"නොබැඳි ජාතීන්ගේ සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎පංච ප්‍රතිපත්තිය: ලිපියට කරුණු එක් කිරීම
→‎සාමාජිකත්වය: ලිපියට කරුණු එක් කිරීම
38 පේළිය:
==සාමාජිකත්වය==
නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය සඳහා වන අවශ්‍යතාවයන්, [[එක්සත් ජාතීන්]]ගේ සංවිධානයේ මූලික අවශ්‍යතාවයන් සමග බොහෝ දුරට සමාන වෙයි. වර්ථමාන සාමාජිකත්වය බලාපොරොත්තු වන රාජ්‍යයන්, 1955 සිට පිළිගැනෙන බැංඩුං මූලධර්ම ("Bandung principles") දහයට අනුකූල ප්‍රතිපත්තියක් පවත්වාගෙන පැවතිය යුතුය:<ref name=Methodology>{{cite web|url=http://www.nam.gov.za/background/methodology.htm#METHODOLOGY|date=14–16 May 1996|accessdate=24 April 2011|work=Head of State and Government of the Non-Aligned Countries|publisher=Government of Zaire|title=Meeting of the Ministerial Committee on Methodology of the Movement of the Non-Aligned Countries, Caratagena de Indias, May 14–16, 1996}}</ref>
 
===දස ප්‍රතිපත්තිය===
*එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයෙහි සඳහන් මානව හිමිකම් සම්බන්ධ මූලික අරමුණු සහ ප්‍රතිපත්ති වලට ගරුකිරීම.
*සියළුම ජාතීන්ගේ භෞමික අඛණ්ඩතාවයට සහ ස්වෛරීභාවයට ගරුකිරීම.
*ජාතික ස්වාධීනත්වය වෙනුවෙන් වූ ව්‍යාපාරයන්ට පිළිගැනීම ලබා දීම.
*ලොකු කුඩා සියළු ජාතීන් හා පුද්ගලයන් අතර සමානාත්මතාවය පිළිගැනීම.
*වෙනත් රාජ්‍යයක අභ්‍යන්තර කරුණු කෙරෙහි ඇඟිලි ගැසීමෙන් හෝ මැදිහත්වීමෙන් හෝ වැළකීම.
*එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයට අනුකූලව, තනිවම හෝ සාමූහිකව යම් රාජ්‍යයකට තම ජාතිය රැකගැනීමේ ඇති අයිතියට ගරුකිරීම.
*ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලනික ස්වාධීනත්වයට එරෙහිව, අනිසි බලය භාවිතය/ ආක්‍රමණයන් සිදුකිරීම හෝ එවැනි තර්ජන එල්ල කිරීමෙන් වැළකීම.
*එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයට අනුකූලව, ජාත්‍යන්තර වශයෙන් ඇතිවන මතභේද හා ගැටීම් සාමාකාමී ලෙස නිරාකරණය කිරීම.
*අන්‍යෝන්‍ය අභිරුචියන් සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම.
*සාධාරණත්වය සහ ජාත්‍යන්තර වගකීම්වලට ගරු කිරීම.
 
==නොබැඳි ජාතීන්ගේ සමුළුවාරයන්==
"https://si.wikipedia.org/wiki/නොබැඳි_ජාතීන්ගේ_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි