"ලංකා දිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:දූපත් - ශ්‍රී ලංකා එක් කරන ලදී. HotCat භාවිතයෙන්
23 පේළිය:
පුරාණ කඳුවලින් වටවූ සීමිත විපරිත ස්ථර මෙම දූපතෙහි අන්තර්ගත වේ. ගංඟා තැන්නවල් වල ඇති නිධි ද ජුරාසික් යුගයේ රොන්මඩ කොටස් දෙකක් පමණද පුත්තලම් දිස්ත්‍රික්කයේ පවතින අතර වඩාත් පුළුල් කලාපයක් වන මයෝසින හුණුගල් ඊසාන දිග වෙරළේ පවතී.ඊසාන දිග වෙරළ ගිණිකොණ දිග ඉන්දියාවේ ගැඹුරු කාවේරි ද්‍රෝණියේම කොටසකි. ගොඩ්වානාලන්තයේ කැඩී යාමේ සිට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ උස් කඳුවල සිට ගංඟා රොන්මඩ එකතු කරමින් ගලා බසී.
 
== ශ්‍රී ලංකාවේ භූ ලක්ෂණ ==
 
කාලයක් තිස්සේ පුළුල්ව සිදුවන විභේදන හා පාංශු ඛාදනය හේතුවෙන් ශ්‍රී ලංකාවේදිවයින විවිධ භූ ලක්ෂණ විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාව දර්ශනීය ස්ථානයක් බවට පත් කිරීමට මෙය හේතුවී ඇත. උස මට්ටම අනුව ශ්‍රී ලංකාවේ භූ විෂමතා කලාප 3 ක් දක්නට ලැබේ. මධ්‍යම කඳුකරය, අභ්‍යන්තර තැනිතලාව හා වෙරළබඩ තීරුව යනු ඒවායි.
 
ශ්‍රී ලංකාවේ දකුණු මධ්‍යම කොටස හෙවත් විෂම මධ්‍යම කඳුකරය රට මැද පිහිටා ඇත. මෙහි මධ්‍ය වන්නේ උතුරේ සිට දකුණට 65 Km පමණ ප්‍රදේශයකට විහිදෙන උස් සානුවයි. මෙම ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ උසම කඳු පිහිටා තිබේ. (උසම කන්ද වන්නේ 2524 m පමණ උස පිදුරුතලාගල කන්දයි) සානුවේ දකුණු අන්තයේ සමනල කන්දද 2543 m, බටහිරින් දිවෙන කඳු පන්තියක් හා නමුනුකුල (25036 m) දෙසට නැගෙනහිරින් දිවෙන ලෙස කඳු පන්ති පිහිටා ඇත. උස් හෙල් වල බෑවුම් වල උසින් අඩු සානු 2 ක් පිහිටා ඇත. බටහිරින් පිහිටා ඇති ‍හෝර්ටන් සානුව දළ බැවුම් සහිත හෙල් රාශියකින් සමන්විත වේ. එම සානුව උතුර දෙසට බෑවුම්ව පිහිටා ඇත. ඌව ද්‍රෝණිය තණකොළ සහිත කඳුවැටි හා ගැඹුරු නිම්න හා දුර්ග මාර්ග වලින් යුක්තය. පළල් නිම්න මඟින් ප්‍රධාන කඳු හා සානු වලින් වෙන්ම උතුරින් නකල්ස් කඳු වැටිය පිහිටා ඇත. එහි තද බෑවුම සහිත මොහොර, දුර්ග මාර්ග හා 1800 m ට වඩා උස් කඳු මුදුන් දක්නට ලැබේ. සමනල කන්දට දකුණින් වන්නට පිහිටි රක්වාන කන්දේ සමාන්තර කඳු වැටි කිහිපයක් දක්නට ලැබේ. එහි සමහරක් කඳු මුදුන් 1400 m ට වඩා උසින් යුක්ත වේ. වෙරළබඩ තැන්නට ලඟා විමට පෙර මුහුදු මට්ටමේ සිට 400 m හා 500 m උසින් පිහිටි කඳුකරයේ මොහොර හා වාසාවකාශ ගණනාවක් හමුවේ.
 
දිවයිනේ පෘෂ්ඨය වැඩි වශයෙන් තැනී ඇත්තේ මුහුදු මට්ටමේ සිට 30 m ත් 200 m ත් අතර උසින් පිහිටි තැනිතලා වලිනි. නිරිත දිග කඳු වැටි හා නිම්න ක්‍රමයෙන් උසින් වැඩි වී මධ්‍යම කඳුකරය හා සම්බන්ධ වීම නිසා තැනිතලාව කැඩුණු ස්වභාවයක් ගනී. මෙම ප්‍රදේශයේ සිදුවන පාංශු ඛාදනය නිසා කඳු වැටි ක්ෂය වන අතර එම සාරවත් පස කෘෂිකාර්මික ප්‍රයෝජනය සඳහා පහත් බිමවල තැන්පත් වේ. ගිනිකොණ දිග සමතලා ප්‍රදේශයේ බිම රතු ලැටරික් පස් වලින් සමන්විත වේ.එමෙන්ම ශේෂ කඳු තැනිත් තැන දක්නට ලැබේ. ගිනිකොණ දිග ප්‍රදේශයේ තැනිතලාවේ සිට මධ්‍යම කඳුකර දක්වා වු භූමියේ ස්වභාවය ක්ෂණිකව සංක්‍රණය වීම නිසා මෙම ප්‍රදේශයේදි කඳු වැටි තාප්පයක් මෙන් විහිදි තිබේ. නැගෙනහිර හා උතුරේදී තැනිතලාව සමතලාව වන අතර මධ්‍යම කඳුකරයේ සිට දිවෙන පටු දිග කලු ගලින් සැදි කඳු වලින් යුක්තය.මුහුදු මට්ටමේ සිට මී. 30 දක්වා උසට විහිදෙන වෙරළ බඩ තැනිතලාව වටා වෙරළ තීරයක් පවතියි. එම ප්‍රදේශයේ වැඩි කොටසක් දර්ශනීය වෙරළ තීරයන්ගෙන් යුක්තයි.
 
== ශ්‍රී ලංකාවේ විවිධ පාරිසරික කලාප ==
"https://si.wikipedia.org/wiki/ලංකා_දිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි