"චීනචට්ටි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
8 පේළිය:
[[ආහන්‍ය යකඩ |ආහන්‍ය චීනචට්ටි]] හැර අනෙකුත් චීනචට්ටි වර්ග [[භංගුර]] වීමට ප්‍රවණතාවයක් දක්වයි.එය විසින් දක්වන සාපේක්ෂ වශයෙන් පහළ ද්‍රවාංකය, හොඳ තාරල්‍යය, [[වාත්තු කළ හැකි බව]], අනර්ඝ යාන්ත්‍රයතාව, විරූපණයට ප්‍රතිරෝධය සහ ගෙවීයෑමට ප්‍රතිරෝධය යන ගුණාංග නිසා, පුළුල් පරාසයක උපයෝජ්‍යතාවක් සහිත [[ඉංජිනේරුමය ද්‍රව්‍යය‍|ඉංජිනේරුමය ද්‍රව්‍යයක්]] බවට චීනචට්ටි පත්වී ඇති අතර නල, යන්ත්‍ර සහ [[සිලින්ඩර මුදුන|සිලින්ඩර මුදුන්]] (පිරිහෙන භාවිතය), [[සිලින්ඩර කඳ|සිලින්ඩර කඳවල්]] සහ [[ගියර පෙට්ටිය|ගියර පෙට්ටි]] කවර (පිරිහෙන භාවිතය) වැනි [[මෝටර් රථ කර්මාන්ත|මෝටර් රථ කර්මාන්ත]] කොටස් සඳහා භාවිතා වෙයි. [[ඔක්සිකරණය]] ([[මලකඩ]]) නිසා විනාශවී යෑම සහ අබලන්වීම කෙරෙහි එය ප්‍රතිරෝධයක් දක්වයි.
 
ක්‍රිපූ 5වන සියවසට දින නියම කරන ලද ආදිතම චීනචට්ටි මෙවලම්, [[පුරාවිද්‍යාඥයින්]] විසින් සොයාගනු ලැබුවේ, වර්තමානයේ චීනයේ ජියන්සූ ප්‍රදේශයේ [[ලූහ ප්‍රාන්තය|ලූහ ප්‍රාන්තයේදීය]]. යුද්ධකටයුතු, කෘෂිකර්මය සහ, ගෘහ නිර්මාණ ශිල්පය සඳහා පුරාතන චීනයේ චීනචට්ටි භාවිතා කරන ලදි.<ref name="Wagner"/> 15වන සියවසෙහිදී ප්‍රංශයේ, [[බර්ගන්ඩි]] ප්‍රදේශයේදී සහ [[ප්‍රතිසංස්කරණය]] අවදියෙහි එංගලන්තයෙහිදී, කාල තුවක්කු තැනීමට චීනචට්ටි භාවිතා වී ඇත.<ref name="Krause">{{උපන්‍යාස පොත|author=කයිට් ක්‍රවුස|title=ආම්ස් ඇන්ඩ් ද ස්ටේට්: පැටර්න්ස් ඔෆ් මිලිටර් ප්‍රොඩක්ෂන් ඇන්ඩ් ට්‍රේඩ් |date= අගෝස්තු 1995|publisher=කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය |isbn=978-0-521-55866-2|page=40}}</ref> 1770 ගණන් වලදී පළමු චීනචට්ටි පාළම තැනුනේ [[තුන්වන ඒබ්‍රහම් ඩාබි]] විසින් වන අතර, එය හැඳින්වුනේ [[යකඩ පාළම]] ලෙසිනි. [[චීනචට්ටි ගෘහ නිර්මාණ ශිල්පය |ගොඩනැගිලි තැනීම]] සඳහාද චීනචට්ටි භාවිතා කෙරෙයි.
 
 
"https://si.wikipedia.org/wiki/චීනචට්ටි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි