"2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
23 පේළිය:
 
==සිදුවීම==
2004 වසරේ නත්තල ආගමික සැමරුම යෙදී තිබුණු දිනට පසු එළැඹි උදුවප් පොහොය දින, එනම් දෙසැම්බර් 26 වැනිදා උදෑසන 6:55 ට පමණ, සුපුරුදු පරිදි මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය නැවතුම්පළින් ගමන් ආරම්භ කරන ලදී. ඒ අවස්ථාවේදී දුම්රිය තුල, ප්‍රවේශපත්‍ර සහිත මගීන් 1000-1500 අතර ප්‍රමාණයකුත්, ප්‍රවේශපත්‍ර රහිතව සිටි මගීන් නොදන්නා සංඛාවකුත්සංඛ්‍යාවකුත් සිටි බව සඳහන් වෙයි.<ref>{{cite book|title=සුමත්‍රා-අන්දමන් අයිලන්ඩ්ස් එර්ත්ක්වේක් ඇන්ඩ් සුනාමි ඔෆ් ඩිසෙම්බර් 26, 2004: ලයිෆ්ලයින් පර්ෆෝර්මන්ස්|date=අගෝස්තු 2008|publisher=ASCE Press, Technical Council on Lifeline Earthquake Engineering|location=Reston, VA|isbn=978-0-7844-0951-0|url=http://www.asce.org/Product.aspx?id=2147486137&productid=5511|editor=Carl Strand and John Masek}}</ref>
 
==සුනාමි රළ දුම්රියේ ගැටීම==
කොළඹ දුම්රිය නැවතුම්පළින් පිටත් වූ දුම්රිය, උදෑසන 9:30 පමණ වන විට [[තෙල්වත්ත]] අසල, [[පෑරලිය]] ග්‍රාමය ඔස්සේ ධාවනය වෙමින් පැවැතිණි. එම අවස්ථාව වන විට ගලා ආ පළමු සුනාමි රළ, වෙරළ තීරය යටකරමින් ගොඩ බිම දෙසට ගලා වුත් දුම්රිය හාත්පසද වට කර ගැනීම නිසා, දුම්රිය ධාවනය නතර කරන ලදී. මුහුදු රළ ගැටුනද දුම්රිය, පීලි මත නිරුපද්‍රිතව පවතීවි යැයි එහි සිටි සිය ගණනක් වූ මගීන් බලාපොරොත්තු වූවත්, ඊළඟ මොහොතේ පැමිණි විශාල සුනාමි රළ, දුම්රිය මැදිරි සහ අවට තිබූ ගස්කොලන්, නිවාස ආදියටද දැඩි හානි සිදුකරමින් රට තුලට ගලා යන ලදී. සුනාමි රළ පහර හේතුවෙන් ජලයෙන් පිරී ගොස් තිබූ දුම්රිය මැදිරි අටක සිටි පිරිස ඒ තුළම ගිලී මිය ගිය අතර, සමහරක් දෙනා ජල පහරේ ගසා ගෙන ආ සුන්බුන් වල ගැටීම නිසා මිය ගියහ. දැඩි රළ පහර නිසා ගැලවී ගිය සමහර දුම්රිය පෙට්ටි උඩුයටිකුරු වෙමින් ජල පහර සමග රට තුලට ගසා ගෙන ගිය අතර, දුම්රිය මාර්ගයටද රළ පහර නිසා දැඩි ලෙස හානි සිදුවී තිබුණි. මේ අවස්ථාවෙහි දුම්රියෙහි ගැටුණු සුනාමි රළ පහරහි උස, සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට මීටර 7.5 ත් 9 ත් අතර ප්‍රමාණයක් පමණ වූ බව පැවසෙයි.<ref>Ibid.</ref>
 
==ආශ්‍රිත==