"1 වන ආවර්තයේ මූලද්‍රව්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
'''1 වන ආවර්තයේ මූලද්‍රව්‍යයක්''' යනු, [[ආවර්තිතා වගුව |රසායනික මූලද්‍රව්‍යයන්ගේ ආවර්තිතා වගුවෙහි]] පළමුවන පේළියෙහි (හෝ [[ආවර්තිතා වගුවෙහි ආවර්තය |ආවර්තයෙහි]]) පිහිටන [[රසායනික මූලද්‍රව්‍යය|රසායනික මූලද්‍රව්‍යයන්]] අතුරින් එකකි. ආවර්තිතා වගුව සකස් කර ඇත්තේ පේළි ලෙසින් වන අතර, එසේ කර ඇත්තේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය වැඩිවත්ම, ඒවායේ රසායනික චර්යාවේ පුනරාවර්ත (ආවර්තිත) උපනතීන් සන්නිදර්ශනය කර දැක්වීමටය: රසායනික චර්යාවන් පුනරාවර්තනය වීම ඇරඹෙත්ම නව පේළියක් ඇරඹෙන අතර, එයින් ගම්‍ය වන්නේ, සමතුල්‍ය චර්යාවන් සහිත මූලද්‍රව්‍යයන් එකම සිරස් තීරුවක තැබෙන බවයි. පළමුවන ආවර්තය, වගුවෙහි වෙනත් පේළි වලට වඩා අඩු මූලද්‍රව්‍යය සංඛ්‍යාවක්, එනම් දෙකක් සහිත වෙයි: [[හයිඩ්‍රජන්]] සහ [[හීලියම්]]. මෙම සන්නිවේශය, [[පරමාණුක ව්‍යුහය|පරමාණුක ව්‍යුහයෙහි]] නවීනතම සිද්ධාන්තයන් වෙතින් පැහැදිලි කල හැක. [[පරමාණුව|පරමානුක]] ව්‍යුහයෙහි [[ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා‍ව |ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාත්මක]] පැහැදිලි කිරීමක් අනුව, [[s-කාණ්ඩය|1s]] [[පරමාණුක කාක්ෂිකය |කාක්ෂිකය]] පිරවීම හා සමගින්, මෙම ආවර්තය අනුරූප වෙයි. පළමුවන ආවර්තයේ මූලද්‍රව්‍යයන් විසින් [[අෂ්ටක නීතිය #ව්‍යතිරේක|යුග නීතිය]] පිළිපැදෙන්නේ, ඒවායේ [[සංයුජතා කවචය]] සම්පූර්ණ කිරීමට අවශ්‍ය වන්නේ [[ඉලෙක්ට්‍රෝනය|ඉලෙක්ට්‍රෝන]] දෙකක් පමණක් නිසාය. මෙම මූලද්‍රව්‍යයන් විසින් අවකාශ සැපයිය හැක්කේ උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන දෙකකට පමණක් වන අතර, එම දෙකම 1s කාක්ෂිකයෙහි වෙති. එබැවින්, පළමුවන ආවර්තය සතු විය හැක්කේ මූලද්‍රව්‍යයන් දෙකක් පමණි.
 
==ආවර්තිත උපනතීන් ==
{{ද්විත්ව රූපය |right|Electron shell 001 Hydrogen (diatomic nonmetal) - no label.svg|100|Electron shell 002 Helium - no label.svg|100|[[හයිඩ්‍රජන්]]|[[හීලියම්]]|හයිඩ්‍රජන්හී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1 රූපය වෙයි.|හීලියම්හී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 රූපය වෙතින් දැක්වෙයි.}}
 
 
"https://si.wikipedia.org/wiki/1_වන_ආවර්තයේ_මූලද්‍රව්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි