"1896 ගිම්හාන ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
19 පේළිය:
 
'''1896 ගිම්හාන ඔලිම්පික්''' (නිලවශයෙන් '''Games of the I Olympiad''' ලෙස හඳුන්වනු ලබන), 1896 අප්‍රේල් 6 සිට 15 දක්වා ග්‍රීසියේ ඇතැන්ස්හිදී පැවැත්වුණු බහු-ක්‍රීඩා ඉසව්වකි (multi-sport event). එය පළමු නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. ඔලිම්පික් ක්‍රීඩාවල ආරම්භය [[පුරාණ ග්‍රීසිය | පුරාණ ග්‍රීසියේ]] සිදුවූ බැවින් නූතන ක්‍රීඩා උළෙලේ සමාරම්භයට ද සුදුසුම ස්ථානය ලෙස ඇතැන්ස් සලකනු ලැබූ අතර 1894 ජුනි 23 වැනි දින ප්‍රංශ ජාතික ගුරුවරයෙකු හා ඉතිහාසඥයෙකු වූ [[පියරේ ඩි ක්යුබර්ටින්]] විසින් සංවිධානය කල සම්මේලනයකදී එය ඒකච්ඡන්දයෙන් තෝරා ගනු ලැබුහ. [[අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව]] (IOC) ද මෙම සම්මේලනයේදී පිහිටුවන ලදී.
 
බොහෝ දුෂ්කරතා සහ අවහිරතා මධ්‍යයේ වුවද 1896 ඔලිම්පික් ක්‍රීඩා උළෙල අති සාර්ථක වූවක් ලෙස සැලකේ. එම කාලයේදී පැවති ඕනෑම ක්‍රීඩා උළෙලක් අතුරින් විශාලතම අන්තර්ජාතික සහභාගිත්වය මෙයට ලැබුණි. එකල පැවති එකම ඔලිම්පික් ක්‍රීඩාංගනය වූ පැනතිනයිකෝ ක්‍රීඩාංගනය තරඟ නැරඹීමට රොක් වූ ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියේය. ග්‍රීක ජාතිකයන් වඩාත්ම උසස් කොට සැලකුවේ තම රටේ ක්‍රීඩක '''සපයිරඩන් ලුවිස්''' විසින් ලැබූ [[මැරතන්]] විජයග්‍රහණයයි. ඉසව් 4ක් ජයග්‍රහණය කල ජර්මන් ජාතික මල්ලවපොර සහ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු වූ [[කාර්ල් ෂුමන්]], වඩාත් සාර්ථකම ක්‍රීඩකයා විය.
"https://si.wikipedia.org/wiki/1896_ගිම්හාන_ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි