"ඡයාරූපකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Singhalawap ඡයාරූපකරණය සිට ඡයාරූපකරණය (තාවකාලික) දක්වා පිටු ගෙන යන ලදී: merging
සුළු Singhalawap ඡායාරූප ශිල්පය සිට ඡයාරූපකරණය දක්වා පිටු ගෙන යන ලදී: merging
1 පේළිය:
#යළියොමුව [[{{mergewith|ඡයාරූපකරණය (තාවකාලික)]]}}
ඡායාරූප ශිල්පය යනු ආලෝක කිරණ සටහන් කරගැනීම මගින් චල හෝ නිශ්චල සේයා නිර්මාණය කිරීමේ ක්‍රියාවලියයි. මෙම ක්‍රියාවලියේ දී ආලෝකය ආලෝක සංවේදී මාධ්‍යකයට යොමු කරයි.මේ සඳහා කැමරාව නම් උපකරණය භාවිත කරයි.
[[ගොනුව:Large_format_camera_lens.jpg|frame|thumb|alt=tiny globe|විශාල වර්ගයේ කැමරාවක කාච සවි කරන ව්‍යුහය]]
ඡායාරූපකරණය යනු, ආලෝක සංවේදී මාධ්‍යයක් (ඡායාරූප පටලයක් හෝ විද්‍යුත් සංවේදක උපාංගයක් වැනි) ආධාරයෙන් ආලෝකය ප්‍රතිග්‍රහණය කිරීම මගින් දර්ශන ගබඩා කර ගැනීමේ ක්‍රියාවලියයි. සාමාන්‍යයෙන් මෙහි දී පහත ක්‍රියාවලිය සිදු වේ. වස්තූන් මගින් විමෝචනය හෝ පරාවර්තනය කෙරෙන ආලෝක රටාවන් රිදී හේලයිඩ් පදනම් කර ගත් සංවේදී රසායනික හෝ විද්‍යුත් මාධ්‍යයක් අනාවරණය කිරීමට භාවිත කෙරේ. මෙම ක්‍රියාවලිය නිශ්චිත කාල සීමාවක් සඳහා සිදු කෙරෙන අතර එහිදී සාමාන්‍යයෙන් කැමරාවේ අඩංගු ඡායාරූප කාච නම් උපාංග ඔස්සේ ආලෝකය ලබා ගැනීම සිදු කෙරේ. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිග්‍රහණය කර ගන්නා තොරතුරු කැමරාව තුළ රසායනිකව හෝ විද්‍යුත් වශයෙන් ගබඩා කෙරේ. වෙළඳ කටයුතු සහ විනෝදාත්මක කටයුතු යන අංශයන් යුගල සඳහා ම ඡායාරූපකරණයේ බොහෝ භාවිතයන් පවතී. එය බොහෝ විට වෙළඳ දැන්වීම් සහ විලාසිතා මුද්‍රණ සඳහා පදනම ලෙස ක්‍රියා කරයි. ඡායාරූපකරණය වාණිජ සහ කලාත්මක ක්‍රියාවලියක් ලෙස ද සැලකිය හැක.
 
[[ගොනුව:Photography_using_Canon_Digital_IXUS_850_IS.jpg|thumb|අතේ ගෙන යා හැකි ඩිජිටල් කැමරාවක්.]]
ඡායාරූපකරණය සඳහා යෙදෙන ඉංග්‍රීසි පදය “photography” photographie නම් ප්‍රංශ වචනය ඇසුරෙන් නිර්මාණය වූවකි. එම ප්‍රංශ වචනය ග්‍රීක වචන ත්‍රිත්වයක් ඇසුරෙන් නිර්මාණය වූවක් වන අතර, ඒවා එක්ව ගත් කළ “ආලෝකය මගින් ඇඳීම” යන අර්ථය දෙයි. සාම්ප්‍රදායිකව ඡායාරූපකරණයේ ප්‍රතිඵලය 'ඡායාරූප' ලෙස හැඳින්වෙන අතර, පොදු ව්‍යවහාරයේ මෙය කෙටියෙන් “ෆොටෝ” යනුවෙන් හැඳින්වේ.
 
== හඳුන්වාදීම ==
 
[[Image:Coolscan-V.jpg|thumb|alt=tiny globe|
නූතන DSLR කැමරාවක්. (Canon EOS 40D]]
ඡායාරූපකරණයේ දී ෂටර වේගය යනු ෂටරය විවෘතව පවතින කාලයයි. සම්පූර්ණ අනාවරණය, අනාවරණ කාලයට හෝ ආලෝකයට, තිරයට හෝ සංවේදකයට ළඟා වීමට ගන්නා කාලයට සමානුපාතික වේ.
 
සම්පූර්ණ නිරාවරණයට බලපාන කරුණු වන්නේ වස්තුවේ දීප්තතාව, සිදුරේ ප්‍රමාණය සහ නිරාවරණ කාලය (ෂටරය) ෂටර වේගය සහ සිදුරේ ප්‍රමාණයේ බලපෑම නැති කිරීමට, නැවතුම් ඡායාරූප ශිල්පියාට භාවිත කළ හැකිය. මෙසේ නැවතුමක් භාවිත කිරීම මගින් තිරයට පිවිසෙන ආලෝකය අඩක් කිරීම හෝ දෙගුණ කිරීම කළහැක. දී ඇති ඕනෑම නිරාවරණයක් සඳහා වේගවත් ෂටර වේග යොදා ගැනීමට විශාල සිදුරක් (කුඩා අංකයක්) අවශ්‍ය වේ.
 
සමාන්‍යයෙන් මන්දගාමී ෂටර වේග භාවිතා කරන්නේ අඩු ආලෝක තත්ත්වයන්හිදී ය. මෙමගින් ෂටරය වැසීමට යන කාලය වැඩිවන බැවින් ඇතුළු වන ආලෝක ප්‍රමාණය ද වැඩිවේ. මෙම මුලික සංකල්පය සේයා පටලවල ද සංඛ්‍යාංක කැමරාවල ද භාවිතා වේ.
 
ෂටර වේගය තත්පරවලින් මනිනු ලබයි. සූර්යාලෝකය ඇතිවිට ඡායාරූපයක් ලබාගැනීමට ගතවන ෂටර වේගය තත්පරයක් පමණ වේ. නිරාවරණයට අමතරව ප්‍රතිබිම්බ තිරයෙහි ඇතිවන ආකාරයද ෂටර වේගය මගින් වෙනස් කෙරේ. වේගයෙන් චලනය වන වස්තුවක සුන්දරත්වය සටහන් කර ගැනීමට ඡායාරූපය අපැහැදිලි කිරීමට ඉතා දිගු ෂටර වේග භාවිතා කරයි.
 
සිදුර වෙනස් කිරීම මගින් ක්ෂේත්‍රයේ ගැඹුර තීරණය කරයි. මෙමගින් කොපමණ දුරක ඇති වස්තුවක් වුවද තියුණු ඡායාරූපයක් බවට පත් කළ හැකි ද යන්න තීරණය කරයි. සම්මතයකට අනුව සිදුරු ප්‍රවාහය දැක්වූ විට එක් සිදුරක සිට අනෙක් සිදුර වෙත යාමේ දී ආලෝක ප්‍රමාණය හරියටම දෙගුණ වීම හෝ හරි අඩක් වීම සිදු වේ. එක සිදුරු නැවතුමක් විවෘත කොට ෂටර වේගය එක් පියවරකින් අඩු කළ විට සමාන නිරාවරණයක් ලබා ගැනීමට ෂටර වේග සඳහා සම්මත 2:1 පරිමාණය භාවිතා කරන ලදී. මේ අනුව එකග වූ ෂටර වේග නම්,
* 1/1000 S
* 1/500 S
* 1/250 S
* 1/125 S
* 1/60 S
* 1/30 S
* 1/15 S
* 1/8 S
* 1/4 S
* 1/2 S
* 1 S
දිගු කාලීන නිරාවරණ සඳහා කැමරා ෂටර වේග යාන්ත්‍රණ 1 ක් හෝ 2 ක් භාවිතා වේ.
* B (බල්බය) - ෂටර නිදහස්කරණ අල්ලාගෙන සිටින තුරු ෂටර විවෘතයි.
* T (කාලය) - ෂටර නිදහස්කරණ නැවත වරෙක ඔබන තුරු ෂටරය විවෘතයි.
 
== පින්තූරය ==
 
 
අත් කැමරාවක මන්දගාමී ෂටර වේගය භාවිතා කොට දක්නට හැකි අපහැදිලි වීමකින් තොරව ඡායාරූපයක් ලබාගැනීම ඡායාරූප ශිල්පියාගේ හැකියාවයි. ඉතා ලංකොට ගන්නා හෝ විශාල කිරීමට බලාපොරොත්තු වන ඡායාරූපයක් ගැනීමේ දී අපැහැදිලි වීම වැළැක්වීම සඳහා වේගවත් ෂටර වේග භාවිතා කිරීමට සිදුවේ.
 
ෂටර ප්‍රමුඛතාවය ලබාදීම මගින් අර්ධ ස්වයංක්‍රීය කැමරාවක ෂටර වෙනස් කරයි. ශිල්පියා ඊට සුදුසු සිදුරු ප්‍රමාණය කැමරාව මගින් සකස් කරගනී.
 
 
 
 
 
== ආශ්‍රිත ලිපි ==
‎[[ඩිජිටල් ඡායාරූපකරණය]]
 
[[ප්‍රවර්ගය:ඡායාරූපකරණය]]
[[ප්‍රවර්ගය:ඡායාරූපකරණය]]
"https://si.wikipedia.org/wiki/ඡයාරූපකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි