"විල්හෙල්ම් ගයිගර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
No edit summary
ටැගය: Reverted
3 පේළිය:
===ජීවිතය===
 
ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේ න්යුර්න්බර්ග් හිදී ක්‍රිස්තියානි ලූතර නිකායේ පුජකවරයෙකු වූ ලියොනාඩ් ගයිගර් සහ එම්මා පෞර් යුවලගේ සිවුවැනි දරුවාය. 1861 දී න්යුර්න්බර්ග් හි මිලෑන්ක්කොන් පාඨශාලාවෙන් අධ්‍යාපනය අරඹා 1873 දී අපරදිග භාෂා පිළිබඳව හැදෑරීමට එර්ලන්ගන් (Erlangen) සරසවියට ඇතුළත් විය. 1876 දී දර්ශනවාදය පිළිබඳව ගරු සම්මාන සහිත ආචාර්ය උපාදියෙන්උපාධියෙන් පිදුම් ලැබීය. 1878 එර්ලන්ගන් සරසවියේ දර්ශනවාදය පිලිබඳ ආචාර්යවරයෙක් ලෙස පත්වීම ලැබ දෙවරක්ම (1901-2 සහ 1912-3) එම සරසවියේ උපකුලපති ධූරයට පත්විය. 1881-04-09 දින මාරි ප්ලොහ්මන් (Marie Plochmann) සමග විවාහ විය. පුතුන් දෙදෙනෙක් සහ දූවරුන් තිදෙනෙකි. වැඩිමල් පුත් Hans Wilhelm Geiger(1882-1945) සුප්‍රකට ගයිගර් කවුන්ටරයේ (Geiger Counter) නිර්මාතෘවරයාය. දෙවැනි පුත් Rudolf Oscar Geiger(1894-1981) ක්ෂුද්‍ර දේශගුණික විද්‍යාවේ (microclimatology) නිර්මාතෘවරයෙකි. 1910 දී බිරිඳ මියයාමෙන් පසු 1917-04-12 දින Magdalene Grobe(1877-1960) සමග විවාහ වුවද එම විවාහයෙන් දරුවන් නොලැබීය.
1895, 1925 සහ 1931 දී වශයෙන් තෙවරක් ශ්‍රී ලංකාවට පැමිණියේය. 1943 සැප්. 02 දින ජර්මනියේ මියුනික්‌ අසල නොයිබිබර්ග් හිදී මිය ගියේය.
 
"https://si.wikipedia.org/wiki/විල්හෙල්ම්_ගයිගර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි