"ප්‍රවේණික විකෘති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
46 පේළිය:
 
=විකෘති සහ පරිණාමය=
කලාතුරකින් ඇති වන විකෘති ජීවියාට වඩා වාසි දායක ලක්ෂණ ඇති කරන ඒවා විය හැකිය. එසේ සිදු වන්නේ ජානයක විකෘතියක් නිසා ඇති වන ප්‍රෝටීනය වඩාත් කාර්යක්ෂම වන විටය. එසේ වූ විට එය ජීවියාගේ පැවැත්මට හෝ නව පරිසරයට වඩාත් හොඳින් අනුවර්තනයට හේතු විය හැක. එකම විශේෂයේ ජීවීන්ගේ '''ගෙනොම''' වල විකෘතීන් එකතු වීම නිසා විශේෂය තුල ජීවීන් අතර ප්‍රවේණික විවිධත්වයක් ඇති වේ. '''ස්වභාවික වරණය'''ට භාජනය වන්නේ මෙම ප්‍රවේණික විවිධත්වයයි. ගහණ වල ජීවීන් අතර ඇති තරඟකාරීත්වය නිසා '''වඩා යෝග්‍ය ලක්ෂණ''' සහිත ජීවීන්ට වැඩි වාසි ලැබේ. මේ නිසා දිගු කාලයක් තිස්සේ සිදු වන ප්‍රජනනයේදී වඩා වාසිදායක ලක්ෂණ සහිත ජීවීන්ට ජනිතයින් බිහිකිරීම සඳහා ලැබෙන අවස්ථාවන් වැඩි වේ. මේ අන්දමින් ගහණයේ වාසිදායක ලක්ෂණ සහිත ජීවීන් ක්‍රමයෙන් වැඩි වන අතර අවාසිදායක ලක්ෂණ සහිත ජීවීන් ක්‍රමයෙන් අඩු වේ. මෙලෙස, ජීව විශේෂ වල '''ස්වභාවික වරණය සහ පරිණාමය කෙරෙහි මූලික වන්නේ විකෘති බව පැහැදිලිය.
"https://si.wikipedia.org/wiki/ප්‍රවේණික_විකෘති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි