"යුරෝපානු ඉතිහාසය-විපාකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
අන්තර්ජාතික සාමය පවත්වාගෙන යාමට උත්සාහ කරමින් මිත්‍ර පාක්ෂික රටවල් ඵක් වී ඵක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගන්නා ලදී. 1945 ඔක්තෝබර් 24 දින ඵය නිල වශයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ විය.
 
ඵ් ගැන තැකීමක් නොමැතිව යුද්ධය අවසන් වීමටත් ප්‍රථම බටහිර රටවල් සහ සෝවියට් සංගමය අතර මිත්‍රත්වය පලුදු වීම ආරම්භ වී තිබිණ. ඵකී බල කඳවුරු දෙකම ඉතා ඉක්මනින් ඵකිනෙකාගේ බල ප්‍රදේශ තහවුරු කර ගත්හ. මිත්‍ර රටවල් විසින් අල්ලා ගත් ජර්මනිය සහ යටත් කර ගත් ඕස්ට්‍රියාව හරහා ඇඳුනු ‘යකඩ තීරයෙන්’ යුරෝපායුරෝපියානු මහද්වීපයමහාද්වීපය බටහිර සහ සෝවියට් සංගමය වශයෙන් බල කඳවුරු දෙකකට බෙදුණි. ඇමෙරිකා ඵක්සත් ජනපදය, ආසියාවෙන් ජපානය යටත් කර ගත් අතර බටහිර ශාන්තිකර සාගරයෙහි ජපානයට අයත්ව තිබූ දූපත්ද පාලනය කළේය. මේ අතර සෝවියට්වරු සඛාලින් සහ කුරීට් දිවයින් ඈඳා ගත්තේය. ජපානය විසින් පාලනය කළ කොරියාව ද බලවතුන් දෙපිරිස විසින් බෙදා ගන්නා ලදි. ඵක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතරේ නොසන්සුන් තත්වය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය ද සෝවියට් දේශයේ ප්‍රධානත්වයෙන් වෝර්සෝ ගිවිසුම ද බිහි විය. මෙතැන් පටන් දෙපාර්ෂවය අතර ‘සීතල යුද්ධය’ ඇරඹුණේය.
 
දෙවැනි ලෝක සංග්‍රාමය නිම වී සුළු කාලයක් ගතවත්ම ලෝකයේ බොහෝ ප්‍රදේශයන්හි නැවතත් අර්බුද මතුවීමට පටන් ගත්තේය. චීනයේ ජාතීවාදීන් හා කොමියුනිස්ට්වරුන් අතර අභ්‍යන්තර සටන් ඇවිලුණි. කොමියුනිස්ට් හමුදා ක්‍රම ක්‍රමයෙන් ජයග්‍රාහීව ඉදිරියට ගොස් මහජන චීන ජනරජය පිහිටුවා ගත්හ. පැරදී පසු බැස ගිය ජාතිකවාදීන් පෝර්මෝසාවට පලා යාමෙන් ක්‍රියාවලිය නැවතිණි. බ්‍රිතාන්‍ය - ඇමෙරිකන් සහයෝගය ලැබූ ග්‍රීක රාජකීය හමුදා සහ කොමියුනිස්ට් හමුදා අතර අභ්‍යන්තර යුද්ධයක් ග්‍රීසියේ දී ආරම්භ විය. මෙම අර්බුද අවසාන වූ වහාම බටහිර බලවතුන්ගේ උදව් ලැබූ දකුණු කොරියාව සහ සෝවියට් සංගමය සහ චීන‍ෙය් උදව් ලැබූ උතුරු කොරියාව අතර යුද්ධය ආරම්භ විය. ඵහි අවසාන ප්‍රථිපලය වූයේ දෙපිළම හෙම්බත්වී අවසානයේ දී සටන් විරාමයක් බවට පත්වීමයි.
"https://si.wikipedia.org/wiki/යුරෝපානු_ඉතිහාසය-විපාකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි