු සඳහටම විවර නොවේ. නිර්වාණය මෙම ආත්මයේදී හෝ තව ආත්ම 3 කින් හෝ 7 කින් අනිවාර්යෙන්ම අවබෝධකරගත හැක. මනුෂ්‍ය භාවයක් නැවත නොලබන ඔවුහු නිර්වාණය අවබෝධ කර ගන්නා තෙක් දේව ලෝක හෝ බ්‍රහ්ම ලෝක වල වසති. සෝවාන් වු තැනැත්තා කිසිම අකුසල ක්‍රියාවක නොයෙදෙයි. එහෙත් ඔවුන්ට සකෘදාගාමී ඵලයකට පැමිණියෙකුගේ ප්‍රඥාව නැත. බුදුසමයේදී ගිහි පුරුෂයන් හා ස්ත්‍රීන් දස ගණනක් සොවාන් ඵලයට පැමිණියහ. බුද්ධශාසනයේ අවසානය තෙක්ම යහපත් පුද්ගලයෝ සංයෝජන 3 විනාශ කර ‍සෝවාන් ඵලයට පැමිණීමට උත්සාහ කරති. එසේ උත්සාහ කරන්නන්ට මෙම භාවයේදී සෝවාන් වීමට නොහැකි වුවද ඔවුන් ඊළඟ භවයේදි වඩා යහපත් උපනිස්ස්‍ය කර්මයක් සහිතව උපත ලබා වඩා ප්‍රඥාවන්ත වේ. මෙම මාර්ගයේ ගමන් කිරීමට පංචශීලය, සතර බ්‍රහ්ම චර්යාව අනුගමනය කළ යුතුය.
 
* සොත පත්ති ඵල සිත *
 
සොතපත්ති මාර්ග සිතට අනතුරුව 2 ක් හො 3 ක් ව ලැබෙන්නා වු මේ ඵල චිත්තයෝ ද
ඒකාන්තයෙන් ම නිවන අරමුණු කොට ඇත්තා වූ ලෝකොත්තර 'සිත් වූයේ වී නමුත් කුසල් නොවෙති.ආනන්තරික සමාධිය අකාලික විපාකය යයි කියනු ලබන මේ විපාක අව්‍යාකෘත ධර්මයෝ වෙති .මේ ඵල ච්ත්තයෝ කුණු කසල දවා අලු කොට ..උණුසුම නිවීමට පැන් කල දෙකක් හෝ තුනක් වත් කිරීමක් මෙනි .මාර්ගයෙන් නසන ලද කෙලෙස් ඇති එම සන්තානයෙහි සන්සිදිම් වශයෙන් උපදනා බැවින් පටිප්පස්සද්ධි ප්‍රහාණිය යයි කියන ලද සන්සිදිම කරමින් ඉපිද නිරුද්ධ වීමෙන් පසු චිත්ත සන්තතිය නැවත භවාංග වේ .
මේ සෝවාන් ඵලස්ත ආයර්‍ය පුද්ගල තෙමෙ ධ්‍යානලාභී නම් මරණින් මතු කාම භූමියෙහි නෝ ඉපිද ලබන ලද ධ්‍යනයට අනුව රූපා රූප භූමීන්හි පටිසන්ධිය ලබා එහිදී ම ඉතිරි මාර්ග ඵල ලැබිමෙන් පිරිනිවන් පාන්නේ ය .
.ලෞකික ධ්‍යාන නො ලැබු විදර්ශනා වඩා මාර්ගයට පැමිණි ශුෂ්ක විදර්ශක සෝවාන් පුද්ගලයෝ තිදෙනෙකි
1. ඒක බීජ සෝතා පත්ති පුද්ගලයා --එක් වරක් පමණක් කාම් භවයෙහි ඉපිද අර්හත්වය ලබා නිවන් දකී .
2. කොලංකොල සෝතාපත්ති පුද්ගලයා --ද්වර සිට සයවර දක්වා කාම භවයන්හී ඉපිද අර්හත්වයට පැමිණ නිවන් දකී.
3.සත්තක්ඛත්තු පරම සොතාපත්ති පුද්ගලයා --සත් වරක් කාම භවයන්හි ඉපිද අර්හත්වයට පැමිණ නිවන් දකී ..
මේ ශුෂ්ක වදර්සශකයා විසින් ලබන්නාවු මාරගය ඒකාන්තයෙන් ම ප්‍රතම ධ්‍යානයට සමාන වූ ව්තක්ක විචාර පීති සුඛ එකග්ගතා යන ධ්‍යානාංග පසකින් යුත්ත වන්නෙ ය . එහෙයින් ශුෂ්ක විදරශ කයාට හෝ සමථ යානිකයාට හෝ නෝ මිදෙන්නේ මැයි ..
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/සෝවාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි