"1896 ගිම්හාන ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය:
 
බොහෝ දුෂ්කරතා සහ අවහිරතා මධ්‍යයේ වුවද 1896 ඔලිම්පික් ක්‍රීඩා උළෙල අති සාර්ථක වූවක් ලෙස සැලකේ. එම කාලයේදී පැවති ඕනෑම ක්‍රීඩා උළෙලක් අතුරින් විශාලතම අන්තර්ජාතික සහභාගිත්වය මෙයට ලැබුණි. එකල පැවති එකම ඔලිම්පික් ක්‍රීඩාංගනය වූ පැනතිනයිකෝ ක්‍රීඩාංගනය තරඟ නැරඹීමට රොක් වූ ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියේය. ග්‍රීක ජාතිකයන් වඩාත්ම උසස් කොට සැලකුවේ තම රටේ ක්‍රීඩක '''සපයිරඩන් ලුවිස්''' විසින් ලැබූ [[මැරතන්]] විජයග්‍රහණයයි. ඉසව් 4ක් ජයග්‍රහණය කල ජර්මන් ජාතික මල්ලවපොර සහ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු වූ [[කාර්ල් ෂුමන්]], වඩාත් සාර්ථකම ක්‍රීඩකයා විය.
 
ක්‍රීඩා උළෙලින් අනතුරුව ග්‍රීසියේ ජෝර්ජ් රජු සහ ඇතැන්ස් වෙත පැමිණි ඇමෙරිකානු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එක් වී මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් ද ඇතැන්ස්හිම පවත්වන්න යැයි ක්යුබර්ටින්ගෙන් සහ IOCයෙන් ඉල්ලුම් කලහ. කෙසේ වුවත් [[1900 ගිම්හාන ඔලිම්පික්]] පැරිසියේදී පැවැත් වීමට ඒ වන විටත් සැලසුම් කොට තිබුණි. [[2004 ගිම්හාන ඔලිම්පික්]] වන තෙක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැවත පැවැත් වීමට අවුරුදු 108ක් තිස්සේ [[ග්‍රීසිය]]ට ඉඩ නොලැබුණි.
"https://si.wikipedia.org/wiki/1896_ගිම්හාන_ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි