"ලෝක වෙළඳ මධ්‍යස්ථානය (1973-2001)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
93 පේළිය:
| owner = [[නිව්යෝර්ක් සහ නිව් ජර්සි වාරය අධිකාරිය]]
}}
'''ලෝක වෙළඳ මධ්‍යස්ථානය''' (''World Trade Center'' ; සිංහල:''වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්'') යනු [[ඇමරිකා එක්සත් ජනපදය|ඇමරිකා එක්සත් ජනපදයේ]], [[නිව්යෝර්ක් නගරය|නිව්යෝර්ක් නගරයේ]], [[පහල මෑන්හැටන්]] ප්‍රදේශයේ එම නමින්ම පැවතී ගොඩනැගිලි සංකීර්ණයක් ප්‍රතිස්ථාපනය කරමින් එම භූමියේම ඉදිකෙරෙමින් පවතින නව ගොඩනැගිලි සංකීර්ණයකි. සුප්‍රසිද්ධ නිවුන් කුලුණු සහිත මුල් ලෝක වෙළඳ මධ්‍යස්ථානය 1973 අප්‍රේල් 4 වැනි දින විවෘත කරන ලද අතර 2001 සැප්තැම්බර් 11 දින සිදුවූ [[සැප්තැම්බර් 11 ප්‍රහාර]] හමුවේ "7 World Trade Center" සහ නිවුන් කුලුණු ද්විත්වය සම්පුර්ණයෙන්ම විනාශ විය. එම නිවුන් ද්විත්ව කුළුණු කඩාවැටිම හේතුවෙන් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ අනෙක් ගොඩනැගිලි වලට ද අර්ධ වශයෙන් හානි සිදුවූ අතර, ඒවා පසුව විනාශ කර දමන ලදී. මේ වනවිට එම භුමියේ නව උස් ගොඩනැගිලි 6ක් ඉදිකෙරෙමින් පවතින අතර, ඊට අමතරව සැප්තැම්බර් 11 ප්‍රහාර වලින් මියගිය පිරිස සිහිකිරීම පිණිස ස්මාරකයක් ද, ප්‍රවාහන මධ්‍යස්ථානයක්ද ඉදිකෙරෙමින් පවතී. මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ප්‍රධාන ගොඩනැගිල්ල "වන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්" (''One World Trade Center"'') හෙවත් 1WTC වේ. එය ඉදිවූ පසු මහල් 100 ටත් වැඩිවන අතර, එය එක්සත් ජනපදයේ උසම ගොඩනැගිල්ලද වනු ඇත.
 
පැරණි මුල් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නිවුන් කුලුණු ද්විත්වය නිමවා අවසන් කරන විට [[උතුරු කුලුන]] (උස අඩි 1,368 (417 m) ) සහ [[දකුණු කුලුන]] ලොව උසම ගොඩනැගිලි බවට පත්විය. එම ගොඩනැගිලි සංකීර්ණයේ අනෙක් ගොඩනැගිලි වුයේ "[[මැරියට් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්]]" හෙවත් 3WTC, 4 WTC, 5 WTC, 6 WTC, සහ 7 WTC වේ. නිවුන් කුලුණු වලට අමතරව ඉදිවූ මෙම ගොඩනැගිලි සියල්ල ඉදිවුයේ 1975 සහ 1985 කාලය අතරතුරදීය. ඒ සඳහා වූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 400 (2014 ඇ. ඩො. වලින්: ඇ. ඩො. මිලියන 2,300) වේ. එම ගොඩනැගිලි සංකීර්ණය නිව්යෝර්ක් නුවර [[වාණිජ දිස්ත්‍රික්කය]] තුල පිහිට තිබුණු අතර වර්ග අඩි 13,400,000 (1,240,000 m2) ක කාර්යාලීය ඉඩක් ඊට අයත් විය.
 
ලෝක වෙළඳ මධ්‍යස්ථනය 1975 පෙබරවාරි 13 දින ගින්නකට ද, 1993 පෙබරවාරි 26 දින බෝම්බ ප්‍රහාරයකට ද, 1998 ජනවාරි 14 දින මංකොල්ලයකට ද මුහුණ දුනි. 1998 දී වාරය අධිකාරිය විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානය පුද්ගලීකරණය කිරීමට හා එහි කළමනාකාරිත්වය පුද්ගලික ආයතනයකට ලබා දීමට තීරණය කරන ලදී. ඒ අනුව 2001 ජුලි මස ලෝක වෙළඳ මධ්‍යස්ථානය, [[සිල්ව(ර්)ස්ටයින් ප්‍රොපටිස්]] ආයතනය වෙත බදු දෙන ලදී.
 
2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා උදැසන [[අල් කයිඩා]] සාමාජික ගුවන් යානා පහරගන්නන්පැහැරගන්නන් පිරිසක් විසින් ඒකාබද්ධ ත්‍රස්ත ක්‍රියාවක් වශයෙන්, [[බෝයින් 767]] වර්ගයේ ගුවන් යානා දෙකක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නිවුන් කුලුණු දෙක වෙතටතුලට, එක් කුලුනකට එක බැගින් පියාසර කරවන ලදී. මිනිත්තු 56ක් පුරා පැවති ගින්නකින් පසු දකුණු කුලුන කඩාවැටුණු අතර, ඉන් තවත් පැය බාගයකට පමණ පසු උතුරු කුලුන ද කඩාවැටිණි. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් 2,753 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය. නිවුන් කුලුණු වලින් පහලට වැටුණු සුන්බුන් වලින් සහ එම සුන්බුන් නිසා ඇතිවූ ගිනි ගැනීම්වලින් මධ්‍යස්තානයේමමධ්‍යස්ථානයේම තවත් ගොඩනැගිලි රැසක් අර්ධ වශයෙන් හෝ සම්පුර්ණයෙන්ම කඩාවැටුණු අතර, එමනිසාම [[ලෝක වාණිජ මධ්‍යස්ථානය]] ඇතුළු අවට පිහිටි විශාල ව්‍යුහ 10කට විනාශකාරී හානි සිදුවිය. ලෝක වෙළඳ මධ්‍යස්ථාන භුමිය පිරිසිදු කිරීම සඳහා මසමාස 8 ක කාලයක් ගතවිය.
"https://si.wikipedia.org/wiki/ලෝක_වෙළඳ_මධ්‍යස්ථානය_(1973-2001)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි