"ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු fixing dead links
සුළු fixing dead links
74 පේළිය:
==== යෞවන ඔලිම්පික් ====
 
2010 වසරේ දී ඔලිම්පික් උළෙලට එක් වූ යෞවන ඔලිම්පික් නම් විශේෂ ඔලිම්පික් උළෙල වසය අවුරුදු 14 සහ 18 අතර යෞවනයන් සඳහා වෙන්වූවකි. එබඳු තරගාවලියක් ඔලිම්පික් සඳහා එක් කිරීම 2001 වසරේ දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය දැරූ ජැකස් රොජ්ගේ සිතිවිල්ලක් වන අතර එය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ 119 වන සැසි වාරයේ දී සම්මත කර ගන්නා ලදී.<ref name="Rogge introduces" /><ref>{{cite news |last= Rice |first= John |url= http://www.usatoday.com/sports/olympics/2007-07-05-2774646336_x.htm |title=IOC approves Youth Olympics; first set for 2010 |agency= Associated Press |publisher= USA Today |date=5 July 2007 |accessdate=2 February 2009}}</ref> පළමු ග්‍රීෂ්ම යෞවන ඔලිම්පික් උළෙල 2010 වසරේ අගෝස්තු 14 සිට 26 දක්වා [[සිංගප්පූරුව|සිංගප්පූරුවේ]] පැවැත්වුණු අතර පළමු ශීත ඍතු යෞවන ඔලිම්පික් උළෙල 2012 වසරේ දී [[ඔස්ට්‍රියාව|ඔස්ට්‍රියාවේ]] ඉන්ස්බ්රුක් හි දී පැවැත්විණ.<ref>{{cite web|title=Innsbruck is the host city for the first Winter Youth Olympic Games|publisher=The Vancouver Organizing Committee for the 2010 Olympic and Paralympic Winter Games|date=12 December 2008|url=http://www.vancouver2010.com/en/news/feature-stories/-/61888/32574/1t8ch2t/innsbruck-is-the-host-city-for.html|accessdate=30 March 2009|archiveurl=http://web.archive.org/web/20090610111938/http://www.vancouver2010.com/en/news/feature-stories/-/61888/32574/1t8ch2t/innsbruck-is-the-host-city-for.html|archivedate=10 June 2009}}</ref> යෞවන ඔලිම්පික් උළෙලක් සාමාන්‍ය ඔලිම්පික් උළෙලකට වඩා කෙටි වෙයි; ග්‍රීෂ්ම ඍතු ‍යෞවන ඔලිම්පික් උළෙලක් දින 12 ක් ද ශීත ඍතු යෞවන ඔලිම්පික් උළෙලක් දින 9 ක් ද පැවැත්වෙයි. <ref name="CRIonYOG" /> ග්‍රීෂ්ම ඍතු යෞවන ඔලිම්පික් උළෙලක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500 දෙනෙකු හා නිළධාරීන් 875 දෙනෙකු සහභාගී කරවීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අවසර ලබා දී ඇත. එමෙන්ම ශීත ඍතු යෞවන ඔලිම්පික් උළෙලක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 970 දෙනෙකුට හා නිළධාරීන් 580 දෙනෙකුට සහභාගී විය හැක. <ref name="YOGisGo" /><ref name="No kidding" /> මෙම උළෙලක දී පැවැත්වෙන ක්‍රීඩා බොහෝ දුරට සාමාන්‍ය ඔලිම්පික් උළෙලකට සමාන වන නමුත් මිශ්‍ර යුගල සහ කණ්ඩායම් තරගවල දී සුළු සුළු වෙනස්කම් දක්නට හැක. සාමාන්‍ය ඔලිම්පික් උළෙලක දැකිය හැකි සියළුම තරග සහ පුහුණුවීම් යෞවන ඔලිම්පික් උළෙලක දී දක්නට නොලැබේ.<ref>{{cite news |url= http://www.usatoday.com/sports/olympics/summer/2007-07-05-olympic-notes_N.htm |title= IOC votes to start Youth Olympics in 2010 |first= Vicky |last= Michaelis |date= 5 July 2007 |work= USA Today |accessdate=2 February 2009}}</ref>
 
=== මෑත ඉතිහාසය ===
172 පේළිය:
[[File:Birdsclosing.jpg|thumb|2008 බීජිං ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළ ගැසී සිටි අයුරු]]
 
ඔලිම්පික් උළෙලේ සියලුම ක්‍රීඩා ඉසව් පවත්වා අවසන් වීමෙන් අනතුරු ව සමාප්ති උත්සවය පවත්වනු ලැබේ. පළමුව සෑම රටක්ම නියෝජනය කරමින් ධජයන් රැගත් නියෝජිතයන් ක්‍රීඩා පිටයට ඇතුළු වන අතර ඉන් අනතුරු ව කිසිම ජාතිකත්ව වෙනසකින් තොරව ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිටියට ඇතුළු වෙති. <ref name="IOCclosingProtocol">{{cite web |title=Closing Ceremony Factsheet|publisher=The International Olympic Committee|date=5 June 2012|url=http://www.olympic.org/Documents/Reference_documents_Factsheets/Closing_Ceremony_of_the_Games.pdf|accessdate=12 August 2012}}</ref> ඉන් අනතුරුව රටවල් තුනක ධජ තුනක් ඔසවමින් ඔවුන්ගේ ජාතික ගී ගායනා කරනු ලැබේ. අදාල ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය දැරූ රට, ඔලිම්පික් පුරෝගාමීත්වයට දක්වන ගරු කිරීමක් වශයෙන් ග්‍රීසිය සහ ඊලඟට නියමිතව ඇති ග්‍රීෂ්ම හෝ ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය දරන රට, එම රටවල් තුනයි. <ref name="IOCclosingProtocol"/> සංවිධායක කමිටුවේ සභාපතිවරයා සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා තම සමාප්ති කතාවන් පවත්වමින් නිළ වශයෙන් ඔලිම්පික් උළෙලේ සමාප්තිය සනිටුහන් කරන අතර ඉන් අනතුරුව ඔලිම්පික් පහන නිවා දමනු ලැබේ. <ref>{{cite web |title= Closing Ceremony |publisher= International Olympic Committee |date= 31 January 2002 |url= http://multimedia.olympic.org/pdf/en_report_268.pdf |archiveurl= http://www.webcitation.org/5gKmkOYeD |archivedate= 26 April 2009 |format= PDF |accessdate=27 August 2008}}</ref> අවසානයේ දී වර්තමාන ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය දැරූ නගරයේ නගරාධිපතිවරයා විසින් විශේෂ ඔලිම්පික් ධජයක් අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයාට ලබා දෙනු ලබන අතර ඔහු විසින් එය මීලඟ ඔලිම්පික් උළෙල පවත්වන නගරයේ නගරාධිපතිවරයාට භාර දීම සිදු කරනු ලබයි. <ref>{{cite web |url=http://www.vancouver2010.com/en/news/feature-stories/-/38344/32574/w6rlej/the-olympic-flags-and-emblem.html |title=The Olympic Flags and Emblem |publisher=The Vancouver Organizing Committee for the 2010 Olympic and Paralympic Winter Games|accessdate=10 February 2009|archiveurl=http://web.archive.org/web/20090426042147/http://www.vancouver2010.com/en/news/feature-stories/-/38344/32574/w6rlej/the-olympic-flags-and-emblem.html|archivedate=26 April 2009}}</ref> ඉන් අනතුරුව ඊලඟ ඔලිම්පික් උළෙල පවත්වන රට තමන්ව හඳුන්වාදීම සඳහා ඔවුන්ගේ සංස්කෘතිය විදහා දක්වමින් කුඩා සන්දර්ශනයක් පැවැත්වීම සිදුවේ. <ref name="IOCclosingProtocol"/>
 
=== පදක්කම් ප්‍රදානය ===
"https://si.wikipedia.org/wiki/ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි