"දේශගුණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
16 පේළිය:
 
== දේශගුණික වර්ගීකරණය ==
සමාන තන්ත්‍රයන්ට දේශගුණය වර්ගීකරණයට විවිධ ක්‍රම ඇත. මුල් අවධියේ, අතීත ග්‍රීසියේ යම් පිහිටීමක අක්ෂාංශ මත ප්‍රදේශ වෙන් කර තිබුණේ කාලගුණය විස්තර කිරීම සඳහා ය. නූතන දේශගුණ වර්ගීකරණ ක්‍රම, ප්‍රවේණි ක්‍රම සහ ප්‍රත්‍යක්ෂ මූලක ක්‍රම ලෙස බෙදිය හැක. ප්‍රවේණි ක්‍රමයේදී, දේශගුණය ඇතිවීමට පාදක වූ හේතුව මතත්, ප්‍රත්‍යක්ෂ මූල ක්‍රමයේදී දේශගුණයේ ප්‍රතිවිපාක මතත් අවධානය යොමු කරයි. ප්‍රවේණි වර්ගීකරණයේ උදාහරණ ලෙස, විවිධ වායු ස්කන්ධයන්ගේ සාපේක්ෂ සංඛ්‍යාතය මත පදනම් වූ ක්‍රම හෝ සංක්ෂිප්ත කාලගුණ විපථන තුල වූ පිහිටීම් ඇතුලත් ය. ප්‍රත්‍යක්ෂ මූලක වර්ගීකරණ උදාහරණ ලෙස ශාක දැඩිකමින්(plant hardiness) අර්ථ දක්වන දේශගුණික කලාප, evapotranspiration, හෝ පොදු වශයෙන් යම් ජෛව දර්ශ පදනම් කරගත් දේශගුණ හඳුනා ගැනීමට සැකසූ කොපේන් දේශගුණික වර්ගීකරණ හැදින්විය හැක. ස්භාවයෙන් පොදු වූ ක්‍රමනුකූල සංක්‍රාන්ති වෙනුවට මෙම වර්ගීකරණ ඒවා අර්ථ දක්වන කලාපයන් අතර පැහැදිලිව වෙන් වූ සීමාවන් ඇති කරන බැවින්, මෙම වර්ගීකරණ අසාර්ථක වේ.
=== බර්ජෙරෝන් සහ අවකාශ සංෂිප්තය ===
සරලම වර්ගීකරණය වායු ස්කන්ධ අන්තර්ගත වන්නයි. වඩාත් පිළිගත් වායු ස්කන්ධ වර්ගීකරණය වන්නේ බර්ජෙරෝන් වර්ගීකරණය යි. වායු ස්කන්ධ වර්ගීකරණයේ අකුරු තුනක් යෙදේ. මහද්වීපික වායු ස්කන්ධ(වියළි) සඳහා 'c' අකුරත්, වෙරළබඩ වායු ස්කන්ධ(තෙත)සඳහා 'm' අකුරත් භාවිතා වන අතර, පළමු අකුරෙන් තෙතමනයට අදාල ලක්ෂණ විස්තර කෙරේ. දෙවැනි අකුරෙන්, එහි ප්‍රභව කලාපයේ තාප ලක්ෂණ විස්තර කෙරේ. 'T' වලින් නිවර්තනයත්, 'P' වලින් ධ්‍රැවකත්, 'A' වලින් උත්තරත් හෝ දක්ෂිනත් ධ්‍රවයත්, 'M' මගින් මොසන් සුළගත්, 'E' මගින් සමකයත්, 'S' වලින් උත්තරීතර වායුවත් නිරූපණය කෙරේ. වායුගෝලයේ ස්ථායීතාව නියම කිරීමට තුන්වන අකුර යොදා ගැනේ. වායු ස්කන්ධය එයට පහලින් පිහිටා ඇති ප්‍රදේශයට වඩා සිසිල් නම් 'k' ලෙසත්, ඊට වඩා උණුසුම් නම් 'w' ලෙසත් ලේබෙල් කෙරේ. සංක්ෂිප්ත climatologies
=== කොපේන් ===
=== තොන්ත්වේට් ===
 
== අභිලේඛනය ==
=== නවීන ===
"https://si.wikipedia.org/wiki/දේශගුණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි