"ග්‍රීක භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
29 පේළිය:
}}
 
'''ග්‍රීක''' (Modern Greek: ελληνικά [eliniˈka] "Greek", ελληνική γλώσσα [eliniˈci ˈɣlosa] "ග්‍රීක භාෂාව) යනු ඉන්දු - යුරෝපීය භාෂා පවුලේ නිදහස් ශාඛාවකි. දක්ෂිණ බෝල්කන්, එජියන් දූපත්, බටහිර සුළු ආසියාව සහ සයිප්‍රස් ජාතිකයන්ගේ ජන්ම භාෂාව වෙයි. සියවස් 34 කට අධික ලිඛිත වාර්තා සහිත මෙම භාෂාව, ඉන්දු - යුරෝපීය භාෂා අතුරින් දීර්ඝතම දත්තගත ඉතිහාසයක් සහිත භාෂාව වෙයි. ග්‍රීක හෝඩිය පදනම් කරගෙන එහි ලිවීමේ ක්‍රමය සකස් වී ඇත. ලයිනියර් B සහ සිප්රියෝට් අක්ෂර මාලාව වැනි වෙනත් පද්ධතීන් ද ඊට පෙර භාවිත වී තිබිණි. ෆිනීෂියානු අක්ෂර මාලාව මගින් ග්‍රීක හෝඩිය වැඩි දියුණු වූ අතර ලතින්, සිරිලික්, කොප්ටික් සහ වෙනත් බොහෝ ලිවීමේ ක්‍රමයන්ද ඇසුරු කර ඇත.
 
යුරෝපා ඉතිහාසයෙහි ග්‍රීක භාෂාවට අද්විතීය ස්ථානයක් හිමිවෙයි. බටහිර සභ්‍යත්වය සහ ක්‍රිස්තියානිත්වයෙහි වර්ධනයට එහි ආභාෂය බෙහෙවින් ලැබුණි. ග්‍රීක සාහිත්‍යය [[ඉලියඩ්]] සහ [[ඔඩිසි]] වැනි මහා වීර කාව්‍යයන්ගෙන් සමන්විත වෙයි. බටහිර දර්ශන විද්‍යාව, ප්ලේටෝනික සංවාද මෙන්ම [[ඇරිස්ටෝටල්]]ගේ ක්‍රියාකාරකම් වලදී පදනම් භාෂාව වුයේ ද ග්‍රීක භාෂාවයි. කතෝලික බයිබලයේ [[නව තෙස්තමේන්තුව]] ලියැවුනේ [[කොයිනේ ග්‍රීක භාෂාව | කොයිනේ ග්‍රීක භාෂාවෙනි]]. [[ලතින් භාෂාව | ලතින්]] පාඨ ග්‍රන්ථ සහ රෝමානු ලෝකය සමඟ එකතුව ග්‍රීක පාඨ ග්‍රන්ථ සහ පුරාතන ග්‍රීක සමාජය අධ්‍යයනය, සම්භාව්‍ය සභ්‍යත්වයෙන් සමන්විත වෙයි.
"https://si.wikipedia.org/wiki/ග්‍රීක_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි