"ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු fixing dead links
57 පේළිය:
=== වෙනස්වීම් සහ එකතුවීම් ===
 
1896 තරගාවලිය සාර්ථක වුව ද ඉන් අනතුරුව, ඔලිම්පික් උළෙල මුහුණදුන්නේ එක තැන පල් වන තත්ත්වයකට ය. ඔලිම්පික් උළෙලෙහි පැවැත්මට ද එම තත්ත්වය බලපාන සුළු විය. 1900 වසරේදී පැරිසියේ පැවති වෙළඳ ප්‍රදර්ශනය අතර පැවැත්වුණු ඔලිම්පික් උළෙල ත්, 1904 වසරේ දී ශාන්ත ලුවිස් හි පැවති ජගත් සල්පිල අතරතුර පැවති ඔලිම්පික් උළෙලත් සුළු අංගයන් පමණක් ම විය. පැරිසියේ පැවති උළෙලට ක්‍රීඩාගාරයක් ද භාවිතා නොකළ අතර කෙසේ වුව ද පළමු වරට ඔලිම්පික් සඳහා කාන්තාවන් සහභාගී වී ඇත්තේ මෙම ඔලිම්පික් උළෙලේ දී ය. ශාන්ත ලුවිස් ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ ක්‍රීඩකයන් 650 දෙනාගෙන් 580 දෙනෙක් ම [[ඇමරිකානු එක්සත් ජනපදය|ඇමරිකානුවෝ]] වූහ. සෑම උත්සවයක ම තිබී ඇති ඒකාකාරීභාවය පිළිබඳ ඔලිම්පික් පදනම සැලකිල්ලක් දක්වා නැත. <ref>{{cite web |url= http://proxy.espn.go.com/oly/summer08/fanguide/history?year=1904 |title= St. Louis 1904 – Overview |publisher= ESPN |accessdate=31 January 2009}}</ref> 1906 දී ඇතැන්ස් හි පැවති අතරමැදි ඔලිම්පික් උළෙලේදී නැවත එය පරිවර්තනයකට ලක් ව පැවැත්වූවේ ය. තෙවැනි ඔලිම්පියාඩ් කාල පරාසය තුළ පැවති දෙවැනි ඔලිම්පික් උළෙල වන නිසා අතරමැදි තරගාවලිය ලෙස හඳුන්වන එය, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිළ උළෙලක් වශයෙන් පිළිනොගන්නා අතර එවැනි අතරමැදි උළෙලක් එතැන් සිට මේ දක්වා පවත්වා නැත. ඇතැන්ස් හි Panathinaiko ක්‍රීඩාගාරයේ පැවැත්වුණු ඔලිම්පික් උළෙල ජාත්‍යන්තර තලයේ ඉහළ සහභාගීත්වයක් මෙන්ම විශාල ජනතා ආකර්ශනයක් ද දිනා ගැනීමට සමත් විය. එය, ඔලිම්පික් උළෙලේ ජනප්‍රියත්වය සහ විශාලත්වය වර්ධනය වීමේ ආරම්භය සනිටුහන් කරයි. <ref>{{cite news |url= http://www.cbc.ca/olympics/history/story/2008/05/05/f-olympics-feature-1906.html |title= 1906 Olympics mark 10th anniversary of the Olympic revival |publisher= Canadian Broadcasting Centre |date= 28 May 2008 |accessdate=31 January 2009|archiveurl=http://web.archive.org/web/20080603133925/http://www.cbc.ca/olympics/history/story/2008/05/05/f-olympics-feature-1906.html|archivedate=3 June 2008}}</ref>
 
==== ශීත ඍතු ඔලිම්පික් ====
101 පේළිය:
=== විචාර ===
 
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව, අන්තර්ජාතික සංවිධාන අතර ඇති එක් මුරණ්ඩු සංවිධානයක් ලෙස නිරතුරු ව චෝදනා ලබයි. ඇවෙරි බ්‍රන්ඩේජ් සහ ජුවාන් ඇන්ටෝනියෝ සැමරන්ච් යන සභාපතිවරුන්ගේ නිල කාලයන් දැඩිව මතභේදයන්ට ලක් ව ඇත. බ්‍රන්ඩේජ්, පුරා වසර 20 ක් මුළුල්ලේ එහි සභාපතිවරයා ව කටයුතු කරන අතර ඔහුගේ නිල කාලය තුළ ඔලිම්පික් උළෙල දේශපාලන ඇඟිලි ගැසීම්වලින් සහ වෙළඳ ප්‍රචාරණ බලපෑම්වලින් තොරව පවත්වා ගෙන යෑමට ඔහු කටයුතු කළේය. {{sfn|Maraniss|2008|pp=52–60}} [[දකුණු අප්‍රිකාව|දකුණු අප්‍රිකානු]] නියෝජිතයන් සම්බන්ධයෙන් සිදු වූ වර්ණ භේදය පිළිබඳ ගැටලුව විසඳූ ආකාරය ත්, යුදෙව් විරෝධවාදය සම්බන්ධව ඔහු කටයුතු කළ ආකාරය ත්, අන්තවාදී ලෙස සිදු කළේ යැයි ඔහුට චෝදනා එල්ල වී ඇත. {{sfn|Maraniss|2008|pp=60–69}} සැමරන්ච්ගේ සභාපතීත්වය යටතේල ඔහුගේ ඥාතීන් වෙත වැඩි සැලකිල්ලක් දැක්වූ බවටත්, විවිධ අක්‍රමිකතා සිදු වූ බවටත් චෝදනා එල්ල වී ඇත. <ref>{{cite news |title=Samaranch Defends Nominating Son for IOC Post|publisher=CBC Sports|date=18 May 2001|url=http://www.cbc.ca/olympics/story/2001/05/18/ioc010516.html|accessdate=4 February 2009|archiveurl=http://web.archive.org/web/20081205190231/http://www.cbc.ca/olympics/story/2001/05/18/ioc010516.html|archivedate=5 December 2008}}</ref> සැමරන්ච් සහ [[ස්පාඤ්ඤය|ස්පාඤ්ඤයේ]] ෆ්‍රැන්කෝ ආධිපත්‍ය අතර තිබූ සම්බන්ධය ද විචාරයන්ට බඳුන් වෙයි. <ref>{{cite news|title=Olympics:Barcelona Profile; Samaranch, Under the Gun Shoots Back|last=Riding|first=Alan|date=30 June 1992|work=The New York Times|url=http://query.nytimes.com/gst/fullpage.html?res=9E0CE3DB173FF933A05755C0A964958260|accessdate=30 January 2009}}</ref>
 
2002 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීම සඳහා 1998 වසරේ දී පැවැති ලංසු තැබීමේ දී සෝල්ට් ලේක් නගරයේ අදාල කමිටුවේ නිළධාරීන්ගෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිළධාරීන් පිරිසක් අල්ලස් ගත් බවට හෙළි වී ඇත. ඒ සඳහා පැවැත්වූ පරීක්ෂණයකින් පසු ව නිළධාරීන් හතර දෙනෙකු ඉල්ලා අස් වූ අතර 6 දෙනෙකුගේ වැඩ තහනම් කරන ලදී. එම සිදුවීමෙන් අනතුරුව, අනාගතයේ තවදුරටත් එවැනි සිදුවීම් සිදු වීම වැළැක්වීමේ අරමුණෙන් සත්කාරක නගර තෝරා ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියා මාර්ගය සංශෝධනය කිරීමට පියවර ගන්නා ලදී. <ref>{{cite news |title=Judge Drops Olympic Bid Case|work=Los Angeles Times|last=Abrahamson|first=Alan|date=6 December 2003|url=http://articles.latimes.com/2003/dec/06/sports/sp-saltlakecity6|accessdate=21 March 2009}}</ref>
164 පේළිය:
[[File:2012 Summer Olympics opening ceremony (15).jpg|thumb|2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලේ අවස්ථාවක්]]
 
ඔලිම්පික් ප්‍රඥප්තිය මගින් පනවා ඇති පරිදි ඔලිම්පික් සමාරම්භක උත්සවයක් තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු අංග කිහිපයක් වෙයි. සමාරම්භක උත්සවය පැවැත්වෙනුයේ ඔලිම්පික් උළෙලක ක්‍රීඩා ඉසව් ආරම්භ කිරීමට පෙර ය. <ref name="OCFactSheetS" /><ref name="OCFactSheetW" /> මේ සම්ප්‍රදායයන් අතරින් බොහොමයක් ආරම්භ කෙරුණේ 1920 ඇන්ට්වර්ප් ඔලිම්පික් උළෙලින් පසු ය. <ref name="OCprotocol1" /> ඔලිම්පික් සමාරම්භක උත්සවය සාමාන්‍යයෙන් ඇරඹෙන්නේ සත්කාරක රටේ ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙනි. <ref name="OCFactSheetS" /><ref name="OCFactSheetW" /> අනතුරුව සත්කාරක රට විසින් ඔවුන්ගේ සංස්කෘතිය විදහා දක්වමින් නැටුම්, රැඟුම්, ගැයුම්, වැයුම් ඇතුලත් සංස්කෘතික සංදර්ශනයක් පවත්වනු ලබයි. <ref name="OCprotocol1" /> වර්තමානය වන විට පෙර ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලට නොදෙවෙනි සමාරම්භක උළෙලක් ලොවට පෙන්වීමේ අභිප්‍රාය මත, සත්කාරක රටවල්, දිගු කලක් මතකයේ රැඳෙන සමාරම්භක උළෙලවල් ඉදිරිපත් කිරීමට උත්සාහ කරති. ඒ අනුව සමාරම්භක උළෙලේ විචිත්‍රත්වය සහ සංකීර්ණත්වය සෑම ඔලිම්පික් උළෙලකදීම අළුත් වන බව කිව හැක. බීජිං ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙල සඳහා ඇ. ඩො. මිලියන 100 ක් වියදම් වූ බව වාර්තා වී ඇත. ඒ වියදමෙන් වැඩි කොටසක් කලාත්මක නිර්මාණයන් වෙනුවෙන් කළ වියදම් වීම විශේෂත්වයකි. <ref>{{cite news |url= http://www.cbc.ca/olympics/story/2008/08/07/olympics-ceremonies.html |title= Beijing Dazzles: Chinese History, on Parade as Olympics Begin |publisher= Canadian Broadcasting Centre |date= 8 August 2008 |accessdate=9 September 2008|archiveurl=http://web.archive.org/web/20080810214030/http://www.cbc.ca/olympics/story/2008/08/07/olympics-ceremonies.html|archivedate=10 August 2008}}</ref>
 
සමාරම්භක උළෙලේ සංස්කෘතික සංදර්ශනයෙන් පසුව එළඹෙන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියළු දෙනා සහභාගී වන ආචාර පෙළපාලියයි. එක් එක් ජාතීන් තම ජාතික ධජයන් සමග වෙන වෙනම ක්‍රීඩාගාරයට ඇතුළු වෙමින් ගමන් කරන මෙම ආචාර පෙළපාලියට සිරිතක් වශයෙන් පළමුවෙන්ම ඇතුළු වන්නේ ග්‍රීසිය නියෝජනය කරන කණ්ඩායමයි. ඒ, ඔලිම්පික් උළෙලේ පුරෝගාමී රාජ්‍ය වශයෙන් ඔවුන්ට කරන ගරු කිරීමක් වශයෙනි. සත්කාරක රට විසින් තෝරා ගන්නා භාෂාවක අක්ෂර මාලාවේ අකාරාදී පිළිවෙලට නම් සඳහන් වන ජාතීන් ඉන් අනතුරුව පිළිවෙලින් ක්‍රීඩා පිටියට ඇතුළු වෙයි. සත්කාරක රටට අයත් කණ්ඩායම පිටියට ඇතුළු වන්නේ අවසානයට ය. 2004 වසරේ ග්‍රීසියේ ඇතැන්ස් හි පැවති ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලේ දී ආචාර පෙළපාලිය සඳහා ග්‍රීසියේ ධජය පළමුවෙන් පිටියට ඇතුළු වූ අතර ග්‍රීක නියෝජිත පිරිස පෙළපාලියේ අවසානයට පැමිණනෙමින් සම්ප්‍රදාය බිඳ නොදැමීමට කටයුතු කළේය. අනතුරු ව නිළ වශයෙන් ඔලිම්පික් උළෙල ඇරඹීමේ නිවේනය නිකුත් කිරීම සඳහා අදාල බලධාරීන් සහ සත්කාරක රටේ රාජ්‍ය නායකයන් විසින් කතා පවත්වනු ලැබේ. අවසානයේ ඔලිම්පික් ගිණි සිළුව ක්‍රීඩාගාරයට ගෙන ඒම සිදු කරනු ලබයි. ගිණි සිළුව අවසාන වශයෙන් අතට ගනු ලබන්නේ සත්කාරක රටෙන් බිහි වූ ලොව පුරා නමක් රැන්දූ ක්‍රීඩකයකු වන අතර ඔහු හෝ ඇය විසින් ක්‍රීඩාගාරයේ කල්දේරමේ ඇති ඔලිම්පික් පහන දල්වනු ලබයි.<ref name="OCFactSheetS" /><ref name="OCFactSheetW" />
551 පේළිය:
<ref name="CBC boycott">
{{cite news | url=http://www.cbc.ca/olympics/history/story/2008/05/09/f-olympics-history-1976.html | title=African nations boycott costly Montreal Games | publisher=[[CBC Sports]] | date=30 July 2008 | accessdate=6 February 2009
|archiveurl=http://web.archive.org/web/20080603015923/http://www.cbc.ca/olympics/history/story/2008/05/09/f-olympics-history-1976.html|archivedate=3 June 2008}}
}}
</ref>
 
"https://si.wikipedia.org/wiki/ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි