"ලෝක වෙළඳ මධ්‍යස්ථානය (1973-2001)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
105 පේළිය:
2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා උදැසන [[අල් කයිඩා]] සාමාජික ගුවන් යානා පැහැරගන්නන් පිරිසක් විසින් ඒකාබද්ධ ත්‍රස්ත ක්‍රියාවක් වශයෙන්, [[බෝයින් 767]] වර්ගයේ ගුවන් යානා දෙකක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නිවුන් කුලුණු දෙක තුලට, එක් කුලුනකට එක බැගින් පියාසර කරවන ලදී. මිනිත්තු 56ක් පුරා පැවති ගින්නකින් පසු දකුණු කුලුන කඩාවැටුණු අතර, ඉන් තවත් පැය බාගයකට පමණ පසු උතුරු කුලුන ද කඩාවැටිණි. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් 2,753 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය. නිවුන් කුලුණු වලින් පහලට වැටුණු සුන්බුන් වලින් සහ එම සුන්බුන් නිසා ඇතිවූ ගිනි ගැනීම්වලින් මධ්‍යස්ථානයේම තවත් ගොඩනැගිලි රැසක් අර්ධ වශයෙන් හෝ සම්පුර්ණයෙන්ම කඩාවැටුණු අතර, එමනිසාම [[ලෝක වාණිජ මධ්‍යස්ථානය]] ඇතුළු අවට පිහිටි විශාල ව්‍යුහ 10කට විනාශකාරී හානි සිදුවිය. ලෝක වෙළඳ මධ්‍යස්ථාන භුමිය පිරිසිදු කිරීම සඳහා මාස 8 ක කාලයක් ගතවිය.
 
ඊට පසු කාලයේදී ලෝක වෙළඳ මධ්‍යස්ථානය නැවත ඉදිකිරිම සඳහා සැලසුම් සකස් කෙරිණි. නැවත ඉදිකිරීම නිරීක්ෂණයට, භුමි සැලසුම් තරඟ සංවිධානයට සහ ස්මාරකය සැලසුම් කිරීමට 2001 නොවැම්බර් මාසයේදී [[පහල මෑන්හැටන් සංවර්ධන සංස්ථාව]] (''Lower Manhattan Development Corporation - LMDC'') ස්ථාපනය කරන ලදී. [[ඩැනියෙල් ලයිබ්ස්කයින්ඩ්]] විසින් ඉදිරිපත් කල [[මෙමරි ෆවුන්ඩේෂන්ස්]] සැලැස්ම, ප්‍රධාන සැලැස්ම ලෙස තෝරාගන්න ලදී; එහෙත් සුළු වෙනස්කම් වලට එය භාජනය විය. මෙම භුමියේ පළමුවෙන්ම ඉදිකර අවසන් කල නව ගොඩනැගිල්ල වුයේ 2006 මැයි මාසයේ විවෘත කල 7WTC ගොඩනැගිල්ලයි. [[ජාතික සැප්තැම්බර් 11 ස්මාරකය සහ කෞතුකාගාරය]]ට අයත් ස්මාරකය 2011 සැප්තැම්බර් 11 දින විවෘත කරන ලද තර, කෞතුකාගාරය 2014 මැයි මාසයේදී විවෘත කරන ලදී. [[''1 වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්'']] (1WTC) ගොඩනැගිල්ල ඉදිකිරීමේ2014 අවසන්නොවැම්බර් අදියරට ලඟා වී ඇති අතර 20143 වසරේදීදින විවෘත වීමටකරන නියමිතයිලදී. [[''4 වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්'']] ගොඩනැගිල්ල 2013 නොවැම්බර් 13 දින විවෘත විය. [[''3 වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්'']] ගොඩනැගිල්ල ඉදිකෙරෙමින් පවතින අතර, එය 2016 දි විවෘත කරනු ඇත. 2013 නොවැම්බර් මාසයේදී, සිල්ව(ර්)ස්ටයින් ප්‍රොපටිස් සමාගම සමග ඇතිකරගත් ගිවිසුමකට අනුව [[''2 වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්'']] ගොඩනැගිල්ල මුල්‍යමය වශයෙන් ස්ථාවර වීමට තරම් භාහිර සමාගම් වලට බදු දෙන තෙක්, එහි උපරිම උසටම ඉදිකිරිම තාවකාලිකව අත්හිටුවා ඇත. [[''5 වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්'']] ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම [[නිව්යෝර්ක් සහ නිව් ජර්සි වාරය අධිකාරිය]] විසින් භාරගෙන ඇත. එහෙත් එය ඉදිකිරිම ආරම්භ කරන හෝ අවසාන කරන දින වකවානු 2014 පෙබරවාරි වනවිටත් ප්‍රකාශයට පත් කොට නොතිබුණි.
"https://si.wikipedia.org/wiki/ලෝක_වෙළඳ_මධ්‍යස්ථානය_(1973-2001)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි