"පොඩ්කාස්ට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
New page: පොඩ්කාස්ට් එකක් යනු syndication feeds භාවිතයෙන් අන්තර් ජාලය ඔස්සේ බෙදා හැරෙන ඩි...
(වෙනසක් නොමැත)

14:48, 10 අප්‍රේල් 2008 තෙක් සංශෝධනය

පොඩ්කාස්ට් එකක් යනු syndication feeds භාවිතයෙන් අන්තර් ජාලය ඔස්සේ බෙදා හැරෙන ඩිජිටල් මාධ්‍ය ගොනු කිහිපයක එකතුවකි. මේවා ජංගම මාධ්‍ය ධාවක (media player) සහ පරිගනක භාවිතයෙන් ඇසීමට හෝ බැලීමට පිලිවන. පොඩ්කාස්ට් යන වචනය එහි ඇති අන්තර්ගතය සඳහා මෙන්ම එය සන්නිවේදනය කරන මාධ්‍ය හැඳින්වීම සඳහාද භාවිතා කල හැක.

මෙම ක්‍රමය මුලින්ම භාවිතා කර ඇත්තේ Apple සමාගමේ iPod මාදිලියේ ජංගම මාධ්‍ය ධාවක හරහාය. "iPod" සහ "broadcast" යන වචන දෙක සන්ධි වීමෙන් මෙම වචනය තැනී ඇත්තේ එහෙයිනි. එම ක්‍රමයේදී මාධ්‍ය ගොනු පරිගනකයට බාගත කල සැනින් ස්වයංක්‍රීයව ජංගම මාධ්‍ය ධාවකයට පිටපත් කෙරේ.

පොඩ්කාස්ට් වෙබ් අඩවි වල ඇති මාධ්‍ය අන්තර්ගතයන් කෙලින්ම බාගත කිරීමට හෝ එසැනින් ඇසීමට (Streaming) සැලැස්වූවද එහි ඇති විශේෂත්වය නම් ඒ සඳහා syndicate, subscribe වැනි ක්‍රම හෝ නව අන්තර්ගතයන් එක් වූ විට ස්වයංක්‍රීයව බාගත වීමට සැලැස්වීම වැනි පහසුකම් ය.

"https://si.wikipedia.org/w/index.php?title=පොඩ්කාස්ට්&oldid=31240" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි