"වාණිජ බැංකු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
මකා දැමූ පින්තූර ඉවත් කිරීම
1 පේළිය:
[[රූපය:Bank.jpg.jpg|right|thumb|295px]]
 
'''බැංකු''' යනු විවිධ ආකාරයට නිර්වචනය කොට ඇති ආයතන විශේෂයකි. බැංකුවක ප්‍රාථමික කටයුත්ත වන්නේ මුදල් ණයට ගැනීම හා මුදල් ණයට දීමයි. මේ අනුව බැංකුවක් යනු මුදල් හා ණය පිළිබඳ ගණුදෙනු කරන වෙළෙන්ඳෙකු ලෙස හදුන්වා දීමට පුළුවන. දීර්ඝ කාලයක් පුරා වර්ධනය වීමෙනුත්,විශේෂීකරණය වීමෙනුත් අද වන විට බැංකු විවිධ සේවා සපයන ආයතන බවට පත්ව තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් වාණිජ බැංකු,උකස් බැංකු, ආයෝජන බැංකු,ඉතුරුම් බැංකු, නිවාස බැංකු, අපනයන බැංකු, ග්‍රාමීය බැංකු අදී විශේෂිත බැංකු බිහිවී තිබේ.
5 පේළිය:
මේවා අතරින් වැදගත්ම සහ ප්‍රමුඛම මූල්‍ය ආයතන ලෙස වාණිජ බැංකු හැදින්විය හැකිය. ඊට හේතුව බොහොමයක් රටවල පැරණිතම මූල්‍ය සහ රටේ මූල්‍ය ආයතන අතරින් රටේ මූල්‍ය වත්කම්වලින් වැඩිම ප්‍රමාණයක් හිමිකර ගෙන සිටින ආයතන බවට වාණිජ බැංකු පත්ව තිබීමයි. මීට අමතරව පොදු ජනතාව හා ව්‍යාපාරික ප්‍රජාව සමඟ වැඩි වශයෙන් සමීපව කටයුතු කරන වාණිජ බැංකු වෙළඳ හා වාණිජ කටයුතු වලත් මුදල් ආර්ථිකයේත් ජීව රුධිරය බවට පත්ව තිබේ.
 
=='''වාණිජ බැංකු'''==
 
වාණිජ බැංකු යනු මූලික වශයෙන් ලාභ ඉපයීමේ පරමාර්ථය සහිතව මූල්‍ය අතරමැදිකරණ කාර්යයේ නිරත සංවිධිත කොටස් සමාගම් ක්‍රමයකි.වාණිජ බැංකුවක් ඉතුරුම්,ස්ථාවර,ජංගම තැන්පතු යන ඕනෑම තැන්පතු වර්ගයක් භාරගනු ලැබුවද, වාණිජ බැංකුවක් පිළිබඳ නිර්වචනය සපයනු ලබන්නේ ජංගම තැන්පතු මඟිනි. මේ අනුව, "චෙක්පතකින් හෝ විධානයකින් හෝ අන්‍ය ආකාරයකින් හෝ ඉල්ලූ විටෙක ආපසු ගෙවීමේ පොරොන්දුවට යටත්ව මහජනයාගෙන් මුදල් තැන්පතු භාරගැනීම සිය ප්‍රධාන කාර්යය කර ගත් මූල්‍ය ආයතන විශේෂය වාණිජ බැංකු ලෙස හදුන්වයි." ඒ අනුව වෙනත් මූල්‍ය ආයතන හා වෙනත් බැංකු සහ වාණිජ බැංකු අතර ප්‍රධානතම වෙනස්කම වන්නේ වාණිජ බැංකු පොලී රහිත ජංගම පවත්වා ගනිමින් චෙක්පත් භාවිතයෙන් ගණුදෙනු කටයුතු කිරීමයි.
16 පේළිය:
 
===1.ද්‍රවශීලතාව ආරක්ෂා කිරීම ===
[[රූපය:Money_&_Coins.jpg|right|thumb|150px]]
වාණිජ බැංකු එදිනෙදා ගණුදෙනු සඳහා මුහුණ දීමේ හැකියාව මින් අදහස් වේ. ගණුදෙනුකරුවන් තුල බැංකුව පිළිබඳ ඇති විශ්වාශය තහවුරු කිරීම සඳහා තැන්පතු ඉල්ලූ විටෙක ආපසු ගෙවීමට ප්‍රමාණවත් මුදල් සංචිතයක් පවත්වා ගෙන යා යුතුය.මේ සඳහා ඕනෑම වාණිජ බැංකුවක් තම වත්කම් වලින් කොටසක් ද්‍රවශීල වත්කම් ලෙස තබා ගනී. ඒ අනුව ද්‍රවශීලතාව වාණිජ බැංකුවක පැවැත්ම තීරණය කරනු ලබන ප්‍රධානම සාධකයකි.
 
25 පේළිය:
වාණිජ බැංකු ලාභ උපයන ආයතන වේ. මෙම ආයතන එදිනෙදා කටයුතු කරගෙන යාමේදී තැන්පතු මුදල් ඉල්ලූ විට ආපසු ගෙවීමට ඇති හැකියාව පවත්වා ගත යුතුය. මේ නිසා බැජකු සිය වත්කම් වලින් කොටසක් ද්‍රවහිල වත්ක් ලෙස තබා ගනී. එහෙත් ඒවායේ ආදායම් ඉපැයීමේ හැකියාව අඩුය. ද්‍රවශීල නොවන අනෙකුත් වත්කම්වල ආදායම් ඉපැයීමේ ශක්තිය වැඩිය. නමුත් ද්‍රවශලතාව අඩුය. මේ අනුව ද්‍රවශීලතාවය හා ලාභදායීත්වය අකර ඇත්තේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවයකි. එබැවින් වාණිජ බැංකු තම වත්කම් ව්‍යුහය සකස් කර ගැනීමේදී ලාභ ඉපැයීම හා ද්‍රවශීලතාව පවත්වා ගැනීම යන අරමුණු අතර තුලනයක් ඇති කර ගනී.
 
=='''වාණිජ බැංකුවල කාර්යයන්'''==
 
වාණිජ බැංකු ප්‍රධාන වශයෙන් සිදුකරන්නේ මූල්‍ය අතරමැදිකරණයකි. එනම් ආර්ථිකයේ අතිරික්ත ඉතුරුම් ඒකකයන්හි සිට හිඟ ඉතුරුම් ඒකක දක්වා අරමුදග් ප්‍රවාහ ගලායාම සඳහා පහසුකම් සැලසිමකි. වාණිජ බැංකුවේ ප්‍රමුඛ කාර්යය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය.
34 පේළිය:
 
පහත සඳහන් ඕනෑම ආකාරයක තැන්පතු භාර ගැනීමට වාණිජ බැංකුවකට හැකිය.
[[රූපය:Transaction.jpg250pxjpg|thumb|250px]]
i.ඉල්ලුම් තැන්පතු
 
ii.ඉතුරුම් තැන්පතු
[[රූපය:Atm.jpg|right|thumb|200px]]
**බාල වයස්කාර තැන්පතු
**ධන ආයෝජන ගිණුම්
49 පේළිය:
 
බැංකුවක පවතින තැන්පතු අරමුදල් වලින් ණය ලබා ගැනීමට අපේක්ෂා කරන ඒකකයන්ට ණය සම්පාදනය කරනු ලැබේ. බොහෝවිට ණයදීම සිදුකෙරෙන්නේ සුදුසු සුරැකුම් ඇප හෝ පුද්ගල ඇප මත වේ. අයකර ගැනීමේ කාලය අනුව ණය දෙවර්ගයකි.
 
[[රූපය:Visa5.jpg]]
 
i.කෙටි කාලීන ණය
Line 73 ⟶ 71:
බැංකු අණකර, ණයවර ලිපි හා සංචාරක චෙක්පත් නිකුත් කිරීම, විනිමය බිල්පත් භාර ගැනීම, සුරැකුම්පත්, ස්වර්ණාභරණ, ලියකියවිලි, ඔප්පු, අන්තිම කැමති පත්‍ර, යනාදී වටිනා ද්‍රව්‍ය හා ලියවිලි ආරක්ෂා කරදීම, උකස් ණය සැපයීම හා ණය කාඩ්පත්, හර කාඩ්පත් යනාදිය නිකුත් කිරීම අයත් වේ. මීට අමතරව විදේශ විනිමය ගණුදෙනුවලට අදාල පහසුකම් සැපයීම, විදේශ වෙළඳ කටයුතු වලදී අවශ්‍ය පහසුකම් සැපයීම, තොරතුරු සේවා සැපයීමද ඉතා වැදගත් උපයෝගීතා සේවාවන් වේ.
 
=='''වාණිජ බැංකු ශේෂ පත්‍රය'''==
 
වාණිජ බැංකුවක කටයුතු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට වාණිජ බැංකුවේ ශේෂ පත්‍රය පරීක්‍ෂා කළ යුතුය. වාණිජ බැංකු තනිව තම බැංකුවට අදාල ශේෂ පත්‍රය පිළියෙල කරන අතර වාණිජ බැංකු පද්ධතියේම ශේෂ පත්‍ර සියල්ල එකට එකතු කිරීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රයෝජනය සඳහා ඒකාබද්ධ ශේෂ පත්‍රයක් පිළියෙල කරයි. ශේෂ පත්‍රය පිරික්සීමෙන් ලාභදායීතාව රැකගැනීමට වාණිජ බැංකු ක්‍රියා කර ඇති අන්දම, මුදල් සැපයුම, මුදල් මැවීමේ හැකියාව, ද්‍රවශීලතාව ආදී කරුණු රැසක් විශ්ලේෂණය කළ හැකිය. එනම් බැංකුවේ මූල්‍ය තත්වය අවබෝධ කර ගත හැකිය.
Line 84 ⟶ 82:
වාණිජ බැංකුවක් මූලික වශයෙන් කොටස් හිමියන්, තැන්පත්කරුවන්, සහ වෙනත් අරමුදල් සපයන්නන් ඇසුරින් අරමුදල් සම්පාදනය කර ගනී. මෙම අරමුදල් සම්පාදන ප්‍රභව සියල්ල බැංකුවේ වගකීම් වේ. එකී වගකීම් තුලින් බැංකුව ණය සැපයීම, සුරැකුම්පත් හා සංචිත රැස්කිරීම හා විවිධ වත්කම් අත්කර ගැනීම සිදුකරයි.
 
==='''වාණිජ බැංකු වගකීම්'''===
 
බැංකුවක් සතු වගකීම් හෙවත් බැරකම් ලෙස හැඳින්වෙන්නේ බැංකුවේ ගණුදෙනුකරුවන්ට බැංකුව වෙතින් අයවිය යුතු දේ හෙවත් බැංකුව විසින් සිය ගණුදෙනුකරුවන්ට ගෙවීමට-පියවීමට ඇති දේ පිළිබඳවය.බැංකුවක මුළු වගකිම් යටතට අයත් දිගු හා කෙටිකාලීන ණය, අයිරා වැනි වගකීම් සහ කොටස් ප්‍රාග්ධනය, සංචිත වැනි හිමිකම් වගකීම් වන්නේ කෙදිනක හෝ කුමන අවස්ථාවක හෝ ඒවා හිමිකරුවන්ට සහ බාහිර පාර්ශවයන්ට ගෙවීමට සිදුවන බැවිනි.
Line 95 ⟶ 93:
වෙනත් ව්‍යාපාර ආයතන සමඟ සසඳන විට වාණිජ බැංකුවක වැදගත්ම ලක්‍ෂණය ප්‍රාග්ධනයට සාපේක්‍ෂව ණය වගකීම් ඉතාම ඉහළ වීමයි. බොහෝවිට එය 90% ද ඉක්මවා සිටී.
 
==='''වාණිජ බැංකු වත්කම්'''===
 
වත්කම් ලෙස හැඳින්වෙන්නේ මුදල්, ගොඩනැගිලි, කාර්යාල උපකරණ හා යන්ත්‍ර-කර්මාන්තශාලා යනාදී ව්‍යාපාර ආයතනයක් සතු ඕනෑම දෙයකි. වාණිජ බැංකුවේ වත්කම් ව්‍යුහය ඉහළ ද්‍රවශීලතා වත්කමේ සිට පහළ ද්‍රවශීලතා වත්කම දක්වා පෙළ ගස්වන ලද අයිතමයන්ගෙන් සමන්විත වන අතර වාණජ බැංකු වත්කම් මගින් අරමුදල් භාවිතය දැක්වේ. වත්කම් පෙළ ගස්වා ඇත්තේ පහත ආකාරයෙනි.
Line 118 ⟶ 116:
4.ස්ථාවර හා අනෙකුත් වත්කම්
 
==''' වාණිජ බැංකුවක් ආරම්භ කිරීමට සපුරා ලියයුතු මූලික අවශ්‍යතා'''==
#මහබැංකුවේ මුදල් මණ්ඩලයෙන් බලපත්‍රයක් ලබාගත යුතු වීම.(1988 අංක 30 දරන බැංකු පනත අනුව )
#සමාගම් පනත යටතේ සී/ස පොදු සමාගමක් ලෙස හෝ පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවන ආයතනයක් වීම.
Line 124 ⟶ 122:
#විදේශ සමාගමක් නම් ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ නැවත ලියාපදිංචි කළ යුතු වීම.
#ලියාපදිංචි ලියවිලිවල සමාගමේ මූලික පරමාර්ථය ලෙස බැංකු ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහන් වීම.
 
==පිංතූර ගැලරිය==
<gallery>
Image.Central_Bank.jpg
Image.Commercial_Bank.jpg
Image.BOC.jpg
Image.HSBC.jpg
Image.People's_Bank.jpg
Image.Trade_finance.jpg
Image.Credit_card.jpg
Image.Credit_card_2.jpg
Image.Credit-cards_69.jpg
Image.Property_finance.jpg
Image.Structured_finance.jpg
Image.Visa_5.jpg
Image.BankOfCeylon.gif
Image.Corpimg.jpg
</gallery>
 
 
ආශ්‍රිත මූලාශ්‍ර-"ස‍ටහන" ශ්‍රී ලංකා මහ බැංකුවේ සමාජ හා ආර්ථික විද්‍යා මාසිකය
"https://si.wikipedia.org/wiki/වාණිජ_බැංකු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි