"ප්‍රවේණික විකෘති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
20 පේළිය:
=ජාන විකෘති=
වර්ණදේහ වල ජාන වල ව්‍යුහය හෙවත් DNA වල නියුක්ලියොටයිඩ අනුපිළිවෙල වෙනස් වීම නිසා ජාන විකෘති ඇති වේ.
*ඇලිභාවය *සිස්ටික් ෆයිබ්‍රොසිස් *හිමොෆිලියාව *වර්ණාන්ධතාව *දෑකැති හැඩැති සෛල රක්ත හීනතාව *තැලසීමියාව යන තත්ත්ව තනි ජානයක ඇති වන විකෘති නිසා හට ගනී.
මෙම විකෘති ජාන නිලීන ජාන වෙයි. නිලීන සමයෝගී අවස්තාවේදී ඒවා ඉස්මතු වීමෙන් අදාළ ලක්ෂණය ඇති වේ. කලාතුරකින් ඇතිවන සමහර විකෘති, ප්‍රමුඛ විකෘති වේ. උදා: හන්ටින්ඩන් රෝගය
*ලක්ෂ්‍ය විකෘති බොහොමයක් ඇති වන්නේ DNA ප්‍රතිවලිත වීමේදී ඇති වන දෝෂ නිසාය. DNA ප්‍රතිවලිත වීමේදී එහි වූ අනුපුරක පට දෙක වෙන් වී පට දෙකම වෙන වෙනම නව අනුපුරක පට නිපදවනු ලබයි. මෙහිදී සමහර විට '''අනුපූරක නොවන වැරදි නියුක්ලියොටයිඩයක් ඈඳීම''' සිදු විය හැකිය. නැතහොත් '''නියුක්ලියොටයිඩයක් අඩුවෙන් හෝ වැඩියෙන් ඈඳීම''' සිදු විය හැක. එවැනි වැරදීම් සහිතව නිපද වූ DNA අණුවක් නැවත ප්‍රතිගුණනය වන අවස්තාවේදී වැරදි නීයුක්ලියොටයිඩ වලට අනුපූරක නීයුක්ලියොටයිඩද එකතු වීම නිසා භෂ්ම අනුපිළිවෙල මුළුමනින්ම වෙනස් වූ DNA අණුවක් ඇති වේ. මෙවැනි වෙනසක් ඇති වීමේ සම්භාවිතාව දස දහසකට එකකටත් වඩා අඩුය.
*ජානයක භෂ්ම අනුපිළිවෙල වෙනස් වුවහොත් එම ජානය මගින් නිපදවන ප්‍රෝටීනයේ ඇමයිනෝ අම්ල අනුපිළිවෙල වෙනස් වේ. මේ නිසා එම ප්‍රෝටීනයට අදාළ කාර්යය සිදු කල නොහැකි වේ. එනම් අක්‍රිය වේ. නැතහොත් කලින් ප්‍රෝටීනයේ නව ක්‍රියාකාරීත්වයක් විකෘති ප්‍රෝටීනයේ ඇති වේ.
 
=වර්ණදේහ විකෘති=
"https://si.wikipedia.org/wiki/ප්‍රවේණික_විකෘති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි