"සිංහල නීතිය හෙවත් උඩරට නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Reverted 1 edit by 111.223.147.90 (talk): Http://www.silumina.lk/punkalasa/20101121/_art.asp?fn=ar10112111 වෙතින් කොපි කොට තිබූ කොටස් ඉ...
6 පේළිය:
# පුබ්බ චාරිත‍්ත
# වැවස්තා සිරිතැ
 රටක ඉතිහාසය හැදෑරීමේ දී බොහෝ විට කාගේත් අවධානය යොමුවන්නේ ඒ රටෙහි පුරාවිද්‍යාත්මක නටබුන් කෙරෙහි ය. එහෙත් ඊට නොදෙවැනි ඓතිහාසික තොරතුරු සම්භාරයක් ඒ රටෙහි පැවති නීති, රීති හා විවිධ සමාජ සම්ප්‍රදායන් හැදෑරීමෙන් ද ලබාගත හැකි ය.
 
ලංකාව සම්බන්ධයෙන් බලන විට මෙහිදී අපගේ අවධානය යොමු කළ හැකි ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස උඩරට නීතිය සැලකිය හැකි ය.
 
වර්ෂ 1815 තෙක් අපරාජිත ව පැවති උඩරට රාජ්‍යයේ ක්‍රියාත්මක වූ මේ නීති ක්‍රමය ඉපැරණි සිංහල රාජධානියේ පැවැත් නීති ඇසුරෙන් සැකසුණකි. චාරිත්‍ර වාරිත්‍ර මුල් කොටගත් ලිඛිත නොවූ රීති වශයෙන් 1815 දක්වා පැවති උඩරට නීතිය සන්නස් වැනි සීමිත ලිඛිත කොටස්වලින් ද සමන්විත වූ බවට සාක්ෂි පවතී.
 
වර්ෂ 1815 ට පෙර උඩරට නීතිය කිසිදු භේදයකින් තොර ව ස්වදේශිකයන්ට මෙන් ම ප්‍රදේශයට පැමිණි විදේශිකයන්ට ද එකසේ බලපැවැත්වූ ප්‍රාදේශීය නීතියකි. එකල පැවති විවිධ නඩු විභාගයන්හි දී මෙන් ම 1815 සිට 1852 දක්වා කාලය තුළ ඉංග්‍රීසීන් කළ විවිධ ප්‍රකාශයන්හි “උඩරට පෙදෙස්” යැයි සඳහන් වී තිබීම මඟින් ද උඩරට නීතියෙහි ‘දේශභූමිය” (Territorial) බව තවදුරටත් තහවුරු කෙරේ.
 
එමෙන් ම සිංහල රාජධානි සමයෙහි විසූ මලබාර් ජාතික හින්දුන්ට අදාළ ව ක්‍රියාත්මක වී ඇත්තේ ද උඩරට නීතියයි. ඒ ඔස්සේ යුක්තිය පසඳලීම, නිල අයිතිවාසිකම් හා වරප්‍රසාද භාවිතය, අපරාධ, දඬුවම්, ඉඩම්, විවාහය, දික්කසාද හා උරුම අයිතිවාසිකම් වැනි ක්ෂේත්‍රයන්ට අදාළ ව දේශීය, විදේශීය භේදයකින් තොරව මෙම නීතිය ක්‍රියාත්මක ව ඇත.
 
1815 දී උඩරට ඉංග්‍රීසීන්ට යටත් වීමත් සමඟ මෙකී උඩරට නීතියේ අදාළත්වය උඩරැටියන්ට පමණක් සීමා කිරීමට ඉංග්‍රීසීන් උත්සුක වූ බව පෙනේ.
 
මෙසේ උඩරට නීතිය යටපත් කරමින් ඉංග්‍රීසි නීතිය බලාත්මක කිරීම එක් රැයකින් සිදුවූවක් නොවේ. එය සිදුවූවේ ඉතා උපක්‍රමශීලී ව දිගු කාලීන සැලැස්මක් ඔස්සේ ය. 1815 ගිවිසුම මෙන් ම කැම්බල් එදිරිව හෝල් නඩුවේ දී ප්‍රකාශිත මූලධර්ම අනුව නව පරිපාලනය යටතේ ද උඩරට නීති හා ඒ ආයතන එලෙසින් ම අදාළ කිරීමට නියමිත ව තිබිණි. එහිදී ඇති කරගත් යටත් විජිත මූලධර්මයන්ට අනුව එහි පදිංචි කරුවන්ට හා එහි ඇතුළු වන නව පදිංචි කරුවන්ට ද උඩරට නීතිය අදාළ විය.
 
එහෙත් ඒ මූලධර්මයන්ට ම අනුව ප්‍රාථමික ජනපද (නොදියුණු යැයි සැලකෙන/ නීතියක් හඳුනාගත නොහැකි) සහ ඒ වනවිට ජනාවාස ව නොපැවති ප්‍රදේශවලට ඉංග්‍රීසි නීතිය හඳුන්වා දීමට හැකියාව ලැබිණි. මෙසේ ක්‍රමික ව ඉංග්‍රීසි නීතිය බලාත්මක කිරීමේ වැඩපිළිවෙළහි සන්ධිස්ථානය 1833 දී සනිටුහන් විය.
 
ඒ ශ්‍රී ලංකාවේ අධීක්ෂණ පරිපාලන පිළිබඳ උඩරට හා පහත රට අතර වෙනස්කම් ඉවත් කරමින් පැනවූ 1833 යුක්ති සන්නස මඟිනි. එමඟින් මුළු දිවයිනට ම එකම උසාවි රටාවක් හඳුන්වා දුන්නේ ය. ඉන්පසු පැනවූ 1852 අංක 5 දරන ආඥා පනත මඟින් එක් අතකින් උඩරට නීතිය සීමා කරන අතර අනෙක් අතින් බ්‍රිතාන්‍ය නීතිය හඳුන්වා දීම පැහැදිලිව සිදුවිය.
 
ඒ මඟින් උඩරට නීතියේ හිස් තැනක් ඇතිවිට ඒ සඳහා මුහුදු බඩ ප්‍රදේශවල නීතිය අදාළ විය යුතු බවත්, මුහුදු බඩ ප්‍රදේශ වලට අදාළ විය යුතු බවත්, මුහුදු බඩ ප්‍රදේශ වලට අදාළ අපරාධ නීතිය උඩරටට ද අදාළ බවත් අන්‍යාගමික විවාහයක් සඳහා උඩරට නීතිය අදාළ නොවන බවත් දැක්විණි. මෙසේ උඩරට නීතිය ක්‍රමානුකූල ව බලරහිත කිරීමේ අරමුණින් ඉංග්‍රීසි පාලකයෝ ප්‍රකාශන කිහිපයක් ඉදිරිපත් කර ඇත. 1815 ප්‍රකාශනය, 1816 ප්‍රකාශනය, 1852 ප්‍රකාශනය ඒ අතරින් ප්‍රධාන ය.
 
1862 දී තීරණය වූ කර්ෂෝ එදිරි ව නිකොල් නඩුවේ දී උඩරට නීතිය යුරෝපීයයන්ට පවා බලපාන ප්‍රාදේශීය නීතියක් බව තීරණය වී තිබිණි. එහෙත් විලියම් එදිරිව රොබට්සන් නඩුවෙන් පසු උඩරට නීතිය උඩරට ප්‍රදේශවාසී සියල්ලන්ට ම නොව 1815 න් පසු උඩරට ප්‍රදේශවල වාසය කළ උඩරැටියන් යැයි සැලකෙන පිරිසකට පමණක් අදාළ වන බව තීරණය විය. එමඟින් කර්ෂෝ එදිරිව නිකොල් නඩුව අධිතීරණය විය. ඒ අනුව යමෙක් උඩරට පදිංචි වුව ද උඩරට විවාහ ක්‍රමයට වෙනස් ක්‍රමයකට අදාළ වුවහොත් ඔහු උඩරට නීතියෙන් පාලනය නොවන තත්ත්වයක් ඇති විය. මේ අයුරින් ප්‍රථම වරට උඩරට නීතිය පෞද්ගලික නීතියක් බවට පත් විය.
 
මේ යුගයේ උඩරට නීතිය බල රහිත කිරීමේ තවත් පියවර කිහිපයක් තබා ඇත. ඒ අනුව 1859 පැන වූ උඩරට විවාහ ආඥා පනත මඟින් බහු විවාහ ක්‍රමය අහෝසි කරන ලදී. 1859 දී හා ඉන්පසු ඇති වූ ආඥා පනත් අනුව උඩරට නීතිය අදාළ වන විවාහ ක්‍රම උඩරැටියන්ට ම පමණක් සීමා විය. එය හුදෙක් බහු විවාහ ක්‍රමය මිශ්‍ර විවාහය, දික්කසාදය, සුජාත බව, දේපල භාරකාරත්වය, රැකවරණය, බාලවයස් කරුවන්, දෙමව්පියන් හා දරුවා, ත්‍යාග හා අන්තිම කැමති පත්‍රය රහිත අනුප්‍රාප්ති වැනි ක්ෂේත්‍ර කිහිපයකට සීමා වී ඇත.
 
ඒ අනුව තවදුරටත් උඩරට නීතිය පෙර පැවති බලසම්පන්න නීතිය නොවේ. බ්‍රිතාන්‍ය පාලනය යටතේ ඉංග්‍රීසි නීතිය බලවත් වෙමින් උඩරට නීතිය යටපත් ව ගොස් ඇත. මෙහිලා උඩරට නීතිය සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දු නිරවද්‍ය වුව ද සාවද්‍ය වුව ද දැන් ඒ ඉතිහාසය වෙනස් කළ නොහැකි ය. එහෙත් ඒ ඉතිහාසය නිර්මාණය වූවේ කෙසේ දැයි තේරුම් ගැනීමට නම් මේ පිළිබඳ හැදෑරීම ප්‍රයෝජනවත් ය.
 
කසුන් ජයසේකර
 
===1976 රජසිරිත් හා ලෝ සිරිත් පිලිතුරු ලිපිය අනුව===
# ලෝක චාරිත්‍ර
"https://si.wikipedia.org/wiki/සිංහල_නීතිය_හෙවත්_උඩරට_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි