"2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
 
2004 වසරේ දෙසැම්බර් 26 වැනි දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා මුහුදේ ඇතිවූ භූමිකම්පාවක් නිසා හටගත් සුනාමි රළ පහරක් ගැටීමෙන්, ශ්‍රී ලංකාවේ පෑරලියදී මගී දුම්රියක් විනාශයට පත්වූ අතර, එම දුම්රිය ව්‍යසනය '''2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය''' ලෙස හැඳින්වේ. මෙම ව්‍යසනය, ඉතිහාසයේ දුම්රියක් හා සම්බන්ධව සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, සිදුවීම ලෙසද හැඳින්වෙයි. [[කොළඹ]] සිට [[ගාල්ල]] දක්වා වූ නියමිත දුම්රිය ගමන් මග අතරතුර හමුවන, [[තෙල්වත්ත]] නැවතුම ආසන්නයේ පිහිටි පෑරලිය ග්‍රාමයේ ධාවනය වෙමින් පැවැති දුම්රිය වෙත සුනාමි රළ ගැටීම නිසා මෙම අනතුර සිදුවිය. අනතුර නිසා පුද්ගලයන් 1,700 කට වඩා වැඩි පිරිසක් මිය ගිය අතර එම ප්‍රමාණය, ඊට පෙර දුම්රිය ඉතිහාසයේ වාර්ථා වී තුබූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, 1981 වසරේ සිදුවූ [[1981 බිහාර් දුම්රිය අනතුර|බිහාර් දුම්රිය අනතුරේ]] මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකි.
 
==දුම්රිය==
මෙම ව්‍යසනයට මුහුණදුන් [[දුම්රිය]], මෙරට [[කොළඹ]] සහ [[ගාල්ල]] නගර අතර ක්‍රියාත්මක වන මගී දුම්රියක් වූ අතර (මෙම දුම්රිය, සමුද්‍රදේවී දුම්රිය බවට සමහර තැන්හී සඳහන් වෙයි), එය මෙරට නිරිත දිග වෙරළට ආසන්නයෙන් ඇදී යන දුම්රිය මග ඔස්සේ ධාවනය වන්නක් විය.