"දියවැඩියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
69 පේළිය:
 
රුධිරයෙහි ඇති ග්ලූකෝස් හිමොග්ලෝබින් අණු වෙත අප්‍රත්‍යාවර්ත ලෙස බැදී HbA1c නම් ග්ලූකෝස් බැදුනු හිමෝග්ලොබින් අණු බවට පත්වේ. මෙහි අගය සියයට 6 හො‍් ඊට වැඩි අගයක් ඇති අවස්ථාවන්හි දී අසාමාන්‍ය බවට සැලකේ. මෙය පසු ගිය දින 90 ක කාලයක් තුළ රුධිරයෙහි ග්ලූකෝස් මට්ටම පිළිබද අවබෝධයක් ලබාදේ. කෙසේ වුවත් ඇතැම් වෛද්‍යවරුන් විසින් මෙම පරීක්ෂණය පසුගිය මාස තුනක කාලයක් තුළ රෝගයෙහි පාලනය පිළිබද අවබෝධයක් ලබාගැනීම සදහා යොදා ගැනේ. දියවැඩියාව ඇති රෝගියෙකුගේ මෙම HbA1c අගය 7% වඩා අඩු වී ඇති අතර එමගින් හොද ග්ලූකෝස් පාලනයක් පෙන්නුම් කෙරේ. ඇතැම් අවස්ථා වලදී මෙම අගය 6.5% ලෙස ගැනේ. මෙම අගයන් වලට වඩා අඩුවෙන් HbA1c මට්ටම පවත්වා ගන්නා රෝගීන් හට දියවැඩියාව නිසා ඇති වන අක්ෂි ආබාධ සහ ස්නායු ආබාධ වැනි සංකූලතා ඇති වීම අවම වේ.
 
==වැළක්වීම==
පළමු ආකරයේ දියවැඩියාව (type 1 diabetes) වැළක්වීමේ ක්‍රමයක් හඳුනාගෙන නොමැත. දෙවන ආකාරයේ දියවැඩියාව (Type 2 diabetes) බොහෝ විට සාමාන්‍ය දේහ බර පවත්වා ගැනීම, කායික ව්‍යායාම සහ සෞක්‍යමය ආහාර වේල් ලබා ගැනීම මගින් වළක්වා ගත හැකි වේ. ආහාර වේලේ සිදු කරන වෙනස්කම් දියවැඩියාව වළක්වා ගැනීමෙහි ලා බෙහෙවින් ඵලදායක වනු ඇත. පූර්ණ (නිවුඩ්ඩ ඉවත් නොකරන ලද) ධාන්‍ය සහ තන්තු; ඇට වර්ග, එළවලු තෙල් සහ මාළු ආදියේ ඇති ඇති අසන්තෘප්ත මේදය වැනි සුදුසු මේද යනාදිය ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. සීනිමය ආහාර හැකිතාක් පාලනය කිරීම සහ රතු මස් ආදී සංතෘප්ත මේද අඩංගු ආහාර අඩු කිරීම ද දියවැඩියාව වළක්වා ගැනීමෙහි ලා ඉවහල් වනු ඇත. ක්‍රියාකාරී දුම් පානය ද දියවැඩියාව ඇති කිරීමේ වැඩි අවධානමක් සහිත සාධකයක් වෙයි. එහෙයින් දුම්පානයෙන් වැළකීම ද දියවැඩියාව වළක්වා ගැනීමට වැදගත් වෙයි.
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/දියවැඩියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි