"ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
15 පේළිය:
'''ශ්‍රි ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය''' වෛද්‍යාධාරයට සහ ප්‍රජා සංවර්ධනයට කැපවූ රජය පිළිගත් (1963 අංක 04 දේශීය ආදායම් පනත) අන්තර්ජාතික ආධාර නොළබන දේශීය ස්වේච්ඡා සේවා ව්‍යාපාරයකි. 1960 වර්ෂයේදී වෛද්‍ය. වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම ස්වේච්ඡා සේවා ව්‍යාපාරය වර්තමානය වන විට ශ්‍රී ලංකාව පුරා විහිදුණු ප්‍රබල සංවිධානයකි. ප්‍රධාන වශයෙන් ප්‍රථමාධාර කටයුතු සහ සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධව ක්‍රියාත්මක වේ. මේ වන විට ස්වේච්ඡා සේවක සේවිකාවන් 6000ක් පමණ සම්බන්ධ වී තම නොමසුරු සේවය ලබා දෙන අතර ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 12ක සාර්ථකව ක්‍රියාත්මක වේ.
 
==ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ ඉතිහාසය==
==අතීතය==
===ආරම්භය===
ලක්වැසි ජනතාවගේ පමණක් නොව විදේශීය ජනතාවගේ පවා ඉමහත් භක්ත්‍යාදරයට ලක් වූ ශ්‍රී පාදය උඩවැඩියා මල් ගැනද ප්‍රසිද්ධය. ශ්‍රී පාදයේ උඩවැඩියා මල් නෙලීමට සහ ශ්‍රී පාද වන්දනා කිරීමට 1959 මාර්තු මාසයේ මැදින් පොහෝ දින තරුණ වෛද්‍යවරයෙකු වූ වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා මහතා ප්‍රමුඛ පිරිසක් අති දුෂ්කර රත්නපුර මාර්ගය ඔස්සේ ශ්‍රී පාද කඳු තරණයේ යෙදිණි. වන්දනාකරුවන්ට කඳු තරණයට ඇති එකම බලවේගය බුදු බැතියෙන් පිරී ගිය චිත්ත සන්තානයේ පවතින ආත්ම ශක්තිය පමණකි. එනමුත් ඔවුන්ගේ ආත්ම ශක්තිය කෙතරම් ප්‍රබල වුවද ලෙඩ රෝග වලින් සහ අනතුරුවලින් ඔවුනට එල්ල වූ තර්ජන අනන්තය, අප්‍රමාණ ය.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකා_සෞඛ්‍යදාන_ව්‍යාපාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි