"ඉතාලි රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
2 පේළිය:
 
[[ප්‍රශියානු රාජධානිය |ප්‍රශියාව]] හා සමග සන්ධානගතවූ ඉතාලිය, 1866දී [[ඔස්ට්‍රියානු අධිරාජ්‍යය|ඔස්ට්‍රියාවට]] එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය: මෙහෙයුම අසාර්ථක වුවද, [[ඔටෝ ෆන් බිස්මාර්ක් |බිස්මාර්ක්ගේ]] ජයග්‍රහණය හා සමගම, එය වෙත [[වෙනිතෝ]] ප්‍රදේශය හිමි විය. ඉතාලි හමුදා 1870දී [[රෝමය|රෝමයට]] ඇතුළුවූ අතර, වසර එක්දහසකට වඩා වැඩි කාලයක් පැවති පාප් වහන්සේගේ ලොකායත්ත බලය කෙළවර විය. ඔවුනොවුන්ගේ යටත්විජිතමය ව්‍යාප්තියන් පිළිබඳ ප්‍රංශය හා සමග ඇතිව තිබූ දැඩි අසම්මතීන් නිසාවෙන්, [[ජර්මනිය]] සහ [[ඔස්ට්‍රියාව-හංගේරියාව]] හා සමගින් [[ත්‍රිත්ව සන්ධානය (1882)|ත්‍රිත්ව සන්ධානයකට]] එළඹෙන ලෙසින් 1882දී බිස්මාර්ක් සිදු කල යෝජනාව ඉතාලිය විසින් පිළිගන්නා ලදි. කෙසේවෙතත්, [[බර්ලිනය]] හා සමග සම්බන්ධතාවය ඉතා සුහදව පැවතියද, [[වියනා]] හා සමගින් සන්ධානය හුදු නාමමාත්‍රික ස්වභාවයක් ගත්තේ, [[ට්‍රෙන්ටීනෝ]] සහ [[ට්‍රියේස්ටා]] යන ඉතාලියානු භූමිප්‍රදේශ ඒ අවස්ථාව වන විටද ඔස්ට්‍රියා-හන්ගේරියානු පාලනය යටතේ පැවති නිසාය. එබැවින්, [[පළමු ලෝක යුද්ධය‍|පළමු ලෝක යුද්ධයෙහි]] මිත්‍ර හමුදා පාර්ශවය හා එක් වන ලෙස බ්‍රිතාන්‍යය 1915දී ආරාධනා කළ විට, ඉතාලිය විසින් එය පිළිගනු ලැබුනේ, ඉතාලි මධ්‍යස්ථභාවයට හුවමාරුවක් වශයෙන් වියනාහී පොරොන්දු යෝජනාවට වඩා, ඉතාලි සහභාගිත්වය වෙනුවෙන් ලෙසින් බටහිර මිත්‍ර පාක්ෂිකයන් විසින් පොරොන්දු වූ භූමිප්‍රදේශමය හානිපූරණය (ඔස්ට්‍රියා-හන්ගේරියාව වෙතින් බැර කරමින්) වඩාත් ත්‍යාගශීලී වූ බැවිනි. යුද්ධයේදී ජයග්‍රහණය හා සමගින් ඉතාලිය සඳහා [[ජාතීන්ගේ සංගමය|ජාතීන්ගේ සංගමයෙහි]] මන්ත්‍රණ සභාවේ ස්ථීර සාමාජිකත්වය හිමි විය.
 
"ෆැසිස්ට්වාදී ඉතාලිය" යනු, ඒකාධිපති නායකයා ලෙසින් [[බෙනීටෝ මුසොලීනි]] ක්‍රියා කළ සහ [[ජාතික ෆැසිස්ට්වාදී පක්ෂය| ජාතික ෆැසිස්ට්වාදී පක්ෂයෙහි]] පාලනය පැවැති 1922 සිට 1943 දක්වා කාලසීමාව වෙයි.
"https://si.wikipedia.org/wiki/ඉතාලි_රාජධානිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි