"ඩබ්ලිව්.ඒ. සිල්වා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
15 පේළිය:
== අධ්‍යාපනය සහ සාහිත්‍යමය කර්තව්‍යයන් ==
 
1890 ජනවාරි මස 16 වන දින කොළඹ වැල්ලවත්තේ දී උපත ලද ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා සිප්සතර හැදෑරුවේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලෙනි. එතුමාගේ පියා ඩඩ්ලිව්.ඒ. හරමානිස් සිල්වා වූ අතර මව මොරෝ නෝනා නම් වූවාය. විධිමත් සිංහල අධ්‍යාපනයක් ලබාගැනීමෙන් අනතුරුව වයස අවුරුදු 17 දී ඔහු ප්‍රථම නව කතාව වන ‘සිරියලතා’රචනා කලේය. ලිපිකරුවකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ මෙතුමා රැකියාවේ නිරත වන අතරවාරයේ ම ප්රාිචීන භාෂා ශාස්ත්ර අධ්ය යනයෙහි ද නිරත විය. ඔහු පැලෑනේ ශ්‍රී වජිරඤාන තෙරණුවන් යටතේ සංස්කෘත හා සිංහල ඉගෙන ගැනීමෙන් අනතුරුව ලිපිකරුවෙකු ලෙස සේවය කලේය.මෙතුමා විජයබා කොල්ලය නම් නවකතාව ද,පාඨකයන්ට සජීවී අයුරින් විදහා දැක්වීමට හැකි විය.
 
මේ අතරතුර සිය විවේක කාලයේදී ලෝක සාහිත්‍යය පිළිබඳ කියවූ ඔහු 1922 දී සිය දෙවන නව කතාව වන ‘ලක්ෂ්මී’ රචනා කළේය. එසේම ඔහු ජනප්‍රිය නවකතා හා කෙටිකතා එකතුවක් රචනා කරගෙන ගියේය. ‘කැලෑහඳ’ (සිනමාවට නැගුණු ප්‍රථම සිංහල නවකතාව) සහ ‘හිඟන කොල්ලා’ වැනි ඔහුගේ බොහෝ නවකතා ඔස්සේ චිත්‍රපට නිෂ්පාදනය විය.ඩබ්ලිව්. ඒ. සිල්වා විසින් ‘සිරිසාර’ (1919 – 1923) සහ ‘නුවණ’ (1940 – 1946) යන සඳරා මෙන්ම සතිපතා පුවත්පතක් වන ‘ලංකා සමය’ (1933) හිද කතෘත්වය ඉසිලීය. ඔහුගේ අභාවයෙන් පසුව ඔහුට ගෞරවයක් ලෙස වැල්ලවත්තේ මහ වීදිය ‘W.A සිල්වා මාවත' ලෙස නම් කරන ලදී. මුද්‍රිත පත පොතෙහි ඔහුගේ නම සඳහන් කර ඇත්තේ "ඩබ්ල්යු. ඒ. සිල්වා" ලෙසයි.
"https://si.wikipedia.org/wiki/ඩබ්ලිව්.ඒ._සිල්වා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි