"සිංහල බොජුන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
17 පේළිය:
===කහ බත්===
 
===කුළුබඩු===
ශ්‍රී ලාංකිකයෝ ආහාර පිළියෙල කිරීම ේදී නොමසුරුව කුළුබඩු යොදා ගන්නා අතර ආහාර පිලියෙළ කිරීමට නිවැරදි යැයි සම්මතව පිළිගත් ආහාර වට්ටෝරු යොදා නො ගනිති. මේ නිසා ආහාර වර්ගවල රසය එය පිළියෙල කරන පුද්ගලයා අනුව යම්තම් වෙනස් වේ. එපමණක්ද නොව දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වන ජනතාව, විවිධ ජන වර්ග හා විවිධ ආගමික කොටස් ඔවුන්ගේ චාරිත්‍ර විධිවලට අනුකූලවන ආකාරයට ආහාර වර්ග සකස් කරන බැවින් ඒවායේ රසයන් ද එකිනෙක වෙන් වෙන්ව ගත් කළ වෙනස් වේ.ආහාර පිළියෙල කිරීමේදී ශ්‍රී ලාංකිකයන් මිරිස්, කරදමුංගු, දුරු, කොත්තමල්ලි සහ වෙනත් කුළු බඩු යොදා ගන්නා බැවින් ඒවා [[දකුණු ඉන්දියානු]] ආහාරවලට බොහෝ සමානකමක් දක්වයි. මීට අමතරව ආහාර රසවත් කිරීමට උම්බලකඩ වැනි ද්‍රව්‍ය ද යොදා ගනී. නමුත් ශ්‍රී ලාංකික ආහාරවලට ඒවාට ම ආවේණික වූ විශේෂ රසයක් ඇත.
 
"https://si.wikipedia.org/wiki/සිංහල_බොජුන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි