"අනගාරික ධර්මපාල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
28 පේළිය:
 
==පරම විඥානාර්ථ සමාගම​==
වයස අවුරුදු 16 දී, ඩේවිඩ් හේවාවිතාරණට කර්නල් [[සර් හෙන්රි ස්ටීල් ඕල්කට්]] හා [[බ්ලැවට්ස්කි මැතිණිය]] හඳුනා ගැනීමට ඉඩ සැලසුණි. වයස අවුරුදු 19 දී විශේෂ සාමාජිකත්වයකින් පරම විඥානාර්ථ සමාගමට බඳවා ගන්නා ලදි. 1886 දී හෙන්රි ස්ටීල් ඕල්කට් හා සී. ඩබ්. ලෙඩ්බීටර් බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරනු පිණිස ලංකාවට පැමිණියහ​. ඔවුනගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කිරීමට ඩේවිඩ් හේවාවිතාරණ රජයේ රැකියාවෙන් ඉවත් විය​. ඕල්කට්තුමා සමග රට පුරා කළ සංචාරය ඔහු ගේ ඇස් අරවන්නක් විය​. [[සිංහල ජාතිකයෝ|සිංහල ජාතියට]] හා [[බුදු දහම|බුදු දහමට​]] සිදුව ඇති පරිහාණිය එහි දී ඔහු සියැසින් දුටුවේ ය​.
1886 දී කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් හා [[සී. ඩබ්. ලීඩ්බීටර්]] ''(C.W. Leadbeater)'' බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරනු පිණිස ලංකාවට පැමිණියහ​. ඔවුනගේ [[භාෂා]] පරිවර්ථකයා ලෙස කටයුතු කිරීමට ඩේවිඩ් හේවාවිතාරණ රජයේ රැකියාවෙන් ඉවත් විය​. ඕල්කට්තුමා සමග රට පුරා කළ සංචාරය ඔහු ගේ ඇස් අරවන්නක් විය​. [[සිංහල ජාතිකයෝ|සිංහල ජාතියට]] හා [[බුදු දහම|බුදු දහමට​]] සිදුව ඇති පරිහාණිය එහි දී ඔහු සියැසින් දුටුවේ ය​.
 
සිදුව ඇති පරිහාණියට ප්‍රතිකර්ම යෙදීම උදෙසා, තමන් ස්වකීය දිවිය ම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත්, තමාට ගිහි ගෙයින් ඵලක් නැති බවත්, අනගාරිකව විසීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් 1886 ජනවාරි 12 වන දින තම පියාට ලිපියක් යවන ලදි. [[හික්කඩුවේ සිරි සුමංගල හිමි]] ගේ කරුණු පහදා දීමකින් අනතුරුව, පියා, ඩේවිඩ් හේවාවිතාරණට අනගාරික වීමට අවසර ලබා දුන්නේ ය​. දොන් ඩේවිඩ් යන විදේශික නාමය අත හැර දමා, ධර්මපාල හේවාවිතාරණ යන [[සිංහල]] නම භාවිතා කරන්නට පටන් ගත්තේ ය​. ඔහු ගත කළ බ්‍රහ්මචාරී දිවිය නිසා අනගාරික යන පෙර ඈඳිය ඔහු ගේ නමට එක් විය​.
 
වර්‍ෂ 1886 සිට 1890 දක්වා කාලය තුළ [[බෞද්ධ පරම විඥානාර්ථ සංගමය|බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ]] බෞද්ධ අංශ​යේ මහ ලේකම්, බෞද්ධ මුද්‍රණාලයේ හා [[සඳරැස|සඳරැස පත්‍රයේ]] කළමණාකරු, බෞද්ධ පාසල් කළමණාකරු, බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ සහයක ලේකම් යනාදි තනතුරු ධර්මපාලතුමා විසින් දරණ ලදි.
 
==බෞද්ධ ධර්ම ප්‍රචාරය​==
[[File:Swami Vivekananda at Parliament of Religions.jpg|thumb|1893 දී පවැති දෘෂ්ටි සම්මේලනය​
"https://si.wikipedia.org/wiki/අනගාරික_ධර්මපාල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි