"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
2 පේළිය:
{{බුද්ධාගම}}
[[ගොනුව:සමාධි පිලිම වහන්සේ.jpg|right|thumb|400px| බුදුරජාණන් වහන්සේගේ උපශාන්තභාවය සහ පෞර්ශය එකවිට පෙන්නුම් කෙරෙන පොළොන්නරුව ගල් විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ. ]]
බුදුරජාණන් වහන්සේ නමක විසින් අවබෝධකොටගෙන සියලු සත්ත්වයන්ගේ යහපත වෙනුවෙන් ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් යුතුව දේශනා කරනු ලබන උත්තරීතර ධර්මය බුදු දහම ලෙස හැඳින්වේ. ශරීරයට අධික දුක් දීම සහ අධික සැප ලබා දීම යන කරුණු දෙකෙන්ම බැහැරව මැදහත් පිලිවෙතක් සහ සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පෙරදැරි කර ගනිමින් අනුගමනය කලයුතු පිලිවෙතක් ඔස්සේ යමින් නිර්වාණය නම් උතුම් අරමුණ සාක්ශාත් කර ගැනීම මගින් දුක ඇතිවීම නවතා දමන ආකාරය හේතු ඵල දහම උපයෝගීකර ගනිමින් සිදු කරන ලද ඉතා පුලුල් විග්‍රහයක් බුදු දහමේ අන්තර්ගත වන අතර බුදු දහමේ එන කිසිදු ඉගැන්වීමක් අසත්‍ය බව පෙන්වීමට නූතන විද්‍යාව පවා අසමත්ය. බාහිර දෙවිවරුන් තුල යමෙකුගේ සැනසීම රඳා නොපවතින බව පෙන්වාදුන් බුදුදහම තමාගේ සැනසීම තමන්ගේ ක්‍රියාවන් මත පමණක් පදනම් වන බව පෙන්වාදෙයි..
[[ගෞතම බුදුරජාණන් වහන්සේ|ගෞතම බුදුන් වහන්සේ]] දේශනාවනට අනුව '''බුද්ධ ධර්මයයි හෙවත් ධර්මය හෙවත් ධර්ම රත්නය''' තිසරණයන්ගෙන් එකකි. ඉතාම කෙටාකොට දක්වතොත් බුද්ධ දේශනා තුළ කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය එයින් කියවෙන්නේ. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) [[සංසාරය|සසර]] පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් මේ පැවැත්ම මේ ජීවිතයෙන්ම නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙල ඉතාමත් පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.
 
 
බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ [[ත්‍රිපිටකය]] නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත.
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි