"අකුණු ගැසීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'අකුණු පහරක් යනු ඉතාමත් ප‍්‍රබල විදුලියක් වලා...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
 
අකුණු පහරක් යනු ඉතාමත් ප‍්‍රබල විදුලියක් වලාකුලක සිට පොළව දෙසට ක්‍ෂණිකව ගමන් කිරිමකි. එහිදි විශාල ශබ්දයක් හා ආලෝකයක් පිටවේ. මුලින් පෙනෙන්නේ ආලෝකයයි. ක්‍ෂණයකින් ශබ්දය ඇසේ. මෙසේ එළිය දැනුණු වහාම කන් වසා ගැනීමෙන් ශබ්දයෙන් ශ‍්‍රවන පද්ධතියට ඇති විය හැකි බලපෑම වලක්වා ගත හැක.
 
Line 4 ⟶ 5:
 
අකුණු වලින් එන (ඇම්පියර් 25000ක් - සාමාන්‍ය විදුලි බල්බයක මෙන් 5000 වාරයක් වැනි) අති ප‍්‍රබල විදුලිය මගින් ජිවිත හා දේපොළ වලට වඩාත් හානි ඇති කරනු ලබයි.
 
 
අකුණක් ලඟා විය හැකි ආකාර:-
 
01. සෘජු ගැටුම- වලාකුළක සිට පහත්වන අකුණු ධාරාවක් සෘජුවම ළඟා වීම.
 
02. ස්පර්ශ වෝල්ටීයතාවය- පෘථිවිය වෙත අකුණු ධාරාවක් ගමන් කරන ද්‍රව්‍යයක් (ගසක් හෝ කම්බියක්) හා ස්පර්ශ වී පවතින විට අකුණු පහර ඒ හරහා ළඟා වීම.
 
03. අංශු ජ්වලනය - පෘථිවිය වෙත අකුණු ධාරාවක් ගමන් කරන ද්‍රව්‍යයක් (ගසක් හෝ කම්බියක්) ආසන්නයේ සිටින විට ද්‍රව්‍යයේ සිට ඇති පරතරය තුළින් පුළිඟුවක් ලෙස අකුණු පහර ළඟාවීම
 
04. යවර වෝල්ටීයතාවය පෘථිවිය වෙත අකුණු ධාරාවක් ළඟා වූ ස්ථානයක සිට විහිදී යන ධාරාවක් ආසන්නම ශරීර ස්පර්ශ ස්ථානයෙන් ඇතුල් වී වෙනත් ස්ථානයකින් යලිත් පෘථිවිය වෙත ගමන් කිරීම.
 
 
මේ හානි අවම කර ගන්නේ කෙසේද?
 
අකුණු ඇතිවන විට,
 
01. උස කදු මුදුනකල කී‍්‍රඩා පිට්ටනියකල,කුඹුරක හෝ ජලාශයක් වැනි විවෘත ස්ථානයක නොසිටින්න. එවැනි තැන්වල බයිසිකල් අශ්වයින් පැදිමෙන් වළකින්න. වහාම නිවසකට හෝ වැඩිය උස නැති ගස් සමුහයක් තිබෙන ගහක් යටට යන්න.
 
02.එවැනි තැනක් නැත්නම් පාද දෙක ලංකොට දෙඅත් බිම නොතබා තමාගේ උස අඩුවන සේ හිස පහත් කොට සිටින්න.
 
03. කම්බි වැට දුරකථන සම්පේ‍්‍රෂණ කුළුණු, T.Vඇන්ටනා වැනි ලෝහමය ආකෘති වලින් ඈත් වන්න.
 
04.ලෝහ ආයුධ හෝ උපකරණ හෝ භාවිතා නොකරන්න.එවැනි දෑ අතේ තිබේ නම් ඉවතට විසි කරන්න.
 
 
තදින් අකුණු සැර පවති නම්,
 
01. ලී ඇඳක දිගාවන්න. එසේ නැත්නම්තම අඩිය බිම හා නොගැටෙන සේ පුටුවක හිඳගෙන පහත් වී සිටින්න.
 
02. ලෝඟමය උපකරණ භාවිතා නොකරන්න.
 
03. විදුලි උපකරණ පලග් (Plug) එකෙන් ගලවන්න.විදුලිය ගලා ඒම ප‍්‍රධාන ස්විචයෙන්ම නවත්වන්න.
 
04. T.V ඇන්ටනාව රූපවාහිනියෙන් ගලවා කෙළවර පොලිතින් වලින් වසා එළියට දමන්න.
 
05. විශේෂයෙන් රැහැන් සහිත දුරකථන භාවිතා නොකරන්න.
 
06. ලෝඟයෙන් නිමවු ජනේල හෝ දොරවල් ළග නොසිටින්න.
 
 
නිවස ආරක්‍ෂා කර ගැනීම
 
01.විධිමත් අකුණු ආරක්‍ෂණ පද්ධතියක් (අකුණු සන්නායක) සවි කර ගැනිම සහඒවායේ භූගත කිරිම් මාස 6 කට පමණ වරක් පරීක්‍ෂා කරවා ගැනිම.
 
02.ගෘහ විද්‍යුත් පරිපථය මනා ලෙස භූගත කිරිම
 
03.ගෘහ විද්‍යුත් පරිපථයට සර්ජන ආරක්‍ෂණ උපාංග සවි කරවා ගැනීම.
 
 
අකුණු සැරයට ලක් වුවහොත්
 
01. ස්පර්ශ කිරිමට බිය නොවන්න,උදවුකරන්න.
 
02. හුස්ම නොවැටේ නම් පලපුරුදු පුද්ගලයෙක් සිටී නම් ඔහු ලවා කෘතිමව ශ්වසනය ලබාදෙන්න. එසේම හදිසි අනෙකුත් ප‍්‍රථමාධාර සපයන්න.
 
03. පිළිස්සී ඇත්නම් ජලයෙන් හොදින් තෙමන්න.
 
04. රෝගියාගේ ශරීරයට හානියක් නොවන සේ වහාම රෙඟලකට ගෙනයන්න
 
 
ඔබ දන්නවා ද?
 
# වසන ලද මෝටර් රථයක් හෝ ලෝහමය කූටීරයක් ඇතුල අකුණු වලින් වඩා ආරක්‍ෂිත ස්ථානයක් වේ.
# අහස අඳුරු වීම, අකුණු එළිය, ගිගුරුම් හඬ අවධානමේ පෙර ළකුණු වේ.
# ගිගුරැම් හඬ ඇසේ නම්, අකුණක් වැදිය හැකි මානයේ ඔබ සිටිනබව දැනගන්නග
# පෙනෙන අකුණු එළයත්, ඇසෙන ගිගුරුම් හඬත් අතර තත්පර වලින් කාලය 15ට වඩා අඩුනම් දැඩි අවධානමක් ඇතිබව දැනගන්න
# ගිගුරුම් හා අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවේ නිවේදන ගැන සැළකිලිමත් වන්න.
 
කතුහිමිකම © 2014 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
"https://si.wikipedia.org/wiki/අකුණු_ගැසීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි