"සිංහල බොජුන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
6 පේළිය:
 
[[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන ආහාර වේලක් ලෙස පිස ගන්නා ලද බත්, ව්‍යංජන සමඟ පිළිගැන්වේ. [[කිරිබත්]] නමින් හදුන්වන්නේ බත් වලින් පිස ගන්නා තවත් ආහාර වර්ගයකි. ශ්‍රී ලාංකිකයන් ව්‍යංජන ලෙස මස්, මාළු වලට අමතරව එලවළු සහ පලතුරු වලින් සකස් කරගන්නා ලද ව්‍යංජන ද භාවිතා කරයි. ශ්‍රී ලාංකික ප්‍රධාන ආහාර වේලක් සාමාන්‍යයෙන් බත් වලට අමතරව ව්‍යංජන තුනක් හෝ හතරකින් සමන්විත වේ. ශ්‍රී ලාංකිකයන් මෙම ප්‍රධාන ආහාර වර්ග වලට අමතරව [[අච්චාරු]],[[චට්නි]] හා පොල් සම්බෝල ප්‍රධාන ආහාර වේලට එකතු කර ගනී. මෙම අමතර ආහාර වර්ගවලින් බත් හා මාළු පිනි වලට වැඩි රසයක් එකතුවන බව ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයයි.
==බත් වර්ග ==
===කිරි බත් ===
===පැණි බත් ===
===දිය බත් ===
===කහ බත් ===
 
===කුළුබඩු===
ශ්‍රී ලාංකිකයෝ ආහාර පිළියෙල කිරීම ේදී නොමසුරුව කුළුබඩු යොදා ගන්නා අතර ආහාර පිලියෙළ කිරීමට නිවැරදි යැයි සම්මතව පිළිගත් ආහාර වට්ටෝරු යොදා නො ගනිති. මේ නිසා ආහාර වර්ගවල රසය එය පිළියෙල කරන පුද්ගලයා අනුව යම්තම් වෙනස් වේ. එපමණක්ද නොව දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වන ජනතාව, විවිධ ජන වර්ග හා විවිධ ආගමික කොටස් ඔවුන්ගේ චාරිත්‍ර විධිවලට අනුකූලවන ආකාරයට ආහාර වර්ග සකස් කරන බැවින් ඒවායේ රසයන් ද එකිනෙක වෙන් වෙන්ව ගත් කළ වෙනස් වේ.ආහාර පිළියෙල කිරීමේදී ශ්‍රී ලාංකිකයන් මිරිස්, කරදමුංගු, දුරු, කොත්තමල්ලි සහ වෙනත් කුළු බඩු යොදා ගන්නා බැවින් ඒවා [[දකුණු ඉන්දියානු]] ආහාරවලට බොහෝ සමානකමක් දක්වයි. මීට අමතරව ආහාර රසවත් කිරීමට උම්බලකඩ වැනි ද්‍රව්‍ය ද යොදා ගනී. නමුත් ශ්‍රී ලාංකික ආහාරවලට ඒවාට ම ආවේණික වූ විශේෂ රසයක් ඇත.
"https://si.wikipedia.org/wiki/සිංහල_බොජුන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි