"ලංකා දිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
17 පේළිය:
නිරිත දිග හා කඳුකර ප්‍රදේශවල තෙතමනය අධිකවන අතර සෘතුවෙන් සෘතුව වෙනස් වෙමින් වුවද පැතිර ගිය වර්ෂාපතනයක් ඇද හැළේ. නිරිත දිග මොසම් සුළං පවතින ජුනි මාසයේ කොළඹ දිස්ත්‍රික්කයේ වයුගෝලීය තෙතමනය 90% දක්වා ඉහළ නගින අතර එම ප්‍රදේශයේ වාර්ෂික වායුගෝලීය තෙතමනය 70% පමණ වේ. අන්තර් මෝසම් සුළං හමන මාර්තු මාසයේදී අනුරාධපුර ප්‍රදේශයේ (දිවා කාලයේ) වායුගෝලීය තෙතමනය 60% පමණ වේ. එම අගය නොවැම්බර් ‍හා දෙසැම්බර් වැසි කාලපරිච්ඡෙදවලදී 79% දක්වා ඉහළ නගී. කඳුකරයට අයත් මහනුවර ප්‍රදේශයේ දහවල් කාලයේද පවතින තෙතමනය සාමාන්‍යයෙන් 70% ත් 79% ත් අතර අගයක් ගනී.
 
== ශ්‍රී ලංකාවේ භූගෝලය පරිණාමය ==
ශ්‍රී ලංකාවේදිවයිනේ සමස්ත භූ තලයෙන් 85% ටත් වඩා අයත්ව ඇත්තේ ප්‍රාග් කේම්බ්‍රියානු ස්ථරයටයි. එයින් සමහරක් අවුරුදු බිලියන ගණනක් අතීතයට අයත් වේ. මෙම විපරිත ගල් පෘෂ්ඨ තලය සාදන ලද්දේ කඳු නිර්මාණය වන ක්‍රියාවලි පවතින අතරතුර දැඩි රශ්මියට සහ පීඩනයකට විකාශනය වූ පැරණි රොන්මඩ ලක් වීමෙනි. භූ තැටි චලන පිළිබඳව වූ න්‍යායෙන් පැහැදිළි කරනුයේ මෙම ගල් සහ මෙයට සම්බන්ධිත ගල් බොහෝමයක් සෑදී ඇත්තේ දකුණු ඉන්දියාවේ ඇති භූ ස්කන්ධයක් වන ගොඩ්වානාලන්තයේ ආරම්භය අවුරුදු මිලියන් 200 කට පෙර සිදුවිය. පෘථිවි ප්‍රවාරණයේ දකුණු අර්ධ ගෝලයේ භූමි බෙදී වෙන්වී යාමට පටන් ගත් අතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව භූ තැටියක ආධාරයෙන් ඊසාන දිගට ඇඳී යන ලදී. අවුරුදු මිලියන 45 කට පමණ පෙර ඉන්දියානු ඵූ තැටිය ආසියානු භූ ස්කන්ධය සමඟ ඝට්ටණය වීමේ ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ පවතින හිමාලයානු කඳු වැටිය දිසු වීමට පටන් ගත් අතර එහි වැඩීම වර්තමානයේදීද සෙ‍ෙමන් සිදුවේ. ශ්‍රී ලංකාව භූමිකම්පා කිහිපයකට හෝ ප්‍රධාන ගිණි කඳු අවස්ථා කිහිපයකට ලක්විය හැක්කේ ශ්‍රී ලංකාව මෙම භූ තැටියේ මැදට ගමන් කරන නිසාය.
 
පුරාණ කඳුවලින් වටවූ සීමිත විපරිත ස්ථර මෙම දූපතෙහි අන්තර්ගත වේ. ගංඟා තැන්නවල් වල ඇති නිධි ද ජුරාසික් යුගයේ රොන්මඩ කොටස් දෙකක් පමණද පුත්තලම් දිස්ත්‍රික්කයේ පවතින අතර වඩාත් පුළුල් කලාපයක් වන මයෝසින හුණුගල් ඊසාන දිග වෙරළේ පවතී.ඊසාන දිග වෙරළ ගිණිකොණ දිග ඉන්දියාවේ ගැඹුරු කාවේරි ද්‍රෝණියේම කොටසකි. ගොඩ්වානාලන්තයේ කැඩී යාමේ සිට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ උස් කඳුවල සිට ගංඟා රොන්මඩ එකතු කරමින් ගලා බසී.
 
== ශ්‍රී ලංකාවේ භූ ලක්ෂණ ==
 
"https://si.wikipedia.org/wiki/ලංකා_දිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි