"කොලරාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
[[ගොනුව:Distribution of the cholera.PNG|thumb|කොලරා රෝගයේ ව්‍යාප්තිය (මෙම රූපයේ ශ්‍රී ලංකාව දක්වා ඇතත් මෑත කාලයේ එහි මෙම රෝගය වාර්තාවී නැත)]]
 
කොලරාව යනු Vibrio cholerae නම් බැක්ටීරියාවක් මගින් ඇති කරන බෝවන ‍ආනත්‍රික‍ආන්ත්‍රික රෝයකිරෝගයකි. මෙය මිනිසුන්ට බෝවන්නේ අපවිත්‍රවු පානීය ජලය හා ආහාර ද්‍රව්‍යයන් පරිභෝජනය මගිනි. කොලරා බැක්ටීරියා සංචිත කොට තබා ගන්නා ප්‍රධාන ස්ථානයක් වන්නේ මිනිස් සිරුර යි. නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් වන බැක්ටීරියාවන් ජලාශ්‍රිත පරිසර වලද දක්නට ලැබේ. Vibrio cholerae බැක්ටීරියාව ග්‍රෑම් වර්ණකයෙන් වර්ණ නොගැන්වෙන ග්‍රෑම් සෘණ බැක්ටීරියාවකි. මෙමගින් නිශ්පාදනය වන විෂ ද්‍රව්‍ය ආන්ත්‍රික විෂ වර්ගයට අයත්ය. මෙය කුඩා අන්ත්‍රයේ අපිච්චාද පටක මත ක්‍රියාත්මක වී පාචන තත්වය ඇති කරයි. රෝගයේ උච්චතම අවස්ථාවන් වලදී කොලරාව මගින් ඉක්මනින් මරණයත් ළඟා කරදිය හැකිය. නිසි කළට ප්‍රතිකාර නොලැබුණ හොත් රෝග ලක්ෂණයන් ඇතිවී පැයකින් අවරුධිර පීඩනය ඇතිවීම‍ටත් පැය තුනක් ඇතුළතදී මරණය පවා ඇතිවීමටත් පුළුවන. විජලනය වළක්වා ගැනීමේ ප්‍රතිකාර ක්‍රම ‍නොලැබුණ හොත් රෝගය පාචන තත්වයේ සිට කම්පන අවස්ථාවක් දක්වා පැය 4 සිට 12 ක් වු කාලය අතරතුරදී සහ පැය 18 සිට දින කිහිපයක් අතරතුරදී මරණය පවා ළඟා විය හැකිය.
 
 
12 පේළිය:
කොලරාව නිසා ඇතිවන පාචනය ක්ෂණිකව ඇතිවන්නක් වන අතර එය කෙතරම් දරුණුදයත් නිසි කලට නිසි ප්‍රතිකාර ක්‍රම ලබා නොදුනහොත් දරුණු විජලන තත්වයක් හෝ මරණය ඇති වෙයි.
 
සුසෑන් සොන්ටැග් නම් නවකතාකාරියට අනුව අනිකුත් මාරාන්තික රෝගයන්ට වඩා කොලරා රෝගය දරුණු වන්නේ එමගින් අදාල රෝගියා අමානුෂිකත්වයට පත් කරන බැවිනි. පාචනය හා විජලන කෙතරම් දරුණුද යත් ඇය විසින් විග්‍රහ කරන අන්දමට රෝගියකු‍ෙග් මරණයට පෙර ඔහු හෝ ඇය වියලී ගිය විකට රූපයක් බවට පත්වෙයි. අනෙකුත් රෝග ලක්ෂණ වන්නේ සීඝ්‍ර ‍විජලනය , හෘද ස්පන්දන වේගය ඉහල යාම , සම වියලීම , තෙහෙට්ටු ගතිය , බඩ කොරවීම ඔක්කාරය සහ වමනයයි.
 
 
"https://si.wikipedia.org/wiki/කොලරාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි