"ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
237 පේළිය:
2010 වන විටත් [[සවුදි අරාබිය]], බෘනෙයි සහ කටාර් රාජ්‍යය යන රටවල් කිසිඳු ඔලිම්පික් උළෙලකට ක්‍රීඩිකාවන් සහභාගී කර නොතිබිණ. බෘනෙයි රාජ්‍යය වරකට එක් ක්‍රීඩකයා බැගින් වසර තුනකදී පමණක් ඔලිම්පික් නියෝජනය කර තිබුණි. නමුත් සවුදි අරාබිය සහ කටාර් රාජ්‍යය නිරතුරු ව ඔලිම්පික් නියෝජනය කළේ පිරිමි කණ්ඩයම් සමග පමණි. 2010 වසරේ දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා ක්‍රීඩා කමිටුවේ සභාපතිනිය වූ අනීතා ඩිෆ්‍රැන්ට්ස්, කාන්තාවන් සහභාගී නොකරවන්නේ නම් 2012 ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව ලබා නොදෙන බවට නිවේදනයක් නිකුත් කරමින් සවුදි අරාබියට සහ කටාර් රාජ්‍යයට කාන්තාවන් සහභාගී කරවීමට බල කළාය. ඉන් අනතුරුව 2012 ඔලිම්පික් උළෙලේ වෙඩි තැබීම සහ කඩු හරඹ ඉසව්වලට ක්‍රීඩිකාවන් සහභාගී කරවීමට තමන් බලාපොරොත්තු වන බව කටාර් රාජ්‍යය දන්වා සිටියේ ය.
 
2008 වසරේ දී ගල්ෆ් කටයුතු සම්බන්ධ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වූ අල් අල්-අහමඩ්, සවුදි අරාබිය වෙතට ත් පෙර කී පරිදි අනතුරු ඇඟවීමක් කරමින් පැවසුවේ කාන්තාවන්ට ඔලිම්පික් සඳහා සහභාගී වීමට අවස්ථවක් නොදීම අන්තර්ජාතික ඔලිම්පික් ප්‍රඥප්තිය උල්ලංගනය කිරීමක් බවය. තවදුරටත් ඔහු සඳහන් කළේ පසුගිය වසර 15ක කාලය පුරාම ලොව පුරා ඇති විවිධ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන විසින් සවුදි අරාබියට ඔලිම්පික් තහනම් කිරීම සඳහා නීති ගෙන ඒමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට බලපෑම් කරනු ලබන බව ය. ඔලිම්පික් සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි කර ගැනීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ගත් පියවර සාර්ථක විය. එනමුත් රටවල්වලට අනතුරු අඟවමින් ඔවුන්ගේ ඔලිම්පික් තත්ත්වය පහත හෙලීමේ හෝ අවලංගු කිරීමේ ස්ථාවරයක සිටීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අකමැති විය. <ref name="nytimes.com" /> 2010 ජූලි මාසයේ දී ''[[The Independent]]'' සඟරාව ඒ සම්බන්ධව මේ අයුරින් වාර්තා කර තිබිණි. "සවුදි අරාබියට ඔලිම්පික් තහනම් කිරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට කෙරෙන බලපෑම් එන්න එන්නම වැඩි වන අයුරු දක්නට ලැබේ. 2012 වසර වන විට කාන්තාවන්ට ඔලිම්පික් වරම් ලබා ගැනීම අවහිර කරන එකම ප්‍රධාන රාජ්‍යය සවුදි අරාබියයි. 2012 වසරේ දී ත් පිරිමි පමණක් සමන්විතත වනකණ්ඩායමක් ලන්ඩන් ඔලිම්පික් උළෙලට යවන්නේ නම්, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල උද්ඝෝෂණයන්ට මුහුණ දීමට ඔවුන්ට සිදු වනු ඇත.“<ref name="independent.co.uk" />
 
ඉතිහාසයේ ප්‍රථම වතාවට 2013 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී සහභාගී වූ සියලු රටවල් කාන්තාවන් සහභාගී කරවීම කැපී පෙනුන සිදුවීමකි.<ref>{{cite web|title=Saudis to send 2 women to London, make history|url=http://sportsillustrated.cnn.com/2012/olympics/2012/07/12/saudi-arabia-women-london-olympics.ap/index.html|publisher=SI.com|accessdate=13 July 2012}}</ref> සවුදි අරාබියෙන් ක්‍රීඩිකාවන් දෙදෙනක ද කටාර් රාජ්‍යයෙන් සිව් දෙනකු ද, බෘනෙයි දේශයෙන් එක් ක්‍රීඩිකාවක ද (මීටර් 400 කඩුළු පැනීමට සහභාගි වූ මාසියා මහුසින්) සහභාගී කරවූහ. කටාර් රාජ්‍යයයේ ඔලිම්පික් සඳහා ප්‍රථම කාන්තා නියෝජනය වූ බාහියා අල්-හමඩ් (වෙඩි තැබීම) විසින් 2012 ලන්ඩන් සමාරම්භක උළෙලේ කටාර් ධජය රැගෙන යන ලදී. <ref>[http://www.bbc.co.uk/news/world-middle-east-18813543 "London 2012 Olympics: Saudi Arabian women to compete"], BBC, 12 July 2012</ref> ලන්ඩන් උළෙලේ මීටර් 1500 ධෘවන තරගයේ ලෝකඩ පදක්කම් දිනා ගත් බහරේන් ක්‍රීඩිකා මරියම් යුසුෆ් ජමාල්, ගල්ෆ් කලාපයේ ප්‍රථම ඔලිම්පික් පදක්කම් ලාභිනිය බවට පත් වූවාය.<ref>http://english.alarabiya.net/articles/2012/08/13/232068.html</ref>
"https://si.wikipedia.org/wiki/ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි