"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
[[ගොනුව:සමාධි පිලිම වහන්සේ.jpg|right|thumb|400px| බුදුරජාණන් වහන්සේගේ උපශාන්තභාවය සහ පෞර්ශය එකවිට පෙන්නුම් කෙරෙන පොළොන්නරුව ගල් විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ. ]]
[[ගෞතම බුදුරජාණන් වහන්සේ|ගෞතම බුදුන් වහන්සේ]] දේශනාවනට අනුව '''බුද්ධ ධර්මයයි හෙවත් ධර්මය හෙවත් ධර්ම රත්නය''' තිසරණයන්ගෙන් එකකි. ඉතාම කෙටාකොට දක්වතොත් බුද්ධ දේශනා තුළ කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය එයින් කියවෙන්නේ. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) [[සංසාරය|සසර]] පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙල පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.
 
 
බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ [[ත්‍රිපිටකය]] නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත.
 
{{cquote|'''යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ'''<br />
Line 57 ⟶ 54:
==ත්‍රිපිටකය==
{{main|ත්‍රිපිටකය}}
බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් [[ත්‍රිපිටකය]] නමින් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ [[ත්‍රිපිටකය]] නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත.
 
බුදු දහම අඩංගු වන්නේ [[ත්‍රිපිටකය]] නම් ග්‍රන්ථ එකතුවෙහි ය. දළ වශයෙන් ගත් කල: [[සූත්‍ර පිටකය]] යනු නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ගේ අවබෝධය ට ගැලපෙන ලෙස දේශනා කරන්නට යෙදුනු, නිවන් මග හෙළි කරන, [[නවාංග ශාස්තෘ ශාසනය|නවාංග ශාස්තෘ ශාසනයට]] අයත් මූලික බුද්ධ දේශනා ආදිය යි; [[විනය පිටකය|විනය පිටකයෙහි]] ඇතුළත් වන්නේ විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන් නිවන් මඟ තුළ හික්මවීමට දේශනා කරන විනය කරුණු ය; [[අභිධර්ම පිටකය]] යනු එම ධර්ම කරුණුවල ම සවිස්තරාත්මකව බෙදා දැක්වීමකි.
 
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි