"ග්‍රීක භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
31 පේළිය:
යුරෝපා ඉතිහාසයෙහි ග්‍රීක භාෂාවට අද්විතීය ස්ථානයක් හිමිවෙයි. බටහිර සභ්‍යත්වය සහ ක්‍රිස්තියානිත්වයෙහි වර්ධනයට එහි ආභාෂය බෙහෙවින් ලැබුණි. ග්‍රීක සාහිත්‍යය [[ඉලියඩ්]] සහ [[ඔඩිසි]] වැනි මහා වීර කාව්‍යයන්ගෙන් සමන්විත වෙයි. බටහිර දර්ශන විද්‍යාව, ප්ලේටෝනික සංවාද මෙන්ම [[ඇරිස්ටෝටල්]]ගේ ක්‍රියාකාරකම් වලදී පදනම් භාෂාව වුයේ ද ග්‍රීක භාෂාවයි. කතෝලික බයිබලයේ [[නව තෙස්තමේන්තුව]] ලියැවුනේ [[කොයිනේ ග්‍රීක භාෂාව | කොයිනේ ග්‍රීක භාෂාවෙනි]]. [[ලතින් භාෂාව | ලතින්]] පාඨ ග්‍රන්ථ සහ රෝමානු ලෝකය සමඟ එකතුව ග්‍රීක පාඨ ග්‍රන්ථ සහ පුරාතන ග්‍රීක සමාජය අධ්‍යයනය, සම්භාව්‍ය සභ්‍යත්වයෙන් සමන්විත වෙයි.
 
පුරාතන සම්භාව්‍යත්වය තුලදී, මධ්‍යධරණී ලෝකයෙහි පුළුල්වම ව්‍යාප්ත වූ භාෂා ව්‍යවහාරය වූයේ ග්‍රීක භාෂාවයි. එමෙන්ම එය [[බයිසැන්තියම් අධිරාජ්‍යය | බයිසැන්තියම් අධිරාජ්‍යයේ]] නිල භාෂාව බවට ද පත් විය. ග්‍රීසියෙහි සහ සයිප්‍රසයෙහි නිල භාෂාව වන [[නවීන ග්‍රීක භාෂාව]], යුරෝපා සංගමයේ නිල භාෂා 23න් එකකි. මෙම භාෂාව ග්‍රීසියෙහි, සයිප්‍රසයෙහි, ඇල්බේනියාවේ බොහෝ ප්‍රදේශයන්හි සහ ග්‍රීක ඩයස්පොරාවෙහි අඩු තරමින් මිලියන 13ක් වූ ජනතාවක් විසින් අද භාවිත කරනු ලබයි.
 
ග්‍රීක සහ ලතින් භාෂා [[අන්තර්ජාතික විද්‍යා වාග් මාලාව | අන්තර්ජාතික විද්‍යා වාග් මාලාවෙහි]] අතිප්‍රමුඛ මුලාශ්‍රයෝ වෙති.
"https://si.wikipedia.org/wiki/ග්‍රීක_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි