"කැළණිය විශ්වවිද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 2 interwiki links, now provided by Wikidata on d:q3534731 (translate me)
No edit summary
15 පේළිය:
 
==ඉතිහාසය== <!--History-->
කැලණිය විශ්වවිද්‍යාලය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමියන් විසින් විද්‍යාලංකාර පිරිවෙන නමින් 1875 දී කැලණිය, පෑලියගොඩ පිහිටවනු ලැබිණි. එතැන් සිට වසර 100 කට ආසන්න කාලයක් පිරිවෙනක් ව පැවති මේ ආයතනය 1957 අංක 45 දරන විද්‍යෝදය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත අනුව 1959 ජනවාරි 01 දින සිට විශ්වවිද්‍යාලයක් බවට පත්ෙකරුණුපත්කෙරුණු අතර ඒය ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස නම් ෙකරිණිකෙරිණි. මෙහි දී එවකට විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති ව වැඩ විසූ අපවත් වී වදාළ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ මේ අභිනව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත් කරන ලදී.
 
පසුව 1972 අංක 01 දරන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනත මඟින් ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල එක ම විශ්වවිද්‍යාලයක් බවට පත් කරනු ලැබූ අවස්ථාවේ දී 1972 පෙබරවාරි 15 වන දා සිට මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය බවට පත් විය. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ සිදු වූ ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල ව්‍යුහය සංශෝධනයේ දී යථෝක්ත මණ්ඩපය කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව ලෙස නැවත වරක් ස්වායත්ත විශ්වවිද්‍යාලයක් බවට පත් කරන ලදී.
"https://si.wikipedia.org/wiki/කැළණිය_විශ්වවිද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි